slc
logo
Home   |    News
මාර්තු 22, 2026
ද්විත්ව ශතක 2යි – ශතක 6යි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ අද (22) නිමාවූ තරග 4කදී ද්විත්ව ශතක 2ක් හා ශතක 6ක් වාර්තා විය. කෙසේ වුවද අද දිනයේ නිමාවට පත්වූ සියලු තරග ජය පරාජයෙන් තොරව නිමාවට පත්වීම කැපී පෙණුනි.

පොලිස් ක්‍රීඩා සමාජයේ ප්‍රියමාල් පෙ‍රේරාගෙන් හා
මුවර්ස් පිලේ පසිඳු සූරියබණ්ඩාරගෙන් ද්විත්ව ශතක වාර්තා වූ අතර, එම පිලේම මිලාන් රත්නායක, බීආර්සී පිලේ හෂාන් දුමිඳු, බ්ලූම්ෆීල්ඩ් පිලේ නිපුන් කරුණානායක හා රවිඳු ප්‍රනාන්දු, එන්සීසී පිලේ ළහිරු උදාර හා කෝලට්ස් ක්‍රීඩා සමාජයේ ඇන්ජලෝ මැතිව්ස් ශතක වාර්තා කළහ.

මුවර්ස් පිලේ පසිඳු සූරියබණ්ඩාර පන්දු 271කදී හයේ පහරක් හා හතරේ පහර 22ක් සමඟ ලකුණු 204ක් හා ප්‍රියමාල් පෙ‍රේරා පන්දු 367කදී හයේ පහරක් හා හතරේ පහර 25ක් සමඟ ලකුණු 212ක් වාර්තා කිරීමට සමත් වූහ.

මුවර්ස් පිලේ මිලාන් රත්නායක පන්දු 187කදී හයේ පහර 3ක් හා හතරේ පහර 15ක් සමඟ ලකුණු136ක් වාර්තා කළ අතර, බීආර්සී පිලේ හෂාන් දුමිඳු පන්දු 262කදී හයේ පහර 4ක් හා හතරේ පහර 12ක් සමඟ ලකුණු 163ක්, බ්ලූම්ෆීල්ඩ් පිලේ නිපුන් කරුණානායක පන්දු 202කදී හතරේ පහර 15ක් සමඟ ලකුණු138ක් හා එම පිලේම රවිඳු ප්‍රනාන්දු පන්දු 125කදී හයේ පහරක් හා හතරේ පහර 9ක් සමඟ ලකුණු 101ක් එක් කළහ.

එමෙන්ම එන්සීසී ක්‍රීඩා පිටියේදී බීආර්සී පිලට එරෙහිව ඇන්ජලෝ මැතිව්ස් පන්දු 212කදී හතරේ පහර 16ක් සමඟ ලකුණු 144ක් වාර්තා කළ අතර, එන්සීසී පිලේ ළහිරු උදාර බ්ලූම්ෆීල්ඩ් පිලට එරෙහිව පන්දු 129කදී හයේ පහරක් හා හතරේ පහර 12ක් සමඟ ලකුණු 126ක් ලබා ගැනීමට සමත් විය.

අද දෙවැනි දිනයේ අර්ධ ශතක වාර්තා කරමින් සීසීසී පිලේ
නිශාන් මධුෂ්ක ලකුණු 60ක්, ලසිත් කෘස්පුල්ලේ ලකුණු 54ක් හා, පළමු ඉනිමේ අර්ධ ශතකයක් වාර්තා කළ පවන් රත්නායක දෙවැනි ඉනිමේදී ලකුණු 57ක්, බීආර්සී පිලේ රමිඳු විජේසූරිය ලකුණු 75ක්, කෝලට්ස් ක්‍රිකට් සමාජයේ සංගීත් කු‍රේ ලකුණු 51ක් හා මුදිත් ලක්ෂාන් ලකුණු 68ක් ලබා දස්කම් දැක්වූහ.

පන්දු යැවී‍මේදී ‍පොලිස් පිලේ දිලුම් සුධීර ලකුණු 170කට කඩුලු 5ක්, සීසීසී පිලේ නිශාන් පීරිස් ලකුණු 49කට කඩුලු 5ක්, එන්සීසී පිලේ ශක්ති උදාර ලකුණු 157කට කඩුලු 6ක් බිද හෙළූහ.

ලකුණු සාරාංශය

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවැති පොලිස් හා මුවර්ස් අතර තරගය ජය පරාජ‍ෙන් තොරයි

පොලිස් පිල පළමු ඉනිම ඕවර් 136කදී සියලු දෙනා දැවී ලකුණු 463
නදීෂ බාලසූරිය 21, අශේන් බණ්ඩාර 60, ප්‍රියමාල් පෙ‍රේරා 212, සුපුන් මධුසංඛ 65, නලීන් ප්‍රියදර්ශන 57, (ෂිරාන් ප්‍රනාන්දු 112/5, තිලංග උදේශන 57/2)

මුවර්ස් පිල පළමු ඉනිම ඕවර් 103කදී සියලු දෙනා දැවී ලකුණු 445
රවිෂාන් ද සිල්වා 23, සොහාන් ද ලිවේරා 18, පසිඳු සූරියබණ්ඩාර 204, මිලාන් රත්නායක 136 (සදීප රත්නායක 67/2, දිලුම් සුධීර 170/5, නලීන් ප්‍රියදර්ශන 116/2)

