slc
logo
Home   |    News
අප්‍රේල් 30, 2026
ලෙෂ්ටර් ජයවීරගේ ශතකයෙන් ගුවන් හමුදාවට ජය

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවර්නර්ස් කප්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අප්‍රේල් 29 දින පැවැති තරගවලදී කැපී පෙනුණු ක්‍රීඩකයා බවට පත්වූයේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ලෙෂ්ටර් ජයවීරයි. ඔහු මැලේ ක්‍රීඩා සමාජය සමඟ පැවැති තරගයේදී විශිෂ්ට පිතිහරඹයක් දක්වමින් පන්දු 108කදී ලකුණු 103ක් රැස් කළේ හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟිනි. එය එදින වාර්තා වූ එකම ශතකය ලෙසද සටහන් විය.

නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පැවැති එම තරගයෙන් ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 6ක ජයක් හිමි කරගත්තේ ඩක්වර්ත්-ලුවිස් ක්‍රමය යටතේ තරගය පන්දුවාර 45කට සීමා කිරීමෙන් අනතුරුවය.

එදින දක්ෂතම පන්දු යැවීම කඳුකර ක්‍රීඩා සමාජයේ ලක්ෂාන් පෙරේරාගෙන් වාර්තා විය. ඔහු නාරම්මල ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 27කට කඩුලු 4ක් දවාලමින් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසද නම් විය. තවද සඳලංකා ක්‍රීඩා සමාජයේ චනුර ප්‍රනාන්දු, ඕල්ඩ් සහිරියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 11කට කඩුලු 4ක් දවාලමින් විශිෂ්ට දක්ෂතාවයක් පෙන්වා දුන්නේය.

මැලේ ක්‍රීඩා සමාජය සමඟ පැවැති තරගයේදී ගුවන් හමුදා කණ්ඩායමේ තිමිර කුමාරගේ ද ලකුණු 30කට කඩුලු 4ක් දවාලමින් කණ්ඩායමට වටිනා දායකත්වයක් ලබාදුන්නේය.

එදින පැවැති තරගවලදී ජයග්‍රහණ වාර්තා කළ කණ්ඩායම් අතර ගුවන් හමුදා, ලන්කන්, මහනුවර තරුණ, කඳුකර, සඳලංකා සහ ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජ ඇතුළත් විය. මෙයින් ගුවන් හමුදා සහ මහනුවර තරුණ කණ්ඩායම් ජයගත්තේ ඩක්වර්ත්-ලුවිස් ක්‍රමය යටතේය.

ලන්කන් ක්‍රීඩා සමාජය හා හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය අතර තරගයේදී හෙට්ටිපොළ කණ්ඩායමේ උදිත් ප්‍රනාන්දු ලකුණු 89ක් රැස් කළද, ලන්කන් කණ්ඩායම ලකුණු 5කින් ජයගත්තේය. එම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කළණ මධුශංක නම් කෙරුණි.

එසේම යුනිචෙලා සහ ඕල්ඩ් ධර්මපාලියන්ස් අතර තරගයේදී මොහොමඩ් ශිල්මි (නොදැවී 73) සහ තරිඳු මධුවන්ත (නොදැවී 56) අර්ධ ශතක රැස් කරමින් ඔවුන්ට කඩුලු 6ක පහසු ජයක් හිමි කර දුන් අතර, එම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මොහොමඩ් ශිල්මි තේරී පත් විය.

කඳුකර සහ නාරම්මල කණ්ඩායම් අතර තරගය ලකුණු 4කින් කඳුකර කණ්ඩායම ජයගත් අතර එය එදින පැවැති තරග අතර තරගාත්මකම තරගයක් ලෙස සලකනු ලැබීය.

  • ඕල්ඩ් සහිරියන්ස් ක්‍රීඩා සමාජය  – සඳලංකා ක්‍රිකට් සමාජය – කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී

සඳලංකා ක්‍රිකට් සමාජය කඩුලු 9ක ජය ගනී

ඕලඩ් සහිරියන්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 32.1ක දී සියල්ල දැවී ලකුණු 98 – ෂබික් ඉෆ්තාරි 30, ෆයිස් අහමඩ් 26, මොහොමඩ් අස්කාර් 21, චනුර ප්‍රනාන්දු 11/4, අයේෂ් හර්ෂණ 34/2, පසිඳු උස්හෙට්ටි 35/2

සඳලංකා ක්‍රිකට් සමාජය පන්දුවාර 18.4ක දී කඩුල්ලක් දැවී ලකුණු 99 – බිනර සංකෙත් නොදැවී 45, හසිඳු පෙරේරා 38, කෙනුල පිහිලියංග 26/1

(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – චනුර ප්‍රනාන්දු  – සඳලංකා ක්‍රිකට් සමාජය)

  • යුනිචෙලා ක්‍රීඩා සමාජය  – ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය – මත්තෙගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී

ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රිකට් සමාජයට කඩුලු 6ක ජයක්

යුනිචෙලා ක්‍රීඩා සමාජය පන්දුවාර 50ක දී සියල්ල දැවී ලකුණු 203 – සනුක චෙරාන් 71, සයුරු උඩුකුඹුර 33, ගිම්හාන් ආශිර්වාද 27, සුපුන් චතුරංග 26, සසිරි අධිකාරි 24, විරංග යෙශාන් 14/3, ජනිඳු ජයවර්ධන 46/2

ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රිකට් සමාජය පන්දුවාර 42.1ක දී කඩුලු 4ක් දැවී ලකුණු 206 – මොහොමඩ් ශිල්මි නොදැවී 73, තරිඳු මධුවන්ත නොදැවී 56, අංජුල ප්‍රනාන්දු 23, නිකිල් අභිලාෂ් 21, සයුරු උඩුකුඹුර 19/1

(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – මොහොමඩ් ශිල්මි  – ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය)

  • කඳුකර ක්‍රිකට් සමාජය  – නාරම්මල ක්‍රීඩා සමාජය – මොනරාගල වෙල්ලස්ස දිස්ත්‍රික්ක ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී

කඳුකර ක්‍රිකට් සමාජයට ලකුණු 4ක තියුණු ජයක්

කඳුකර ක්‍රිකට් සමාජය පන්දුවාර 50ක දී සියල්ල දැවී ලකුණු 164 – දිනේෂ් මධුශාන් 49, ගයන ප්‍රීතිමල් 40, මේනක දෙනුවන් 19, අනුරුද්ධ රාජපක්ෂ 27/3, ප්‍රියෂාන් සිල්වා 22/2, දිමත් අබේසිංහ 48/2

නාරම්මල ක්‍රිකට් සමාජය පන්දුවාර 43.1ක දී සියල්ල දැවී ලකුණු 160 – අනුරුද්ධ රාජපක්ෂ 39, දිමත් අබේසිංහ 22, දිනෙත් චන්දිමාල් 19, ලක්ෂාන් පෙරේරා 27/4, සුදේශ් ඉඳුනිල් 30/2, නිශාන් සමරක්කොඩි 40/2

(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – ලක්ෂාන් පෙරේරා  – කඳුකර ක්‍රිකට් සමාජය)

  • මැලේ ක්‍රිකට් සමාජය  – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ  දී

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 6කින් ජය ගනී

මැලේ ක්‍රිකට් සමාජය පන්දුවාර 50ක දී කඩුලු 9ක් දැවී ලකුණු 196 – සවිඳු උත්සර 41, සචින් ගොඩමාන්න 35, නිමන් උමේෂ් 31, ඔවින් සල්ගාදු 27, තිමිර කුමාරගේ 30/4

 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පන්දුවාර 39.5ක දී (ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට) කඩුලු 4ක් දැවී ලකුණු 189 – ලෙෂ්ටර් ජයවීර 103, රන්මිත් සෙනරත් නොදැවී 36, ශවීන් පෙරේරා 28, තිළිණ ප්‍රනාන්දු 28/2

  • ලන්කන් ක්‍රිකට් සමාජය  – හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය – මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ දී

ලන්කන් ක්‍රිකට් සමාජයට ලකුණු 5ක තියුණු ජයක්

ලන්කන් ක්‍රිකට් සමාජය පන්දුවාර 50ක දී කඩුලු 8ක් දැවී ලකුණු 209 – පැතුම් සමින්ද නොදැවී 51, තේනුක ප්‍රවීන් 50, මංගල ප්‍රදීප් නොදැවී 42, ගැවින් බොතේජු 21, ශෙනාල් පෙරේරා 21/3, නිර්මාල් තිලකසිරි 24/2, ඔමේෂ් විද්‍යාරත්න 37/2

හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය පන්දුවාර 48.5ක දී සියල්ල දැවී ලකුණු 204 – උදිත් ප්‍රනාන්දු 89, අර්ෂාන් ජෝශප් 24, තිවංක පබසර 22, ශහන් කෞෂල්‍ය 37/3, කලණ මධුශංක 49/3, සෙනෙත් දිසානායක 31/2

(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – කළණ මධුශංක – ලන්කන් ක්‍රිකට් සමාජය)

  • මහනුවර තරුණ ක්‍රිකට් සමාජය  – මහනුවර ක්‍රිකට් සමාජය – සාලියපුර ගජබා  ක්‍රීඩාංගණයේ දී

මහනුවර තරුණ කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 25ක ජය

මහනුවර තරුණ ක්‍රිකට් සමාජය පන්දුවාර 48.4ක දී සියල්ල දැවී ලකුණු 187 – රුවන්ත හතුරුසිංහ 38, රයන් ග්‍රෙගරි 35, ජනුක රත්නායක 29, කෞෂික කුමාරසිංහ 23/3, තිසරු දිල්ශාන් 30/2, චනිරු සේනාරත්න 42/2, කනිල්ක ඇන්තනී 44/2

මහනුවර ක්‍රිකට් සමාජය පන්දුවාර 46ක දී කඩුලු 7ක් දැවී ලකුණු 162 – තිසරු දිල්ෂාන් නොදැවී 47, දිමන්ත මහවිතාරණ 31, මෙදුනක විජේතිලක නොදැවී 29, රුවන් පුෂ්පකුමාර 21/2

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar