slc
logo
Home   |    News
පෙබරවාරි 8, 2026
ටැමිල් යූනියන් පිලට ඉනිමක හා ලකුණු 141ක ජයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්ලේට් තරග වටයේ අද (7) ටැමිල් යූනියන් පිල ඉනිමක හා ලකුණු 141කින් නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය පරාජයට පත් කළේය.

කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ටැමිල් යූනියන් පිලේ ආරම්භක පන්දු යවන ළහිරු සමරකෝන් පළමු ඉනිමේදී ලකුණු 38කට කඩුලු 7ක් හා ‍දෙවැනි ඉනිමේදී ලකුණු 44කට කඩුලු 6 බිදහෙලිමත් සමඟ නුගේගොඩ පිලට මෙම පරාජය අත්විය.

නු‍ගේගොඩ පිල පළමු ඉනිමේ ලකුණු 88කට සීමාවූ අතර, ටැමිල් යූනියන් පිල පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 417ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූ හෙයින් පළමු ඉනිමේ ලකුණු තත්ත්වය අනුව ටැමිල් යූනියන් පිල ලකුණු 329ක් ඉදිරියෙන් සිටියේය. දෙවැනි ඉනිමේදී නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය ලකුණු 188කට දැවී ගියේය. ටැමිල් යූනියන් පිල වෙනුවෙන් නවෝද් පරණවිතාන ලකුණු 126ක් ලබාගත් අතර, මිනෝද් භානුක ලකුණු 61ක් හා සාරුජාන් ෂන්මුගනාදන් නොදැවී ලකුණු 51ක් ලබා ගත්හ.

හලාවත මේරියන්ස් පිලේ ෂම්මු අෂාන් පිට පිට තරග තුනකදී ශතක තුනක් වාර්තා කරමින් අද දින කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 93කදී හතරේ පහර 8ක් හා හයේ පහර 3ක් සමඟ ලකුණු නොදැවී ලකුණු100ක් ලබා ගැනීමට සමත් විය.පානදුර ක්‍රීඩා සමාජයේ ඔෂධ ප්‍රනාන්දු බඳුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 163කදී හතරේ පහර 10ක් සමඟ ලකුණු 109ක් ලබා ගැනීමට සමත් වූවේය.

අද දිනයේ අර්ධ ශතක වාර්තා කළ පිතිකරුවන් අතර පානදුර ක්‍රීඩා සමාජයේ කාංචන ද ලිවේරා ලකුණු 64ක්, හලාවත මේරියන්ස් පිලේ තරිඳු අමරසිංහ ලකුණු 61ක්, කසුන් විදුර ලකුණු 57ක්, නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජයේ අක්රම් මුතාලිෆ් ලකුණු 57ක් හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ මනෝජ් සරත්චන්ද්‍ර ලක්ණු 65ක් ලබා ගත්හ.

පන්දු යැවීමේදී පානදුර ක්‍රීඩා සමාජයේ විශ්ව ළහිරු ලකුණු 55කට කඩුලු 5ක් පිදහෙලීමට සමත් වූවේය.

ලකුණු සාරාංශය

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය හා ටැමිල් යූනියන් අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී. ටැමිල් යූනියන් පිලට ඉනිමක හා ලකුණු 141ක ජයක්.

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 33.3කදී සියලු දෙනා දැවී ලකුණු 88
ප්‍රමුද් හෙට්ටිවත්ත 31, අනුක් ප්‍රනාන්දු 13(ළහිරු සමරකෝන් 38/7, තරි ඳු රත්නායක 23/2)

ටැමිල් යූනියන් පිල පළමු ඉනිම ඕවර් 123කදී කඩුලු 6ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 417
නවෝද් පරණවිතාන 128, තුලින දිල්ෂාන් 33, සිනෙත් ජයවර්ධන 29, විහස් තෙව්මික 46, මිනෝද් භානුක 61, සාරුජාන් ෂන්මුගනාදන් නොදැවී 51, සචිත ජයතිලක 37(තිලකරත්න සම්පත් 89/3, සුවත් මෙන්ඩිස් 71/3)

