slc
logo
Home   |    News
මැයි 15, 2026
ශ්‍රී ලංකා-ඉන්දියා-ඇෆ්ගනිස්තානු ‘ඒ‘කණ්ඩායම් දඹුල්ලේදී තුන්කොන් සටනක

sinhala editor

ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන ජුනි මස 09 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, අවසන් මහ තරගය ජුනි  මස 21 වැනිදා පැවැත්වේ.

ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන මූලික තරග වටය යටතේදී සෑම කණ්ඩායමක්ම තරග තරග 2 කදී එකිනෙකා මුණ ගැසෙනු ඇත. ඒ අනුව තරගාවලියේ සමාරම්භක තරගය ලෙස ජුනි 9 වැනිදා ඉන්දියා සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම් අතර තරගයෙන් එකිනෙකා හමුවීමට නියමිත අතර, ජුනි 11 වැනිදා ඉන්දියා සහ ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම් තරග වදිනු ඇත. ජුනි 13 වැනිදා ඇෆ්ගනිස්තාන  සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම් අතර තරගය පැවැත්වේ.

ලීග් වටයේ ඉහළම දක්ෂතා දැක්වූ කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය ජුනි 21 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

එක්දින තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා සහ ඉන්දියා ඒ කණ්ඩායම් අතර සිව්දින තරග දෙකක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පළමු සිව්දින තරගය ජුනි 25 සිට 28 දක්වා පැවැත්වෙන අතර, දෙවැනි සිව්දින තරගය ජූලි 2 සිට 5 දක්වා පැවැත්වීමට නියමිතය.

දිනය             තරඟය                                                                     ක්‍රීඩාංගණය

ජුනි 09           ඉන්දියා A සහ ශ්‍රී ලංකා A                                            රංගිරි දඹුල්ල

ජුනි 11           ඉන්දියා A සහ ඇෆ්ගනිස්තාන A                                   රංගිරි දඹුල්ල

ජුනි 13           ඇෆ්ගනිස්තාන A සහ ශ්‍රී ලංකා A                                  රංගිරි දඹුල්ල

ජුනි 15           ඉන්දියා A සහ ශ්‍රී ලංකං A                                           රංගිරි දඹුල්ල

ජුනි 17           ඉන්දියා A සහ ඇෆ්ගනිස්තාන A                                  රංගිරි දඹුල්ල

ජුනි 19           ඇෆ්ගනිස්තාන A සහ ශ්‍රී ලංකා A                                 රංගිරි දඹුල්ල

ජුනි 21           අවසන් මහ තරගය                                                     රංගිරි දඹුල්ල

ජුනි 25-28      ශ්‍රී ලංකා A සහ ඉන්දියා A අතර පළමු සිව් දින තරගය     ගාල්ල

ජූලි 02-05      ශ්‍රී ලංකා A සහ ඉන්දියා A අතර දෙවැනි සිව්දින තරගය   ගාල්ල

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee