slc
logo
Home   |    News
මැයි 15, 2026
LPL හයවැන්න ජුලි 17 වැනිදා ජැෆ්නා සහ ගෝල් අතර තරගයෙන් ආරම්භ වේ

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2026 හෙවත් එල්.පී.එල්. ඉතිහාසයේ 6 වැන්න ලබන ජූලි 17 වැනිදා ගියවර ශූරයන් වන ජැෆ්නා කණ්ඩායම සහ අනුශූරයන් වන ගෝල් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ. මෙම තරගය ප.ව. 7.30 ට එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

තරගාවලියේ සමාරම්භක තරගයට පෙර කොළඹ එන්.එස්.සී. ක්‍රීඩාංගණයේදී විශේෂ සමාරම්භක උත්සවයක් ද පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා ඇත. දේශීය හා විදේශීය කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් විචිත්‍රවත් අංග රැසක් එම උත්සවයට එක්වනු ඇත.

මෙවර තරගාවලිය ජුලි 17 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා පැවැත්වෙන අතර, තරග කොළඹ එස්. එස්. සී., රංගිරි දඹුල්ල, පල්ලේකැලේ ජාත්‍යන්තර සහ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණ හතරේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG සමූහය එක්ව සංවිධානය කරන මෙම තරගාවලිය මෙවරද ක්‍රීඩකයින් අතර ඉහළ තරගකාරීත්වයකින් යුක්තව, රසිකයින්ට උණුසුම්, තරඟකාරී සහ විනෝදාත්මක ක්‍රිකට් අත්දැකීමක් ලබා දෙන ආකාරයෙන් සංවිධානය කෙරේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee