ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ අද (30) අවසන් දිනයේදී, ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය විසින් පොලිස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කරමින් පූර්ණ තරග ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. එහෙත්, සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටය ආරම්භයේ සිටම පෙරමුණේ සිටි කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව (72.765) අභිබවා යාමට ඔවුන්ට නොහැකි විය. ඒ අනුව, අන්තර් සමාජ පළමු පෙළ තුන්දින ලීග් ක්‍රිකට් 2025/26 වසරේ ශූරයින් ලෙස කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අභිසෙස් ලැබීය.
ඒස් කැපිටල් ලකුණු 71. 795ක් ලබා අද අවසන් දිනයේ ආසන්නයටම පැමිණියේය. මුවර්ස් පිල ලකුණු 58. 635කින් තෙවැනි තැනට හා එන්සීසී පිල ලකුණු 51. 87කින් සිව්වැනි තැනට පත් විය.
මෙවර තරගාවලියේ පස්වැනි තැනට ලකුණු 50. 435ක් ලැබූ පොලිස් පිල පත්වූ අතර, සීසීසී ලකුණු 48. 55කින් හයවැනි තැනට, බ්ලූම්ෆීල්ඩ් ලකුණු 47. 365කින් හත්වැනි තැනට හා බීආර්සී ලකුණු 41. 73කින් අටවැනි තැනට පත් වූහ.
එන්සීසී පිටියේදී අද නිමාවූ පොලිස් හා ඒස් කැපිටල් අතර තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඒස් කැපිටල් පිලට ලකුණු 127ක ඉලක්කයක් එල්ල වූ අතර, එය කඩුලු 3ක් දැවී සපුරාලීමට ඒස් කැපිටල් ක්‍රීඩකයෝ සමත් වූහ.
ඒස් කැපිටල් පිලේ වනුජ සහන් හා ඉසිත විජේසුන්දර පොලිස් දෙවැනි ඉනිම කඩා බිඳ දමමින් පන්දු යැවීමට සමත් වූ අතර, වනුජ කඩුලු 5ක් හා ඉසිත කඩුලු 4ක් බිදහෙලීමට සමත් විය. ඉසිත පළමු ඉනිමේදී ද කඩුලු 3ක් බිදහෙලා තරගයේ කඩුලු 7ක් වාර්තා කළේය.
පොලිස් පිලේ නදීර බාලසූරිය ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 130ක් හා අෂේන් බණ්ඩාර ලකුණු 69ක් රැස්කළ ද එය ප්‍රමාණවත් නොවුණු අතර, ඒස් කැපිටල් වෙනුවෙන් පවන් පතිරාජ, රොෂාන් ජයතිස්ස, රනේෂ් සිල්වා හා පවන්ත වීරසිංහ අර්ධ ශතක එක් කළහ.
මේ අතර අද දිනයේදී කෝලට්ස් ක්‍රිකට් සමාජයේ සනෝජ් දර්ශික පන්දු 186කදී හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 100ක් ලබාගත් අතර, මුවර්ස් පිලේ රමේෂ් මෙන්ඩිස් පන්දු 223කදී හතරේ පහර 11ක් සමඟ නොදැවී ලකුණු 160ක්, එන්සීසී පිලේ ළහිරු උදාර පන්දු 90කදී හතරේ පහර 10ක් සමඟ නොදැවී ලකුණු 100ක්, බ්ලූම්ෆීල්ඩ් පිලේ රවිඳු ප්‍රනාන්දු පන්දු 87කදී හයේ පහර 5ක් හා හතරේ පහර 12ක් සමඟ නොදැවී ලකුණු 103ක් ලබා ශතක සම්පූර්ණ කළහ.
මෙම තරගවල දෙවැනි දිනයේ සීසීසී පිලේ පවන් රත්නායක මුවර්ස් පිලට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කළ අතර, බීආර්සී පිලේ ප්‍රමෝද් මධුවන්ත බ්ලූම්ෆීල්ඩ් පිලට එරෙහිව ශතකයක් හා කෝලට්ස් ක්‍රිකට් සමාජයේ දිනේෂ් චන්දිමාල් එන්සීසී පිලට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට සමත් වූහ.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී එන්සීසී පිලේ කමිල් මිෂාර කොල්ට්ස් පිලට එරෙහිව ලකුණු 187ක් ලබාගත් අතර, අද දින අර්ධ ශතක වාර්තා කරමින් මුවර්ස් පිලේ ෂෙහාන් ප්‍රනාන්දු ලකුණු 77ක්, සදීර සමරවික්‍රම ලකුණු 81ක්, සන්තුෂ් ගුණතිලක ලකුණු 55ක් හා පසිඳු සූරියබණ්ඩාර ලකුණු 53ක්, බ්ලූම්ෆීල්ඩ් පිලේ නිපුන් කරුණානායක ලකුණු 71ක් හා රොන් චන්ද්‍රගුප්ත ලකුණු 80ක්, එන්සීසී පිලේ විනුක රූබසිංහ නොදැවී ලකුණු 61ක් ගෙන දස්කම් දැක්වූහ.
පන්දු යැවීමේදී බීආර්සී පිලේ මොහොමඩ් සිරාස් කඩුලු 5ක් බිදහෙලීමට සමත් විය.