පොලිස් පිල දෙවැනි ඉනිම ඕවර් 14කදී කඩුලු 3ක් දැවී ලකුණු 79
අශේන් බණ්ඩාර 55 (රමේෂ් මෙන්ඩිස් 25/1)

කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය හා සීසීසී අතර ‍තරගය ජය පරාජයෙන් ‍තොරයි

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 118.2කදී සියලු දෙනා දැවී ලකුණු 331
පවන්ත වීරසිංහ 51, රනේෂ් සිල්වා 76, රවීන් ද සිල්වා 49, සුපුන් වඩුගේ නොදැවී 71 (නිශාන් පීරිස් 87/2, ඉනුක කරන්නාගොඩ 69/3, ධනංජය ද සිල්වා 29/2)

සීසීසී පළමු ඉනිම ඕවර් 66.2කදී සියලු දෙනා දැවී ලකුණු 232
නිශාන් මධුෂ්ක 23, ධනංජය ද සිල්වා 63, පවන් රත්නායක 51, අංජල බණ්ඩාර 44, ඉනුක කරන්නාගොඩ 19 (ඉසිත විජේසුන්දර 37/2, වනුජ සහන් 104/4, රොෂාන් ජයතිස්ස 42/3)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම ඕවර් 53.2කදී සියලු දෙනා දැවී ලකුණු 119
පවන් පතිරාජ 17, රනේෂ් සිල්වා 35, වනුජ සහන් 24 (නිශාන් පීරිස් 49/5, සොනාල් දිනූෂ 23/2)

සීසීසී දෙවැනි ඉනිම ඕවර් 25කදී කඩුලු 8ක් දැවී ලකුණු 217
නිශාන් මධුෂ්ක 60, ලසිත් කෘස්පුල්ලේ 54, පවන් රත්නායක 57, අංජල බණ්ඩාර 44, ඉනුක කරන්නාගොඩ 19 (වනුජ සහන් 95/3, රොෂාන් ජයතිස්ස 4/2)

එන්සීසී ක්‍රීඩා පිටියේ පැවැති කෝලට්ස් – බීආර්සී අතර තරගය ජය පරාජ‍ෙන් තොරයි

කෝලට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 110.2කදී සියලු දෙනා දැවී ලකුණු 463
සංගීත් කු‍රේ 30, දිනේෂ් චන්දිමාල් 67, ධනංජය ලක්ෂාන් 44, ඇන්ජලෝ මැතිව්ස් ‍144, මුදිත් ලක්ෂාන් 39, සුඛිත මනෝජ් 53, අකිල ධනංජය 43, හර්ෂණ වික්‍රමසිංහ 28 (යසිරු රුද්‍රිගූ 120/5, කේෂාන් විජේරත්න 87/2, ශෂික දුල්ෂාන් 58/2)

බීආර්සී පළමු ඉනිම ඕවර් 96.1කදී සියලු දෙනා දැවී ලකුණු 350
හේෂාන් ධනුෂ්ක 29, හෂාන් දුමිඳු 163, රොෂේන් සිල්වා 44, රමිඳු විජේසූරිය 75, රමින්ද විජේසූරිය නොදැවී 28 (අකිල ධනංජය 138/3, මුදිත ලක්ෂාන් 15/3, උදිත් මධුෂාන් 56/3)

කෝලට්ස් ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම ඕවර් 40.1කදී කඩුලු 9ක් දැවී ලකුණු 260
රවිඳු රසාන්ත 19, සංගීත් කු‍රේ 51, දිනේෂ් චන්දිමාල් 24, ධනංජය ලක්ෂාන් 17, ඇන්ජලෝ මැතිව්ස් ‍33, මුදිත් ලක්ෂාන් 68, අකිල ධනංජය 20 (කේෂාන් විජේරත්න 67/2, ශෂික දුල්ෂාන් 53/5)

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති එන්සීසී හා බ්ලූම්ෆීල්ඩ් අතර තරගය ජය පරාජයෙන් තොරයි

එන්සීසී පළමු ඉනිම ඕවර් 103.4කදී සියලු දෙනා දැවී ලකුණු 438
නිරෝෂන් දික්වැල්ල 21, ළහිරු උදාර 126, කමිල් මිෂාර 61, අහන් වික්‍රමසිංහ 39, සහන් ආරච්චිගේ 35, චාමික කරුණාරත්න 61, කවිඳු පතිරත්න 37, අශේන් ඩැනියෙල් 26 (රවිඳු ප්‍රනාන්දු 95/2, දුවිඳු තිලකරත්න 70/4, ‍ජෙෆ්රි වැන්ඩර්සේ 66/2)

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම ඕවර් 128කදී සියලු දෙනා දැවී ලකුණු 501
මිනෙත් ප්‍රේමරත්න 37, අසිත වන්නිනායක 62, ජනිත් ලියනගේ 47, නිපුන් කරුණානායක 138, තරිඳු හර්ෂණ 47, රවිඳු ප්‍රනාන්දු 101, ළහිරු මදුසංඛ 35 (ශක්ති උදාර 157/6)

එන්සීසී දෙවැනි ඉනිම ඕවර් 5.3කදී කඩුල්ලක් දැවී ලකුණු 48
නිරෝෂන් දික්වැල්ල නොදැවී 27, ළහිරු උදාර 20 (රවිඳු ප්‍රනාන්දු 23/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar