slc
logo
Home   |    News
අප්‍රේල් 8, 2026
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට විශිෂ්ට තරගාවලි ජයක්

sinhala editor

සූරියවැව ක්‍රීඩාංගණයේ අද (8) පැවැති නිල නොවන එක්දින තරගයේදී, ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තුන් ඉරියව්වෙන්ම විශිෂ්ට  දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් නවසීලන්ත‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩක්වර්ත්-ලුවිස් න්‍යාය අනුව ලකුණු 44 ක ජයක් ලබාගත්තේය. මෙම ජයත් සමඟ තරග 3 කින් සමන්විත තරගාවලිය 2-0 ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවන්, නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 9ක් වැයව ලකුණු 368ක් රැස් කළහ. එහිදී ආරම්භක පිතිකරු ලසිත් කෘෘස්පුල්ලේ පන්දු 76කින් ලකුණු 103ක් ලබා ගනිමින් තරගයේ ගමන්මඟ තීරණය කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර 6ක් ඇතුළත් විය.

ඉන් අනතුරුව නායක සහන් ආරච්චිගේ ලකුණු 74ක් ලබාගත් අතර සොනාල් දිනූෂ ලකුණු 93ක් රැස් කරමින් කණ්ඩායම 350 සීමාව ඉක්මවා ගෙන ගියහ.

ලකුණු 369ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත ‘ඒ’ පිල ආරම්භයේදී වේගවත් ප්‍රහාරයක් දියත් කළද, දඟ පන්දු යවන්නන්ගේ පැමිණීමත් සමඟ ඔවුන්ගේ ඉදිරි ගමන අඩාල විය. අයහපත් කාලගුණය හේතුවෙන් තරගය අතර මග නතර කර දමනා විට නවසීලන්ත පිල පන්දුවාර 28 කදී කඩුලු 3 ක් දැවී රැස් කරගෙන සිටියේ ලකුණු 158 ක් පමණි. ඒ වන විටත් නවසීලන්ත ජයග්‍රහණය සදහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රාහී ඉලක්කය වී තිබුණේ ලකුණු 203 කි.

තරගාවලිය ආරම්භ කරමින් ගාල්ලේ පැවැති පළමු තරගයේදීද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 140ක දැවැන්ත ජයක් ලබාගෙන තිබූ අතර, තරගාවලියේ ඉතිරි තරගය තිබියදීම ජය තහවුරු කර ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9 ට 368 යි – (කමිල් මිෂාර 19, ලසිත් කෲස්පුල්ලේ 103, නුවනිඳු ප්‍රනාන්දු 20, සහන් ආරච්චිගේ 74, සොනාල් දිනූෂ 93, මිලාන් රත්නායක 15, වනුජ සහන් 14, ප්‍රමෝද් මධුෂාන් නොදැවී 12, ටිම් ප්‍රින්ගල් 58/3, ආදිත්‍ය අශෝක් 60/2)

නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 28 කදී කඩුලු 3 ට 158 යි ((ටිම් රොබින්සන් 27, ඩේල් පිලිප්ස් 34, කර්ටිස් හීපි නොදැවී 53, මැතිව් බොයිල් 17, මොහොමඩ් අබ්බාස් නොදැවී 11)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee