slc
logo
Home   |    News
ජූනි 21, 2026
පළමු වරට කොළඹින් පිට කණ්ඩායම් දෙකක් අවසන් මහ තරගයට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගාල්ල සහ මහනුවර කණ්ඩායම් අද (20) සමත් වූහ. ඒ අනුව පළමු වතාවට කොළඹින් පිට කණ්ඩායම් දෙකක් අවසන් මහ තරගයකට සුදුසුකම් ලද පළමු අවස්ථාව වශයෙන් මෙම තරගාවලිය ඉතිහාස ගත වනු ඇත.
මහනුවර කණ්ඩායම අවසන් මහ තරගයට පිවිසියේ කොළඹ දකුණු කණ්ඩායමට එරෙහිව ලකුණු 58ක ජයක් වාර්තා කරමිනි. මෙම තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අතර කාසියේ වාසිය දිනාගත් මහනුවර පිල පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
පළමුවෙන් පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ, කොළඹ දකුණ පන්දු යවන්නන්ගේ දැඩි පීඩනය හමුවේ පන්දු වාර 36.1කදී සියලුදෙනා දැවී ලකුණු 150ක් රැස් කළහ. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ මහේන්ද්‍ර අබේසිංහ පන්දු 30කින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තේය. ඔහුට අමතරව සිසිල් හේමක සහ චනිරු සේනාරත්න ලකුණු 23 බැගින් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළහ.
මහනුවර ඉනිම සීමා කිරීමේදී කොළඹ දකුණ වෙනුවෙන් හිමරු දේශාන් ලකුණු 19කට කඩුලු 3ක් බිඳ හෙළමින් කැපී පෙනුණ අතර, නායක රමිරු පෙරේරා සහ අදීශ ලක්ශාන් කඩුලු 2 බැගින් දවා ගනිමින් සහාය දැක්වූහ.
ලකුණු 151ක ඉලක්කයක් හඹා ගිය කොළඹ දකුණ කණ්ඩායමට මහනුවර පන්දු යවන්නන් හමුවේ ස්ථාවර පිළිතුරක් ගොඩනගා ගැනීමට නොහැකි විය. ඔවුන්ගේ ඉනිම පන්දු වාර 22.3කදී ලකුණු 92කට සීමාවිය.
මහනුවර පිලේ ජයග්‍රහණයට තීරණාත්මක දායකත්වයක් ලබාදුන් පන්දු යවන්නන් අතර කනිල්ක ඇන්තනී ඉදිරියෙන් පසුවන අතර ඔහු ලකුණු 18 ට කඩුලු 4 ක් දවා ගත්තේය. එමෙන්ම රයන් ග්‍රෙගරි, සුමේධ ප්‍රසාද් සහ සෙත්මික සෙනෙවිරත්න කඩුලු 2 බැගින් දවා ගනිමින් කොළඹ දකුණ පිති පෙළ බිඳ දැමූහ.
මහනුවර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 36.1 කදී සියලුදෙනා දැවී ලකුණු 150 යි – මහේන්ද්‍ර අබේසිංහ 31, සිසිල් හේමක 23, චනිරු සේනාරත්න 23, හිමරු දේශාන් 19/3, අදීශ ලක්ශාන් 33/2, රමිරු පෙරේරා 12/2)
කොළඹ දකුණ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 22.3 කදී සියලුදෙනා දැවී ලකුණු 92 යි – හිරුන් මතීෂ 22, කනිල්ක ඇන්තනී 18/4, රයන් ග්‍රෙගරි 10/2, සුමේධ ප්‍රසාද් 14/2, සෙත්මික සෙනෙවිරත්න 40/2)

Active filters

Recent Posts

  • චන්දිමාල්ගේ වාර්තාව බිඳ දැමූ සෙනුජ තවත් වාර්තාවක් අභියස
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට තවත් සුවිශේෂී පිතිකරුවකු බිහිවෙමින් සිටින බවට ප්‍රබල සංඥාවක් ලබා දුන් යොවුන් ආරම්භක පිතිකරු සෙනුජ වෙකුණගොඩ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13දා) ආරම්භ වූ ඉන්දීය […]
  • ඉන්දීය යොවුන් පිලට එරෙහි සිව්දින අභියෝගය හෙට ගාල්ලේදී ඇරඹේ
    ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • සතියේ එකම පූර්ණ ජය චිලව් මේරියන්ස්ගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අටවැනි සතියේ පැවැති තරග අතරින් එකම පූර්ණ තරග ජය […]
  • ෂෙහස් සහ පවන් ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (11 දා) නිමාවට පත්වූ තරගය වුණු ඒස් කැපිටල් සහ […]
  • කුරුණෑගල යූත් අසීරුතාවයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවැති ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත් කණ්ඩායම් අතර තරගයේ පළමු […]

Pin It on Pinterest

USD United States (US) dollar