ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්ලේට් තරග වටයේ අද නිමාවූ තරග තුනම ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
හලාවත මේරියන්ස් පිලට එරෙහිව කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී බඳුරලිය ක්‍රීඩා සමාජයේ දිල්ෂාන් ද සොයිසා පළමු ඉනිමේදී පන්දු 218කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 112ක් හා දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 53ක් ලබා දස්කම් දැක්වීය.
මේ සති අන්තයේ නිමාවූ තරගවලදී නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජයේ පැතුම් කුමාර කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 180කදී හතරේ පහර 17ක් සමඟ නොදැවී ලකුණු 121ක්, තරගාවලියේ පිට පිට දෙවැනි ශතකය ඊයේ වාර්තා කළ හලාවත මේරියන්ස් පිලේ ෂම්මු අෂාන් බඳුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 173කදී හතරේ පහර 9ක් සමඟ ලකුණු 101ක් හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ ගයාන් මනීෂාන් නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 233කදී හතරේ පහර 8ක් සමඟ ලකුණු 112ක් එක් කළහ.
අද දිනයේ අර්ධ ශතක වාර්තා කරමින් පානදුර ක්‍රීඩා සමාජයේ විශ්ව චතුරංග ලකුණු 57ක්, කාංචන ද ලිවේරා ලකුණු 79ක් හා විශ්ව ළහිරු ලකුණු 52ක්, ටැමිල් යූනියන් පිලේ සචිත ජයතිලක නොදැවී ලකුණු 57ක්, හලාවත මේරියන්ස් පිලේ තනුක දාබරේ ලකුණු 85ක්, බඳුරලිය ක්‍රීඩා සමාජයේ රොෂාන් විජේනායක නොදැවී ලකුණු 57ක් එක් කළහ. පන්දු යැවීමේදී කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ කසුන් ඒකනායක ලකුණු 63කට කඩුලු 5ක් බිද හෙලීය.
ලකුණු සාරාංශය
පානදුර ක්‍රීඩා සමාජය හා ටැමිල් යූනියන් අතර තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී ජය පරාජයෙන් තොරයි
පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 78.5කදී සියලු දෙනා දැවී ලකුණු 288
ඔෂධ ප්‍රනාන්දු 16, විශ්ව චතුරංග 28, ෂලිත් ප්‍රනාන්දු 90, දුෂාන් විමුක්ති 37, සසිඳු මල්ෂාන් 40, විශ්ව ළහිරු 38 අතිරේක 29 (ළහිරු සමරකෝන් 55/2, තරුඳු රත්නායක 84/2, විජේකාන්ත් වියෙස්කාන්ත් 63/4)
ටැමිල් යූනියන් පළමු ඉනිම ඕවර් 50.3කදී සියලු දෙනා දැවී ලකුණු 187
නවෝද් පරණවිතාන 26, ළහිරු සමරකෝන් 19, විජේකාන්ත් වියෙස්කාන්ත් 33, කවිඳු දිල්හාර 16, අතිරේක 17 (මොහොමඩ් දිල්ෂාඩ් 19/2, දුෂාන් විමුක්ති 53/5)
පානදුර ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ඕවර් 77.5කදී සියලු දෙනා දැවී ලකුණු 321
ඔෂධ ප්‍රනාන්දු 31, විශ්ව චතුරංග 57, කාංචන ද ලිවේරා 79, සසිඳු මල්ෂාන් 31, විශ්ව ළහිරු 52, නිසල තාරක 44 (තරුඳු රත්නායක 139/4, විහස් තෙව්මික 41/3)
ටැමිල් යූනියන් දෙවැනි ඉනිම ඕවර් 21කදී කඩුලු 6ක් දැවී ලකුණු 171
නවෝද් පරණවිතාන 43, තරුඳු රත්නායක 19, සචිත ජයතිලක නොදැවී 57, නොදැවී 19 (ඔෂධ ප්‍රනාන්දු 86/4, දුෂාන් විමුක්ති 63/2)
කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ජය පරාජයෙන් තොරයි
කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 127.4කදී සියලු දෙනා දැවී ලකුණු 365
ගයාන් මනීෂාන් 112, මනෝජ් සරත්චන්ද්‍ර 39, ලක්ෂාන් එදිරිසිංහ 45, චමෝද් සඳරු නොදැවී 92, චාමික එදිරිසිංහ 38 (නිපුන් මාලිංග 70/6, අබ්දූල් හකාම් 104/2)
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 90.1කදී සියලු දෙනා දැවී ලකුණු 282
ලොහාන් ද සොයිසා 33, ප්‍රමුද් හෙට්ටිවත්ත 23, පැතුම් කුමාර නොදැවී 121, කෙවින් පෙරේරා 20, අක්රම් මුතිලිෆ් 44 (කසුන් ඒකනායක 63/5, දිනුෂ්ක මාලන් 72/2, චාමිකර එදිරිසිංහ 48/2)
කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම ඕවර් 39කදී කඩුලු 8ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 137
යොහාන් මැද්දගේ 49, කෙවින් අබේසිංහ 15, මනෝජ් සරත්චන්ද්‍ර 15, ධනුෂ්ක මාලන් නොදැවී 21 (ලොහාන් ද සොයිසා 34/2, අබ්දූල් හකාම් 30/3)
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ඕවර් 8කදී කඩුලු 4ක් දැවී ලකුණු 59
මධුෂ්ක ලියනපතිරණ 20, කෙවින් පෙරේරා 19 (චාමිකර එදිරිසිංහ 25/2)
බඳුරලිය – හලාවත මේරියන්ස් අතර තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී ජය පරාජයෙන් තොරයි
හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම ඕවර් 81.2කදී සියලු දෙනා දැවී ලකුණු 244
තනුක දාබරේ 16, උදයවංශ පරාක්‍රම 28, තරින්දු අමරසිංහ 19, ෂම්මු අෂාන් 101, කසුන් විදුර 43, (බුද්ධික සංජීව 87/4, සුමින්ද ලක්ෂාන් 51/5)
බඳුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 104කදී සියලු දෙනා දැවී ලකුණු 290
විනුර දුල්සර 59, රොෂාන් විජේනායක 18, දිල්ෂාන් ද සොයිසා 112, සුමින්ද ලක්ෂාන් 29 (තීක්ෂල ද සිල්වා 74/3, නිම්සර අතරගල්ල 54/3, චලන ද සිල්වා 71/3)
හලාවත මේරියන්ස් පිල දෙවැනි ඉනිම ඕවර් 28කදී කඩුලු 5ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 206
ලසිත් ලක්ෂාන් 32, තනුක දාබරේ 85, තරින්දු අමරසිංහ 23, කසුන් විදුර 15, තීක්ෂල ද සිල්වා 29 (කේසර නුවන්ත 64/4)
බඳුරලිය ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ඕවර් 33කදී කිසිවෙකු නොදැවී ලකුණු 111
රොෂාන් විජේනායක නොදැවී 57, දිල්ෂාන් ද සොයිසා නොදැවී 53,






