slc
logo
Home   |    News
අප්‍රේල් 11, 2026
“අහන් පෙරට – ශ්‍රී ලංකා ‘ඒ’ 3-0 ලෙස නවසීලන්ත ‘ඒ’ පරාජය කරයි”

sinhala editor

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (11 දා) පැවැති තෙවැනි එක්දින තරගයෙන්ද නවසීලන්ත ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය වාර්තා කළේ තම කණ්ඩායමේ ශක්තිය තවදුරටත් තහවුරු කරමිනි.

නවසීලන්ත කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලබා දෙන ලද ලකුණු 303 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දුවාර 46.2 කදී සපුරා ගැනීම විශේෂයෙන්ම අගය කළ යුතු කාර්යයක් විය.47 වැනි පන්දුවාරයේ පළමු පන්දුව හයේ පහරක් ලෙසින් පරිවර්තනය කළ අහන් වික්‍රමසිංහ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඊළඟ ලකුණු 2 කඩුලු අතර දිව යමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් කළේය.

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් කමිල් මිශාරත් මැද පෙළින් පිවිසි පවන් රත්නායක අර්ධ ශතක වාර්තා කරද්දී නායක සහන් ආරච්චිගේ වෙනුවට කණ්ඩායමට පිවිසි අහන් වික්‍රමසිංහ, 29 වැනි පන්දුවාරයේ සිට කඩුල්ලේ රැඳී සිටිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය සනාථ වන තුරුම කඩුල්ලේ රැඳී සිටියේය. මෙම තරගයේ ජයග්‍රහණය අහන් වික්‍රමසිංහගේ ඉනිම මත රැඳී තිබුණා යැයි සදහන් කළහොත් නිවැරදිය.

පෙර තරගයේදී ශතකයක් වාර්තා කළ ලසිත් කෘෘස්පුල්ලේට අද දිනයේදී රැස් කරගත හැකි වූයේ ලකුණු 26 ක් පමණක් වුවත් පළමු කඩුල්ල වෙනුවෙන් කමිල් මිශාර සමඟින්ලකුණු 68 ක් එක් කිරීමා දායකත්වය දැක්වූවේය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කමිල් මිශාර රැස් කරන ලද ලකුණු 83 සදහා වැය කරන ලද්දේ පන්දු 81 ක් පමණි. ඊට හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක්ද ඇතුළත්විණ.

ඔහුට අමතරව අනෙක් අර්ධ ශතක ලාභියා වූ පවන් රත්නායක පන්දු 62 කදී ලකුණු 77 ක් වාර්තා කළේය. හයේ පහර 2 කින් සහ හතරේ පහර 10 කින් අලංකාර වුණු රත්නායකගේ ඉනිම, කමිල් මිශාර හා පැවැති තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවයට ලකුණු 130 කි.

අද තරගය සඳහා වයස අවුරුදු 19 න් පහළ උප නායකයා වූ කවීජ ගමගේවද ක්‍රීඩා කරවූ නමුත් ඔහුට රැස් කරගත හැකි වුයේ ලකුණු 03 ක් පමණි. ජයග්‍රහණය සඳහා ලකුණු 104 ක් ඉතිරිව තිබියදි පවන් රත්නායකද දැවී ගිය නමුත් එහිදී වගකීම කරට ගත් අහන් වික්‍රමසිංහ තරගය නිමා වන තෙක්ම පන්දුවට පහර දුන්නේය. මෙම තරගාවලියේ අහන් ක්‍රීඩා කළ පළමු තරගය බවට අද තරගය පත්වූ අතර එම තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීමට හේ සමත්වූවේය.

පන්දු 52 කට මුහුණ දුන් අඩි 6 කට වඩා උසකින් යුත් අහන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් ද එල්ල කරමින් පන්දු 52 කදී නොදැවී ලකුණු 64 ක් රැස් කර ගත්තේය. 6 වැනි කඩුල්ල ලෙස මිලාන් රත්නායක දැවී යන විට මුලු ලකුණු සංඛ්‍යාව සටහන් වූයේ ලකුණු 267 ක් ලෙසිනි. එහෙත් අනතුරුව පිටියට පිවිසි විජයකාන්ත් වියස්කාන්ත්වද අනික් කඩුල්ලේ තබා ගනිමින් පන්දුවට පහර දුන් අහන් පීඩනයට යට නොවී පන්දුවට පහර දීඹ කැපී පෙනුණි. දුර්වල පන්දු දුටු සැනින් කිසිදු අනුකම්පාවක් පෙන්නුම් නොකළ දකුණත් පිතිකරුවා, එල්ල කරන ලද හයේ පහර ඔහුගේ දක්ෂතාවය හා මානසික ශක්තිය ඉතා ඉහළ තලයක පවතින බවට පැහැදිළිවම පෙනෙන්නට වූ කරුණක් විය.

වියස්කාන්ත් ද නවසීලන්ත පන්දු යවන්නන්ට තම කඩුල්ල දවා ගැනීමට අවස්ථාව ලබා නොදී පන්දුවට පහර දෙන ලද්දේ පසුපෙළින් අත්‍යවශ්‍යම සේවය කණ්ඩායමට ලබා දෙමිනි.

දැඩි හිරු රශ්මියකින් යුක්ත වූ මහින්ද රාජපක්ෂ ක්‍රීඩංගණයේදී පළමු වතාවට කාසියේ වාසිය තමන් සතු කරගත් මැක්ස් ෂූ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙහිදී පළමු කඩුලු 3 ම ලකුණු 60 ක් ඇතුළතදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වූ නමුදු සිව්වැනි කඩුල්ලට එක් වූ මැතිව් බොයිල් සහ මුහමඩ් අබ්බාස් 122 ක් එම කඩුල්ලට එක් කළහ. මෙම සම්බන්ධතාව අතරතුරදී අබ්බාස් තම ශතකය සම්පූර්ණ කර ගත්තේය. පන්දු 112 කට මුහුණ දුන් අබ්බාස් හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 110 ක් ලබා ගත්තේ තම කඩුල්ල නොබිඳිව තබා ගනිමිනි. ඊට අමතරව මැතිව් බොයිල් ලකුණු 85 ක් ලබා ගත්තේය.

නවසීළන්ත ‘ඒ‘ කන්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 302 යි – (මුහමඩ් අබ්බාස් 110, මැතිව් බෝයිල් 85, ටිම් ප්‍රිංගල් 20*, රයිස් මරියු 28, විජයකාන්ත් වියස්කාන්ත් 46/2)

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 46.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 303 යි – (කමිල් මිශාර 83, ලසිත් කාෘස්පුල්ලේ 26, පවන් රත්නායක 77, අහන් වික්‍රමසිංහ 64*, සොනාල් දිනූෂ 26, විජයකාන්ත් වියස්කාන්ත් 11*, සිමන් කීන් 54/4, ටිම් ප්‍රිංගල් 42/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar