slc
logo
Home   |    News
අප්‍රේල් 26, 2026
කෞෂික කුමාරසිංහ මහනුවර ක්‍රිකට් සමාජයට ජය ගෙන එයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ගවනර්ස් කප් (ආණ්ඩුකාර කුසලාන) එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර ක්‍රිකට් සමාජය සහ ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය අතර මත්තේගොඩදී පැවැති තරගයෙන් මහනුවර ක්‍රිකට් සමාජය ලකුණු 32ක පහසු ජයක් හිමි කර ගත්තේය.

මෙම ජයග්‍රහණයේ ප්‍රධාන වාසිය ලබාදුන්නේ කෞෂික කුමාරසිංහ විසින් දැක්වූ අතිශය විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතාවයයි. ඔහු අංක හය පිතිකරු ලෙස පිටියට පිවිස පන්දු 106කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 7ක් සමඟ ලකුණු 111ක් රැස් කළ අතර, පසුව පන්දු යැවීමේදී ලකුණු 37කට කඩුලු 2ක් දවාලීය.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් මහනුවර ක්‍රිකට් සමාජය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 251ක් රැස් කළේය. එයට පිළිතුරු ලෙස ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 47.1කදී සියල්ල දැවී රැස් කළේ ලකුණු 219ක් පමණි.

මහනුවර ක්‍රිකට් සමාජය වෙනුවෙන් හොඳම සබඳතාවය වුයේ හයවන කඩුල්ල සඳහා කෞෂික කුමාරසිංහ සහ තිසරු දිසානායක (23) අතර ගොඩනැගූ ලකුණු 100ක සබඳතාවයයි.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ද කෞෂික කුමාරසිංහ නම් කෙරිණි.

 මහනුවර ක්‍රිකට් සමාජය පන්දුවාර 50ක දී කඩුලු 8ක් දැවී ලකුණු 251 – කෞෂික කුමාරසිංහ 111, ප්‍රවීන් රුකුමානායක 47, දිනාල් ප්‍රනාන්දු 26, තිසරු දිල්ෂාන් 23, ජනිඳු ජයවර්ධන 33/3, ධනුෂ්ක රණසිංහ 43/2

 ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 47.1ක දී සියල්ල දැවී ලකුණු 219 – නිකිල් අභිලාෂ් 62, ජනිඳු ජයවර්ධන 52, විරංග යෙෂාන් 51, කනිල්ක ඇන්තනි 32/3, මැදුනක විජේතිලක 41/3, කෞෂික කුමාරසිංහ 37/2

 (තරගයේ දක්ෂතම ක්‍රීඩකයා  – කෞෂික කුමාරසිංහ – මහනුවර ක්‍රිකට් සමාජය)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar