slc
logo
Home   |    News
මාර්තු 25, 2026
නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැන්න අප්‍රේල් 06 දා ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය මෙවරත් අප්‍රේල් මස 06 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ. පස්වැනි වතාවටත් පැවැත්වෙන මෙවර තරගාවලිය මැයි මස 07 වැනිදා පැවැත්වීමට නියමිතය.

දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක පිහිටා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ආශ්‍රිතව මෙම තරගාවලියේ සියලුම තරග පැවැත්වෙනු ඇත.

ගාල්ල, මහනුවර, කොළඹ සහ දඹුල්ල යන කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ ඇති ජාත්‍යන්තර ක්‍රීඩාංගණ 3 කදී පැවැත්වෙන ඇත. හම්බන්තොට මහින්ද රාජපක්ෂ, රංගිරි දඹුල්ල සහ කොළඹ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් මෙවර තරගාවලිය පැවැත්වෙනු  ඇත.

දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට වැදගත් වේදිකාවක් සැපයෙන මෙම තරගාවලිය අවසන් මහ තරගයද ඇතුළුව සමස්ථ තරග 7 ක් පැවැත්වෙනු ඇත. අවසන් මහ තරගය මැයි මස 04 වැනිදා සිට 07 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

අවසන් වතාවට පැවැති නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ගාල්ල කණ්ඩායම සමත්විය. ඔවුන් අවසන් වතාවට පැවැති වසර දෙකේදීම එම ශූරතා කුසලාන දිනා ගැනීම කැපී පෙනෙයි.

දිනයසත්කාරකආගන්තුකක්‍රීඩාංගණය
අප්‍රේල් 06-09ගාල්ලමහනුවරරංගිරි දඹුල්ල
 දඹුල්ලකොළඹආර්. ප්‍රේමදාස
අප්‍රේල් 19-22කොළඹමහනුවරරංගිරි දඹුල්ල
 දඹුල්ලගාල්ලආර්. ප්‍රේමදාස
අප්‍රේල් 25-28මහනුවරදඹුල්ලහම්බන්තොට
 ගාල්ලකොළඹරංගිරි දඹුල්ල
මැයි 04-07අවසන් මහ තරගයආර්. ප්‍රේමදාස

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee