slc
logo
Home   |    News
මාර්තු 1, 2026
කොදෙව් කාන්තාවෝ ලකුණු 49 කට දැවී යති

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර සාන්ත ජෝර්ජියා ජාතික ක්‍රීඩාංගණය හිදී සෙනසුරාදා පැවැති ප්‍රථම විස්සයි 20 තරගය අයහපත් කාලගුණය හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමේ නායිකාව හේලි මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළාය. එහෙත් ඔවුන්ගේ ඉනිම පන්දුවාර 13.3ක් තුළ ලකුණු 49කට සියලු ක්‍රීඩිකාවන් දැවී අවසන් විය. කිසිදු පිතිකාරිනියකට ලකුණු 7 ඉක්මවා රැස් කිරීමට නොහැකි විය. මෙය කොදෙව් කාන්තා කණ්ඩායමක් විස්සයි-20 තරගයකදී දැවී ගිය දෙවැනි අඩුම ලකුණු මෙන්ම ශ්‍රී ලංකාව හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛයාව ලෙසින් සනිටුහන් විය. මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමක් දැවී ගොස් ඇති අඩුම ලකුණු සංඛ්‍යාව වන්නේ එංගලන්ත කාන්තා පිල හමුවේ 2022 වසරේ පැවැති තරගයකදී දැවී ගිය ලකුණු 43 වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ 25 හැවිරිදි කවීෂා දිල්හාරි පන්දුවාර 2.3ක් තුළ ලකුණු 5කට කඩුලු 3ක් දවාගත්තාය. ඇය දකුණතින් පිට දඟ හා පා දඟ පන්දු යවන ක්‍රීඩිකාවක් වන අතර රත්ගම දේවපතිරාජ විදුහලේ ආදි ශිෂ්‍යාවකි. මීට අමතරව සුගන්ධිකා කුමාරි, මල්කි මදාරා සහ ඉනෝකා රණවීර කඩුලු 2 බැගින් දවාගත්හ.

ලකුණු 50ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 2.5ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 7ක් ලබා සිටියේය.

ආරම්භක පිතිකාරිනියන් වන චමරි අතපත්තු නොදැවී ලකුණු 5ක් සහ හසිනි පෙරේරා නොදැවී ලකුණු 2ක් ලබා සිටියහ.

ලකුණු විස්තරය

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම – පන්දුවාර 13.3කදී සියලු දෙනා දැවී ලකුණු 49
ෂෙමේන් කැම්බල් 7, ආලියා ඒලේන් නොදැවී 7, කුයිනා ජෝශප් 7
කවීෂා දිල්හාරි 5/3, සුගන්ධිකා කුමාරි 8/2, මල්කි මදාරා 9/2, ඉනෝකා රණවීර 16/2

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – පන්දුවාර 2.5කදී කිසිවෙකු නොදැවී ලකුණු 7
චමරි අතපත්තු නොදැවී 5, හසිනි පෙරේරා නොදැවී 2

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee