ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (15) නිමාවූ සුපිරි 8 වටයේ තරගවලදී කොල්ට්ස් පිල කඩුලු 7කින් හා මුවර්ස් කඩුලු 4කින් පූර්ණ ජය වාර්තා කළහ.
නිමාවූ තරගවලදී එන්සීසී පිලේ ළහිරු උදාර හා පිලේ ධනංජය ද සිල්වා ද්විත්ව ශතක වාර්තා කිරීමට සමත් වූහ. ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 315කදී හතරේ පහර 25ක් හා හයේ පහර 4ක් සමඟ ලකුණු 261ක් වාර්තා කිරීමට සමත් වූවේය. ධනංජය ද සිල්වා පන්දු 291කදී හයේ පහරක් හා හතරේ පහර 21ක් සමඟ ලකුණු 204ක් ලැබූ අතර, එන්සීසී පිලේ කමිල් මිෂාර පන්දු 210කදී හතරේ පහර 12ක් හා හයේ පහර 3ක් සමඟ ලකුණු 149ක්, සීසීසී පිලේ අන්ජල බණ්ඩාර පන්දු 200කදී හයේ පහර 3ක් හා හතරෙ පහර 16ක් සමඟ ලකුණු 151ක් වාර්තා කළේය.
අද දින අර්ධ ශතක වාර්තා කළ පිතිකරුවන් අතර, ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ රනේෂ් සිල්වා ලකුණු 50ක්, කෝලට්ස් ක්‍රිකට් සමාජයේ සංගීත් කුරේ ලකුණු 52ක්, බ්ලුම්ෆීල්ඩ් පිලේ
රොන් චන්ද්‍රගුප්ත ලකුණු 71ක් හා ජනිත් ලියනගේ නොදැවී ලකුණු 83ක්, බීආර්සී පිලේ යසිරු රැද්‍රිගූ ලකුණු 59ක් හා මුවින් අභිනාෂ් ලකුණු 55ක් ලැබූහ.
පන්දු යැවීමේදී කෝල්ට්ස් පිලේ අකිල ධනංජය පළමු ඉනිමේ කඩුලු 2ක් හා දෙවැනි ඉනිමේ කඩුලු 7ක් ලෙස ඒස් කැපිටල් කඩුලු 9ක් බිදහෙලීමට සමත් වූවේය. එමෙන්ම සීසීසී පිලේ නිශාන් පීරිස් බීආර්සී පිලේ කඩුලු 6ක් ලකුණු 66කට බිද හෙලීය.
ලකුණු සාරාංශය
සීසීසී ක්‍රීඩා පිටියේ පැවැති ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය හා කෝලට්ස් අතර තරගයෙන් කොල්ට්ස් පිලට කඩුලු 7ක ජයක්
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 77.3කදී සියලු දෙනා දැවී ලකුණු 290
පවන්ත වීරසිංහ 61, නිමේෂ ගුණසිංහ 20, කවිඳු ආමන්ත 26, කවිඳු කුලසේකර 61, රනේෂ් සිල්වා 42, රවීන් ද සිල්වා නොදැවී 35, ඉසිත විජේසුන්දර 21 (උදිත් මධුෂාන් 54/2, දුනිත් වෙල්ලාලගේ 48/2, අකිල ධනංජය 75/2)
කෝලට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 77.1කදී සියලු දෙනා දැවී ලකුණු 282
සංගීත් කුරේ 27, ධනංජය ලක්ෂාන් 46, ඇන්ජලෝ මැතිව්ස් 63, දුනිත් වෙල්ලාලගේ 60, මුදිත් ලක්ෂාන් 54 ( ඉසිත විජේසුන්දර 47/4, චමොද් බැට්ටගේ 57/3)
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම ඕවර් 62.4කදී සියලු දෙනා දැවී ලකුණු 169
පවන්ත වීරසිංහ 35, රනේෂ් සිල්වා 50, කවිඳු කුලසේකර 34, රවීන් ද සිල්වා නොදැවී 22 (අකිල ධනංජය 69/7, දුනිත් වෙල්ලාලගේ 37/2)
කෝලට්ස් ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම ඕවර් 26.2කදී කඩුලු 3ක් දැවී ලකුණු 178
සංගීත් කුරේ 52, දිනේෂ් චන්දිමාල් 45, ධනංජය ලක්ෂාන් 18, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 48 (වනුජ සහන් 73/2)
කෝල්ට්ස් පිටියේදී පැවැති බ්ලුම්ෆීල්ඩ් හා මුවර්ස් අතර තරගෙන් කෝල්ට්ස් පිලට කඩුලු 4ක ජයක්