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ඕවර් 88.3කදී සියලු දෙනා දැවී ලකුණු 188
පැතුම් කුමාර 29, අක්රම් මුතාලිෆ් 57, සුවත් මෙන්ඩිස් නොදැවී 36 (ළහිරු සමරකෝන් 44/6, විජයකාන්තා වියෙස්කාන්ත් 60/2)

බඳුරලිය ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ජය පරාජයෙන් තොරයි

බඳුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 92.1කදී සියලු දෙනා දැවී ලකුණු 297
දිල්ෂාන් ද සොයිසා 91, සුමින්ද ලක්ෂාන් 48, අයන සිරිවර්ධන 89, මානස මධුභාෂණ 17, ‍කේසර නුවන්ත 18 (නිසල තාරක 27/2, අසංක මනෝජ් 62/3, දුෂාන් විමුක්ති 57/2, විශ්ව ළහිරු 75/2)

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 70.3කදී සියලු දෙනා දැවී ලකුණු 312
විශ්ව චතුරංග 27, ඹෂධ ප්‍රනාන්දු 109, ෂලිත් ප්‍රනාන්දු 36, දුෂාන් විමුක්ති 24, කාංචන ද ලිවේරා 64 ( මානස මධුභාෂණ 88/2, ‍කේසර නුවන්ත 76/4, සුමින්ද ලක්ෂාන් 49/3)

බඳුරලිය ක්‍රීඩා සමාජය ‍දෙවැනි ඉනිම ඕවර් 43කදී කඩුලු 7ක් දැවී ලකුණු 171
රොෂාන් විජේනායක 25, විනුර දිල්ෂාන් 34, ගිහාන් කෝරළගේ 32, සුමින්ද ලක්ෂාන් 26 (විශ්ව ළහිරු 55/5)

සුමින්ද ලක්ෂාන් 48, අයන සිරිවර්ධන 89, මානස මධුභාෂණ 17, ‍කේසර නුවන්ත 18 (නිසල තාරක 27/2, අසංක මනෝජ් 62/3, දුෂාන් විමුක්ති 57/2, විශ්ව ළහිරු 75/2)

හලාවත මේරියන්ස් හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී ජය පරාජයෙන් තොරයි

හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම ඕවර් 45.5කදී කඩුලු 9ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 149
තනුක දාබරේ 91, කසුන් විදුර 21, (සමීර සඳමාල් 24/2, චාමික එදිරිසිංහ 21/2)

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 64.1කදී සියලු දෙනා දැවී ලකුණු 268
යොහාන් මද්ද‍ගේ 85, ලක්වින් අඹේසිංහ 85, රවින්ද්‍ර කරුණාරත්න 38, මනෝජ් සරත්චන්ද්‍ර 35 (තීක්ෂල ද සිල්වා 16/2, ඉරුෂ්ක තිමිර 38/4, තනුක දාබරේ 50/3)

හලාවත මේරියන්ස් පිල දෙවැනි ඉනිම ඕවර් 42.2කදී කඩුලු 5ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 289
තනුක දාබරේ 23, තරිඳු අමරසිංහ 61, ෂම්මු අෂාන් නොදැවී 100, තීක්ෂල ද සිල්වා 33, කසුන් විදුර 57, (සමීර සඳමාල් 54/2, ගීතික ද සිල්වා 83/2)

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම ඕවර් 34.3කදී කඩුලු 5ක් දැවී ලකුණු 172
ලක්වින් අඹේසිංහ 22, රවින්ද්‍ර කරුණාරත්න 15, මනෝජ් සරත්චන්ද්‍ර 65, ලක්ෂාන් එදිරිසිංහ ‍නොදැවී 40 (තීක්ෂල ද සිල්වා 57/2, ඉරුෂ්ක තිමිර 35/2)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee