slc
logo
Home   |    News
මාර්තු 21, 2026
ද්විත්ව ශතක‍ෙන් පසු ළහිරුගෙන් තවත් ශතකයක්
පොලිස් පිලේ ප්‍රියමාල්ගෙන් නොදැවී 143යි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ පසුගිය සති අන්තයේ ද්විත්ව ශතකයක් වාර්තා කළ එන්සීසී පිලේ ළහිරු උදාර අද (20) දිනයේ බ්ලූම්ෆීල්ඩ් පිලට එරෙහිව පන්දු 129කදී හයේ පහරක් හා හතරේ පහර 12ක් සමඟ ලකුණු 126ක් ලබාගත් අතර, පොලිස් පිලේ ප්‍රියමාල් පෙ‍රේරා පන්දු 246කදී හතරේ පහර 16ක් සමඟ නොදැවී 143ක් ලබා ශතක වාර්තා කළේය.

අද පළමු දිනයේ අර්ධ ශතක වාර්තා කරමින් පොලිස් පිලේ අශේන් බණ්ඩාර ලකුණු 60ක් හා සුපුන් මධුසංඛ ලකුණු 65ක්, ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ පවන්ත වීරසිංහ ලකුණු 51ක් හා රනේෂ් සිල්වා ලකුණු 76ක්, කෝලට්ස් ක්‍රිකට් සමාජයේ දිනේෂ් චන්දිමාල් ලකුණු 67ක් හා ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 88ක්, එන්සීසී පිලේ කමිල් මිෂාර ලකුණු 61ක් හා චාමික කරුණාරත්න 61ක් ලබා දස්කම් දැක්වූහ.

ලකුණු සාරාංශය

පොලිස් හා මුවර්ස් අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී

පොලිස් පළමු ඉනිම ඕවර් 85කදී කඩුලු 7ක් දැවී ලකුණු 320
නදීෂ බාලසූරිය 21, අශේන් බණ්ඩාර 60, ප්‍රියමාල් පෙ‍රේරා නොදැවී 143, සුපුන් මධුසංඛ 65 (ෂිරාන් ප්‍රනාන්දු 59/4, තිලංග උදේශන 47/2)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය හා සීසීසී අතර ‍කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 89කදී කඩුලු 7ක් දැවී ලකුණු 249
පවන්ත වීරසිංහ 51, රනේෂ් සිල්වා 76, රවීන් ද සිල්වා 49, සුපුන් වඩුගේ නොදැවී 16 (නිශාන් පීරිස් 58/2, ඉනුක කරන්නාගොඩ 57/3)

කෝලට්ස් – බීආර්සී අතර තරගය එන්සීසී ක්‍රීඩා පිටියේදී

කෝලට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 88කදී කඩුලු 5ක් දැවී ලකුණු 325
සංගීත් කු‍රේ 30, දිනේෂ් චන්දිමාල් 67, ධනංජය ලක්ෂාන් 44, ඇන්ජලෝ මැතිව්ස් ‍නොදැවී 88, මුදිත් ලක්ෂාන් 39, සුඛිත මනෝජ් නොදැවී 44 (යසිරු රුද්‍රිගූ 94/4)

එන්සීසී හා බ්ලූම්ෆීල්ඩ් අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

එන්සීසී පළමු ඉනිම ඕවර් 83කදී කඩුලු 7 දැවී ලකුණු 386
නිරෝෂන් දික්වැල්ල 21, ළහිරු උදාර 126, කමිල් මිෂාර 61, අහන් වික්‍රමසිංහ 39, සහන් ආරච්චිගේ 35, චාමික කරුණාරත්න 61, කවිඳු පතිරත්න නොදැවී 29 (රවිඳු ප්‍රනාන්දු 95/2, දුවිඳු තිලකරත්න 63/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar