slc
logo
Home   |    News
අප්‍රේල් 17, 2026
නවසීලන්ත ‘ඒ‘ කණ්ඩායමෙන් ප්‍රභල පිළිතුරක්

sinhala editor

හම්න්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන සිව්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙල් ලබා දුන් ලකුණු 381 කට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්ත ‘ඒ‘ කණ්ඩායම දෙවැනි දිනය වූ අද (17 දා) පස්වරුවේදී තරගය නිමා කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 199 ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය.

නවසීලන්ත ‘ඒ‘ කණ්ඩායම වෙනුවෙන් ටිම් රොබින්සන් පන්දු 178 කදී ලකුණු 101 ක් ලබා සිටින්නේ හතරේ පහර 10 ක්ද තම ඉනිමට එකතු කරගනිමිනි. ආරම්භක පිතිකරු කර්ටිස් හීපී පන්දු 172 කදී ලකුණු 75 ක් ලබා ටිම් සමඟ හෙට දිනයේදීත් පන්දුවට පහර දීමේ අපෙක්ෂාවෙන් පසුවන්නේය.

නවසීලන්ත පිලේ දැවී ගිය එකම පිතිකරුවා වූයේ රයිස් මාරිව් වන අතර ඔහු ලකුණු 17 කට දැවී ගියේය. දිලුම් සුධීරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා මාරිව් දැවී ගියේය. මුලු ලකුණු 27 දී මාරිව් දැවී යෑමෙන් පසු කඩුල්ලට එක් වුණු රොබින්සන් හීපි සමග දෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 172 ක සම්බන්ධතාවක් පවත්වාගෙන තිබේ.

පෙර දිනයේදී කුලු 7 ක් දැවී ලකුණු 324 ක් ලබාගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන සිය පළමු ඉනිම ලකුණු 381 කදී හමාර කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත්වූහ. අද දිනයේදී ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම වෙනුවෙන් වූ සුවිශේෂීම සිදුවීම වූයේ ලකුණු 90 ක් ලබා ගෙන සිටි සොනාල් දිනූෂ තම ශතකය වාර්තා කිරීමට සමත්වීමයි. මෙය සොනාල්ගේ 11 වැනි පළමු පෙළ ශතකය ලෙසින්ද සනිටුහන් විය.

පන්දු 148 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් දැවී යන විටත් ලකුණු 108 ක් ලබා සිටියේය. ඒ හයේ පහරක් සහ හතරේ පහර 9 ක්ද එල්ල කරමිනි.

ඔහුට අමතරව කඩුල්ලේ රැදී සිටි ඉසිත විජේසුන්දරද පන්දු 62 කදී ලකුණු 36 ක් ලබා ගත්තේ පන්දු යවන්නකුට අමතරව පිතිකරුවකුගේද වගකීම ඉටු කමිනි. හයේ පහරක් සහ හතරේ පහර 3 කින් ඉසිතගේ ඉනිම වර්ණවත් විය. මංගල ශ්‍රී ලංකා ‘ඒ‘ තරගයට සහභාගිවෙමින් සිටින දිලුම් සුධීර සහ දුලාජ් සමුදිත දෙදෙනාම ලකුණු 04 බැගින් ලබා ගනිද්දී දුලාජ් තම ඉනිම නොබිඳිව තබා ගැනීමට සමත්වූවේය.

පන්දු යැවීමේදී ටිම් ප්‍රිංගල් කඩුලු 3 ක් දවා ගනිද්දී රයන් හැරිසන් සහ පීටර් යංගස්බන් කඩුලු 22 බැගින් බිඳ හෙලූහ.

ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 97.5 ක් අවසනදී සියලු දෙනා දැවී ලකුණු 381  යි – (නිශාන් මදුශ්ක 20, ලහිරු උදාර 61, නුවනිඳු ප්‍රනාන්දු 21, පවන් රත්නායක 27, පසිඳු සූරියබණ්ඩාර 32, සොනාල් දිනූෂ 108, රමේෂ් මෙන්ඩිස් 48, ඉසිත විජේසුන්දර 36, ටිම් පිිංගල් 88/3, රයන් හැරිසන් 60/2, පීටර් යංගස්බන්ඩ් 97/2)

නවසීලන්ත ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 62 කදී කඩුල්ලක් දැවි ලකුණු 199 යි – (ටිම් රොබින්සන් 101*, කර්ටිස් හීපි 75*, රයිස් මාරිවු 17, දිලුම් සුදීර 50/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee