ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්රිකට් තරගාවලියේ පළමු ජයග්රහණය වාර්තා කිරීමට එස්.එස්.සී. කණ්ඩායම සමත්විය. පොලිස් ක්රීඩා සමාජයට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කරමින් එස්. එස්. සී. පිල මෙම පූර්ණ තරග ජය වාර්තා කරද්දී මල්ෂ ප්රනාන්දු සහ දුනිත් වෙල්ලාලගේ ජයග්රහණයේ නියමුවෝ බවට පත්වූහ.
පොලිස් පළමු ඉනිම ලකුණු 116කට සීමා කළ එස්.එස්.සී. පන්දු යවන්නන් අතර දුනිත් වෙල්ලාලගේ ලකුණු 39කට කඩුලු 5 ක් සහ මල්ෂ ප්රනාන්දු ලකුණු 43කට කඩුලු 5ක් දවා ගත්හ. ඊට පිළිතුරු ලෙස එස්.එස්.සී. සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 287ක් රැස් කළේ නෙත්සර යස්මිත (71), රවිත් ජයසූරිය (62), රනුද සෝමරත්න (45) සහ දුනිත් වෙල්ලාලගේ (45)ගේ දායකත්වයෙනි.
ලකුණු 171කට දෙවැනි ඉනිම අවසන් කළ පොලිස් පිලේ ධනුජ ඉඳුවර ලකුණු 81ක් ලබා ගනිමින් සටන්කාමී ඉනිමක් ක්රීඩා කළද එය ජයග්රහණයකට ප්රමාණවත් නොවීය. එම ඉනිමේදී ද මල්ෂ ප්රනාන්දු කඩුලු 5ක් සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 4ක් දවා ගනිමින් SSC ජය තහවුරු කළහ. තරගය පුරා මල්ෂ ප්රනාන්දු ලකුණු 106කට කඩුලු 10ක් දවා ගනිද්දී, දුනිත් වෙල්ලාලගේ ලකුණු 79කට කඩුලු 9ක් දවා ගැනීම කැපී පෙනෙන දක්ෂතාවක් විය.
තරගාවලියේ දෙවැනි දිනයේ තවත් කැපී පෙනුණු පිතිකරණ දක්ෂතාව වාර්තා කළේ සී.සී.සී. කණ්ඩායමේ සනුල් වීරරත්නය. ගාලු කණ්ඩායමට එරෙහිව පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 99ක් රැස් කළ ඔහුට අවාසනාවන්ත ලෙස ශතකය අහිමි විය.
තවත් අර්ධ ශතක වාර්තා කළ ක්රීඩකයන් අතර බී.ආර්.සී. කණ්ඩායමේ පවන් සංදේශ් (54), ටැමිල් යුනියන් කණ්ඩායමේ විහස් තෙව්මික (නොදැවී 96), ඒස් කැපිටල් කණ්ඩායමේ වනුජ සහන් (89) සහ සුපුන් වඩුගේ (නොදැවී 76), එස්.එස්.සී. කණ්ඩායමේ රවිත් ජයසූරිය (62) සහ නෙත්සර යස්මිත (71) මෙන්ම පොලිස් කණ්ඩායමේ ධනුජ ඉඳුවර (81) ද වූහ.
පන්දු යවන්නන් අතර නුගේගොඩ ක්රීඩා සමාජයේ සඳුන් මෙන්ඩිස් ලකුණු 62කට කඩුලු 5ක් දවා ගනිමින් කැපී පෙනුණේය.
- පොලිස් ක්රීඩා සමාජය සහ SSC අතර – කොළඹ පොලිස් පාර්ක් ක්රීඩාංගණයේදී
- SSC කණ්ඩායමට කඩුලු 10ක ජයක්.
පොලිස් ක්රීඩා සමාජය පළමු ඉනිම ලකුණු 116 යි සහ දෙවැනි ඉනිම 171 (ධනුජ ඉඳුවර 81, මල්ෂ ප්රනාන්දු 63/5, දුනිත් වෙල්ලාලගේ 40/4)
SSC පළමු ඉනිම කඩුලු 6 ක් දැවි ලකුණු 287 යි (නෙත්සර යස්මිත 71, රවිත් ජයසූරිය 62, රනුද සෝමරත්න 45, දුනිත් වෙල්ලාලගේ 45 සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී ලකුණු 01 යි.
- නුගේගොඩ ක්රීඩා සමාජය සහ බී.ආර්.සී. අතර – දොඹගොඩ යුද හමුදා ක්රීඩාංගණයේදී
- තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
නුගේගොඩ ක්රීඩා හා සුභසාධක සමාජය පළමු ඉනිම 101 සහ දෙවැනි ඉනිම කඩුලු 2 ට ලකුණු 37යි
බී.ආර්.සී. පළමු ඉනිම ලකුණු 169 යි (පවන් සංදේශ් 54, සඳුන් මෙන්ඩිස් 62/5)
- බදුරලිය ක්රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්රීඩා හා මලල ක්රීඩා සමාජය අතර – කොළඹ SLLDC ක්රීඩාංගණයේදී
බදුරලිය ක්රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 125 යි – (නිකිල් ජයවීර 39, තරිඳු නිර්මාල් 45/3)
- ටැමිල් යූනියන් ක්රීඩා හා මලල ක්රීඩා සමාජය සහ මුවර්ස් ක්රීඩා සමාජය අතර – කොළඹ පී. සරා ඕවල් ක්රීඩාංගණයේදී
ටැමිල් යූනියන් පළමු ඉනිම 206 (විහස් තෙව්මික 96*)
මුවර්ස් පළමු ඉනිම කිසිවකු නොදැවී ලකුණු 20 යි
- සී.සී.සී. සහ ගාල්ල ක්රීඩා සමාජය අතර – කොළඹ සී.සී.සී. ක්රීඩාංගණයේදී
සී.සී.සී. පළමු ඉනිම ලකුණු 332 යි (සනුල් වීරරත්න 99, සරිත් සුදීන 73,, වෙනුර විතානගේ 53)
ගාල්ල ක්රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 46 යි
- චිලව් මැරියන්ස් ක්රීඩා සමාජය සහ ලියෝ ක්රීඩා සමාජය අතර – මග්ගොන සරේ ක්රීඩාංගණයේදී
ලියෝ ක්රීඩා සමාජය පළමු ඉනිම ලකුණු 145 යි (තිමිර ඉරුශික 13/5, සසංක නිර්මාල් 20/4)
චිලව් මේරියන්ස් පළමු ඉනිම කිසිවකු නොදැවී 01 යි
- ඒස් කැපිටල් ක්රීඩා සමාජය සහ නාවික හමුදා ක්රීඩා සමාජය අතර – කොළඹ බී.ආර්.සී. ක්රීඩාංගණයේදී
ඒස් කැපිටල් පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 363 යි (වනුජ සහන් 89, සුපුන් වඩුගේ 76*, රචින්ත ද සිල්වා 50*)
නාවික හමුදා ක්රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 35 යි
- මහනුවර කස්ටම්ස් ක්රීඩා සමාජය සහ පානදුර ක්රීඩා සමාජය අතර – දොඹගොඩ යුද හමුදා ක්රීඩාංගණයේදී
මහනුවර කස්ටම්ස් පළමු ඉනිම ලකුණු 120 යි (කවිෂ ඉඳුවර 36*, පූජිත් වත්සුග 30, මලින්ත සිල්වා 35/4)
පානදුර ක්රීඩා සමාජය පළමු ඉනිම කිසිවකු නොදැවී ලකුණු 00 යි