ලකුණු සාරාංශය
එන්සීසී පිටියේ පැවැති තරගයෙන් ඒස් කැපිටල් පිලට කඩුලු 7ක ජයක්
පොලිස් පිල පළමු ඉනිම ඕවර් 68.5කදී සියලු දෙනා දැවී ලකුණු 286
සංගීත් ෂෙහාර 40, නදීර බාලසූරිය 130, ප්‍රියමාල් පෙරේරා 83, (ඉසිත විජේසුන්දර 76/3, චමෝද් බැට්ටගේ 57/3)
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 83කදී සියලු දෙනා දැවී ලකුණු 310
පවන්ත වීරසිංහ 43, පවන් පතිරාජ 68, රනේෂ් සිල්වා 88, රවීන් ද සිල්වා 18, රොෂාන් ජයතිස්ස 56 (දිලුම් සුධීර 139/5, රශ්මික හිරුෂාන් 41/4)
පොලිස් පිල දෙවැනි ඉනිම ඕවර් 52.1කදී සියලු දෙනා දැවී ලකුණු 150
නදීර බාලසූරිය 19, අෂේන් බණ්ඩාර 69, දිලුම් සුධීර 16, (වනුජ සහන් 52/5, ඉසිත විජේසුන්දර 53/4)
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම ඕවර් 29කදී කඩුලු 3ක් දැවී ලකුණු 127
පවන්ත වීරසිංහ 60, නිමේෂ ගුණසිංහ 17, රනේෂ් සිල්වා නොදැවී 45 (දිලුම් සුධීර 48/3)
කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති සීසීසී – මුවර්ස් අතර තරගය ජය පරාජ නෑ
සීසීසී පළමු ඉනිම ඕවර් 132.3කදී සියලු දෙනා දැවී ලකුණු 561
නිශාන් මධුෂ්ක 94, දුල්නිත් සිගේරා 30, ධනංජය ද සිල්වා 64, පවන් රත්නායක 221, සොනාල් දිනූෂ 17, චමිඳු විජේසිංහ 65, නිශාන් පීරිස් නොදැවී 16 (සන්තුෂ් ගුණතිලක 56/3, ප්‍රවීන් ජයවික්‍රම 106/3, රමේෂ් මෙන්ඩිස් 69/2)
මුවර්ස් පළමු ඉනිම ඕවර් 120කදී කඩුලු 7ක් දැවී ලකුණු 489
ෂෙහාන් ප්‍රනාන්දු 77, සදීර සමරවික්‍රම 81, පසිඳු සූරියබණ්ඩාර 53, රමේෂ් මෙන්ඩිස් නොදැවී 160, මිලාන් රත්නායක 26, සන්තුෂ් ගුණතිලක 55 (නිශාන් පීරිස් 61/2)
පල්‍ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති එන්සීසී හා කෝල්ට්ස් අතර තරගය ජය පරාජ නෑ
එන්සීසී පළමු ඉනිම ඕවර් 89.2කදී සියලු දෙනා දැවී ලකුණු 431
නිරෝෂන් දික්වැල්ල 54, ළහිරු උදාර 94, කමිල් මිෂාර 187, අහන් වික්‍රමසිංහ 20, කවිඳු පතිරත්න 30 (කවිෂ්ක අංජුල 83/4, අකිල ධනංජය 140/3)
කෝලට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 113කදී කඩුලු 8ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 441
සංගීත් කුරේ 40, දිනේෂ් චන්දිමාල් 144, ධනංජය ලක්ෂාන් 30, මුදිත් ලක්ෂාන් 19, සනෝජ් දර්ශික නොදැවී 100, සුඛිත මනෝජ් 29, කවිෂ්ක අංජුල 28, අකිල ධනංජය නොදැවී 18 (චාමික කරුණාරත්න 58/2, ලසිත් ඇඹුල්දෙනිය 85/2, ශක්ති උදාර 88/2)
එන්සීසී දෙවැනි ඉනිම ඕවර් 27කදී කිසිවෙකු නොදැවී ලකුණු 161
ළහිරු උදාර නොදැවී 100, විනුක රූබසිංහ නොදැවී 61
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති බීආර්සී – බ්ලූම්ෆීල්ඩ් අතර තරගය ජය පරාජ නෑ
බීආර්සී පළමු ඉනිම ඕවර් 139කදී සියලු දෙනා දැවී ලකුණු 475
රිසිර වීරසූරිය 58, රසිත් උපමාල් 25, හේෂාන් ධනුෂ්ක 19, හෂාන් දුමිඳු 19, ප්‍රමෝද් මධුවන්ත 166, රමිඳු විජේසූරිය 77, චාමික හීනටිගල 65, යසිරු රුද්‍රිගූ 26 (දෙවිඳු තිලකරත්න 58/3, සහන් නානායක්කාර 45/2, ජෙෆ්රි වැන්ඩර්සේ 68/2)
බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම ඕවර් 66.5කදී සියලු දෙනා දැවී ලකුණු 240
රොන් චන්ද්‍රගුප්ත 34, අසිත වන්නිනායක 19, ජනිත් ලියනගේ 45, නිපුන් කරුණානායක 71, ජෙෆ්රි වැන්ඩර්සේ 32 (මොහොමඩ් සිරාස් 63/5, මොවින් සුබසිංහ 95/4)
බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිම ඕවර් 40කදී කඩුලු 4ක් දැවී ලකුණු 254
රොන් චන්ද්‍රගුප්ත 80, අසිත වන්නිනායක 24, රවිඳු ප්‍රනාන්දු නොදැවී 103, නිපුන් කරුණානායක නොදැවී 20 (මොවින් සුබසිංහ 87/4)