බ්ලුම්ෆීල්ඩ් පිල පළමු ඉනිම ඕවර් 72කදී සියලු දෙනා දැවී ලකුණු 229
රොන් චන්ද්‍රගුප්ත 16, අසිත වන්නිනායක 36, ජනිත් ලියනගේ 32, තරිඳු හර්ෂණ 59, ජෙෆ්රි වැන්ඩර්සේ 63 (චානුක දිල්ෂාන් 67/4, ඉම්තියාස් සල්සා 42/2)
මුවර්ස් පිල පළමු ඉනිම ඕවර් 86කදී සියලු දෙනා දැවී ලකුණු 322
සොහාන් ද ලිවේරා 43, ශිරාන් ප්‍රනාන්දු 16, පසිඳු සූරියාරච්චි 16, ෂෙහාන් ප්‍රනාන්දු 32, රමේෂ් මෙන්ඩිස් 96, මිලාන් රත්නායක 75 (දෙවිඳු තිලකරත්න 69/3, ජනිත් ලියනගේ 44/4)
බ්ලුම්ෆීල්ඩ් පිල දෙවැනි ඉනිම ඕවර් 53කදී කඩුලු 6ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 239
රොන් චන්ද්‍රගුප්ත 71, කසුන් අබේරත්න 21, ජනිත් ලියනගේ නොදැවී 83, ළහිරු මධුසංඛ නොදැවී 19 (ඉම්තියාස් සල්සා 33/2, රමේෂ් මෙන්ඩිස් 85/4)
මුවර්ස් පිල දෙවැනි ඉනිම ඕවර් 35.2කදී කඩුලු 6ක් දැවී ලකුණු 152
ජනිෂ්ක පෙරේරා 20, සදීර සමරවික්‍රම 34, සොහාන් ද ලිවේරා 26, ශිරාන් ප්‍රනාන්දු 19, රමේෂ් මෙන්ඩිස් නොදැවී 25, මිලාන් රත්නායක නොදැවී 18 (දෙවිඳු තිලකරත්න 35/2, රවිඳු ප්‍රනාන්දු 72/3)
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවැති එන්සීසී හා පොලිස් අතර තරගය ජය පැරදුමෙන් තොරයි
එන්සීසී පළමු ඉනිම ඕවර් 126කදී කඩුලු 9ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 631
පැතුම් නිශ්ශංක 77, ළහිරු උදාර 261, නිරෝෂන් දික්වැල්ල 35, කමිල් මිෂාර 149, අහන් වික්‍රමසිංහ 44, සහන් ආරච්චිගේ 22, චාමික කරුණාරත්න නොදැවී 22 (දිලුම් සුධීර 211/5, සුපුන් මධුසංඛ 116/2)
පොලිස් පළමු ඉනිම ඕවර් 84.4කදී සියලු දෙනා දැවී ලකුණු 237
අවිශ්ක තරිඳු 29, ධනුජ ඉඳුවර 45, දුලාෂ් උදයංග 47, රශ්මික හිරුෂාන් 40, සුපුන් මධුසංඛ නොදැවී 44 (චාමික කරුණාරත්න 49/2, කවිඳු පතිරත්න 32/4, ශක්ති උදාර 56/2)
පොලිස් දෙවැනි ඉනිම ඕවර් 53කදී කඩුලු 6ක් දැවී ලකුණු 206
අවිශ්ක තරිඳු 18, දුලාෂ් උදයංග 31, ප්‍රියමාල් පෙරේරා 34, රශ්මික හිරුෂාන් 70, (ශක්ති උදාර 56/4)
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවැති සීසීසී හා බීආර්සී අතර තරගය ජය පරාජ නෑ
සීසීසී පළමු ඉනිම ඕවර් 116.2කදී කඩුලු 6ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 532
දුල්නිත් සිගේරා 81, ලසිත් කෘස්පුල්‍ලේ 37, ධනංජය ද සිල්වා 204, පවන් රත්නායක 16, අන්ජල බණ්ඩාර 151 (යසිරු රුද්‍රිගූ 69/2, මුවින් අභිනාෂ් 113/3)
බීආර්සී පළමු ඉනිම ඕවර් 85.5කදී සියලු දෙනා දැවී ලකුණු 243
රසිත් උපමාල් 35, රමින්ද විජේසූරිය 35, යසිරු රැද්‍රිගූ 59, මුවින් අභිනාෂ් 55 (නිශාන් පීරිස් 66/6, විශ්ව ප්‍රනාන්දු 36/2, සොනාල් දිනූෂ 52/2)
බීආර්සී දෙවැනි ඉනිම ඕවර් 29කදී කඩුලු 2ක් දැවී ලකුණු 65
හේෂාන් ධනුෂ්ක පෙරේරා 18, ගජිත කොඩිතුවක්කු 34 (චමිඳු විජේසිංහ 10/1, සොනාල් දිනූෂ 14/1)





