ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තරගවල අද (29) දෙවැනි දිනයේ සීසීසී පිලේ පවන් රත්නායක මුවර්ස් පිලට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කළ අතර, බීආර්සී පිලේ ප්‍රමෝද් මධුවන්ත බ්ලූම්ෆීල්ඩ් පිලට එරෙහිව ශතකයක් හා කෝලට්ස් ක්‍රිකට් සමාජයේ දිනේෂ් චන්දිමාල් එන්සීසී පිලට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට සමත් වූහ.
කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරගයේදී පවන් රත්නායක පන්දු 216කදී හයේ 7ක් හා හතරේ පහර 18ක් සමඟ නොදැවී ලකුණු 221ක් ලබා ගැනීමට සමත් වූවේය. එමෙන්ම මෙම සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට පවන් පළමු පෙළ තරග දිවියේ ලකුණු 4000 සීමාවද ඉක්මවා යෑමට අද දිනයේදී සමත්වූවේය. ඒ අනුව ඔහු මේ වන විටත් පළමු පෙළ තරග 62 කදී මුලු ලකුණු 4131 ක් ලබා සිටින්නේ ශතක 14 ක් සහ අර්ධ ශතක 15 ක් ද සමගිනි. ඔහුගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 48.87 ක් ලෙස සටහන් වේ.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප්‍රමෝද් මධුවන්ත පන්දු 281කදී හතරේ පහර 16ක් සමඟ ලකුණු 166ක් හා පල්‍ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දිනේෂ් චන්දිමාල් පන්දු 177කදී හයේ පහරක් හා හතරේ පහර 13ක් සමඟ ලකුණු 144ක් ලබා ගැනීමට සමත් වූහ.
මේ අතර ඊයේ පිළමු දිනයේදී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී එන්සීසී පිලේ කමිල් මිෂාර කොල්ට්ස් පිලට එරෙහිව පන්දු 159කදී හයේ 3ක් හා හතරේ පහර 13ක් සමඟ නොදැවී ලකුණු 160ක් ලබා සිටි අතර, අද දිනයේදී ඔහු ලකුණු 187කට දැවී ගියේය. ඊයේ පිළමු දිනයේදී එන්සීසී ක්‍රීඩා පිටියේදී නදීර බාලසූරිය ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 123කදී හයේ 2ක් හා හතරේ පහර 21ක් සමඟ ලකුණු 130ක් රැස් කිරීමට සමත් විය.
අද දින අර්ධ ශතක වාර්තා කරමින් සීසීසී පිලේ චමිඳු විජේසිංහ ලකුණු 65ක්, බීආර්සී පිලේ රමිඳු විජේසූරිය ලකුණු 77ක් හා චාමික හීනටිගල ලකුණු 65ක්, ඒස් කැපිටල් පිලේ පවන් පතිරාජ ලකුණු 68ක්, රනේෂ් සිල්වා ලකුණු 88ක් හා රොෂාන් ජයතිස්ස ලකුණු 56ක් ගෙන දස්කම් දැක්වූහ. පන්දු යැවීමේදී පොලිස් පිලේ දිලුම් සුධීර කඩුලු 5ක් බිදහෙලීමට සමත් විය.
ලකුණු සාරාංශය
පොලිස් හා ඒස් කැපිටල් අතර තරගය එන්සීසී පිටියේදී
පොලිස් පිල පළමු ඉනිම ඕවර් 68.5කදී සියලු දෙනා දැවී ලකුණු 286
සංගීත් ෂෙහාර 40, නදීර බාලසූරිය 130, ප්‍රියමාල් පෙරේරා 83, (ඉසිත විජේසුන්දර 76/3, චමෝද් බැට්ටගේ 57/3)
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 83කදී සියලු දෙනා දැවී ලකුණු 310
පවන්ත වීරසිංහ 43, පවන් පතිරාජ 68, රනේෂ් සිල්වා 88, රවීන් ද සිල්වා 18, රොෂාන් ජයතිස්ස 56 (දිලුම් සුධීර 139/5, රශ්මික හිරුෂාන් 41/4)
පොලිස් පිල දෙවැනි ඉනිම ඕවර් 10.4කදී කඩුලු 3ක් දැවී ලකුණු 30
නදීර බාලසූරිය 19 (වනුජ සහන් 11/2)
සීසීසී – මුවර්ස් අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී
සීසීසී පළමු ඉනිම ඕවර් 132.3කදී සියලු දෙනා දැවී ලකුණු 561
නිශාන් මධුෂ්ක 94, දුල්නිත් සිගේරා 30, ධනංජය ද සිල්වා 64, පවන් රත්නායක 221, සොනාල් දිනූෂ 17, චමිඳු විජේසිංහ 65, නිශාන් පීරිස් නොදැවී 16 (සන්තුෂ් ගුණතිලක 56/3, ප්‍රවීන් ජයවික්‍රම 106/3, රමේෂ් මෙන්ඩිස් 69/2)
මුවර්ස් පළමු ඉනිම ඕවර් 30කදී කඩුලු 2ක් දැවී ලකුණු 108
ෂෙහාන් ප්‍රනාන්දු නොදැවී 44, සදීර සමරවික්‍රම නොදැවී 35 (දෙවිඳු රණතුංග 40/1, දුල්නෙත් සිගේරා 28/1)
එන්සීසී හා කෝල්ට්ස් අතර තරගය පල්‍ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී
එන්සීසී පළමු ඉනිම ඕවර් 89.2කදී සියලු දෙනා දැවී ලකුණු 431
නිරෝෂන් දික්වැල්ල 54, ළහිරු උදාර 94, කමිල් මිෂාර 187, අහන් වික්‍රමසිංහ 20, කවිඳු පතිරත්න 30 (කවිෂ්ක අංජුල 83/4, අකිල ධනංජය 140/3)
කෝලට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 65කදී කඩුලු 6ක් දැවී ලකුණු 280
සංගීත් කුරේ 40, දිනේෂ් චන්දිමාල් 144, ධනංජය ලක්ෂාන් 30, මුදිත් ලක්ෂාන් 19, සනෝජ් දර්ශික නොදැවී 18 (චාමික කරුණාරත්න 45/2, ලසිත් ඇඹුල්දෙනිය 69/2, ශක්ති උදාර 59/2)
බීආර්සී – බ්ලූම්ෆීල්ඩ් අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී
බීආර්සී පළමු ඉනිම ඕවර් 139කදී සියලු දෙනා දැවී ලකුණු 475
රිසිර වීරසූරිය 58, රසිත් උපමාල් 25, හේෂාන් ධනුෂ්ක 19, හෂාන් දුමිඳු 19, ප්‍රමෝද් මධුවන්ත 166, රමිඳු විජේසූරිය 77, චාමික හීනටිගල 65, යසිරු රුද්‍රිගූ 26 (දෙවිඳු තිලකරත්න 58/3, සහන් නානායක්කාර 45/2, ජෙෆ්රි වැන්ඩර්සේ 68/2)
බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම ඕවර් 31කදී කඩුලු 4ක් දැවී ලකුණු 129
රොන් චන්ද්‍රගුප්ත 34, අසිත වන්නිනායක 19, ජනිත් ලියනගේ නොදැවී 36, නිපුන් කරුණානායක නොදැවී 23 (මොහොමඩ් සිරාස් 33/4)





