slc
logo
Home   |    News
මාර්තු 28, 2026
කමිල් මිෂාර හා නදීර බාලසූරිය ශතක ලබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ අද (28) පළමු දිනය නිමාවූ තරගවලදී එන්සීසී පිලේ කමිල් මිෂාර ‍කොල්ට්ස් පිලට එරෙහිව හා පොලිස් පිලේ නදීර බාලසූරිය ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයට එරෙහිව ශතක රැස් කළහ.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ‍‍‍යේදී කමිල් මිෂාර පන්දු 159කදී හයේ 3ක් හා හතරේ පහර 13ක් සමඟ නොදැවී ලකුණු 160ක් ලබා සිටින අතර, එන්සීසී ක්‍රීඩා පිටියේදී නදීර බාලසූරිය පන්දු 123කදී හයේ 2ක් හා හතරේ පහර 21ක් සමඟ ලකුණු 130ක් රැස් කිරීමට සමත් වූවේය.

අද දින අර්ධ ශතක වාර්තා කරමින් පොලිස් පිලේ ප්‍රියමාල් පෙ‍රේරා ලකුණු 83ක්, සීසීසී පිලේ නිශාන් මධුෂ්ක ලකුණු 74ක්, ධනංජය ද සිල්වා ලකුණු 64ක් හා පවන් රත්නායක නොදැවී ලකුණු 83ක්, එන්සීසී පිලේ නිරෝෂන් දික්වැල්ල ලකුණු 54ක් හා ළහිරු උදාර ලකුණු 94ක්, බීආර්සී පිලේ රිසිර වීරසූරිය ලකුණු 58ක්, රමිඳු විජේසූරිය ලකුණු 77ක් හා ප්‍රමෝද් මධුවන්ත නොදැවී ලකුණු 79කින් දස්කම් දැක්වූහ.

ලකුණු සාරාංශය

පොලිස් හා ඒස් කැපිටල් අතර තරගය එන්සීසී පිටියේදී

පොලිස් පිල පළමු ඉනිම ඕවර් 68.5කදී සියලු දෙනා දැවී ලකුණු 286
සංගීත් ‍ෂෙහාර 40, නදීර බාලසූරිය 130, ප්‍රියමාල් පෙ‍රේරා 83, (ඉසිත විජේසුන්දර 76/3, චමෝද් බැට්ටගේ 57/3)

ඒ්ස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 6කදී කඩුලු 1ක් දැවී ලකුණු 26
පවන්ත වීරසිංහ නොදැවී 17, පවන් පතිරාජ නොදැවී 9

සීසීසී – මුවර්ස් අතර ‍තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටි‍යේදී

සීසීසී පළමු ඉනිම ඕවර් 81.3කදී කඩුලු 7ක් දැවී ලකුණු 319
නිශාන් මධුෂ්ක 94, දුල්නිත් සිගේරා 30, ධනංජය ද සිල්වා 64, පවන් රත්නායක නොදැවී 83, සොනාල් දිනූෂ 17 (සන්තුෂ් ගුණතිලක 39/3)

එන්සීසී හා කෝල්ට්ස් අතර තරගය පල්‍ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

එන්සීසී පළමු ඉනිම ඕවර් 79කදී කඩුලු 7ක් දැවී ලකුණු 393
නිරෝෂන් දික්වැල්ල 54, ළහිරු උදාර 94, කමිල් මිෂාර නොදැවී 160, අහන් වික්‍රමසිංහ 20, කවිඳු පතිරත්න 30, අශේන් ඩැනියෙල් (කවිෂ්ක අංජුල 66/2, අකිල ධනංජය 121/3)

බීආර්සී – බ්ලූම්ෆීල්ඩ් අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

බීආර්සී පළමු ඉනිම ඕවර් 87කදී කඩුලු 5ක් දැවී ලකුණු 308
රිසිර වීරසූරිය 58, රසිත් උපමාල් 25, හේෂාන් ධනුෂ්ක 19, හෂාන් දුමිඳු 19, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 79, රමිඳු විජේසූරිය 77, චාමික හීනටිගල නොදැවී 20 (දෙවිඳු තිලකරත්න 36/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee