slc
logo
Home   |    News
ජූලි 29, 2026
ජැෆ්නා කිංග්ස්ට ලකුණු 19ක ජයක්

sinhala editor

ඊබ්‍රහිම් සඳ්‍රාන්ගේ විශිෂ්ට ඉනිමත්, ඩිල්ෂාන් මධුෂංකගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ 15 වැනි තරගයේදී කලම්බු කැප්ස් පිල ලකුණු 19කින් පරාජය කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (28) පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 202ක් රැස් කළේය.

එහිදී අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි ඊබ්‍රහිම් සද්‍රාන් පන්දු 65කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් අනර්ඝ ලකුණු 95ක් රැස් කරමින් ඉනිමේ කොඳු නාරටිය බවට පත්විය. ආරම්භක පිතිකරු කමිල් මිෂාර වේගවත් ලකුණු 44ක් රැස් කළ අතර, මැදපෙළ පිතිකරු තව්හිඩ් රිඩෝයි නොදැවී ලකුණු 31ක් ලබා දෙමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාව ඉක්මවා ගෙන ගියේය.

ලකුණු 203ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කලම්බු කැප්ස් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 183ක් පමණි.

ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම පන්දු 36කින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 44ක් රැස් කරමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළද, සෙසු පිතිකරුවන්ගෙන් ප්‍රමාණවත් සහායක් නොලැබීම හේතුවෙන් කොළඹ පිලට පරාජය වළක්වා ගැනීමට නොහැකි විය. කමිඳු මෙන්ඩිස් ලකුණු 28ක්, මිලාන් රත්නායක ලකුණු 26ක් සහ ජනිත් ලියනගේ ලකුණු 20ක් රැස් කළහ.

ජැෆ්නා කිංග්ස් පන්දු යවන්නන් අතර වමත් වේග පන්දු යවන ඩිල්ෂාන් මධුෂංක කැපී පෙනුණු අතර, ඔහු ලකුණු 30කට කඩුලු 3ක් දවා ගනිමින් මෙවර LPL තරගාවලියේ තම හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

ජැෆ්නා කිංග්ස් – 202/5 (ඕවර 20)
ඊබ්‍රහිම් සද්රාන් 95 (65), කමිල් මිෂාර 44 (19), තව්හිඩ් රිඩෝයි නොදැවී 31 (8), දුනිත් වෙල්ලාලගේ 17, ජේම්ස් නීෂම් 30/2, මුජීබ් උර් රහ්මාන් 38/1.

කොළඹ කැප්ස් – 183/9 (ඕවර 20)
සධීර සමරවික්‍රම 44 (36), කමිඳු මෙන්ඩිස් 28 (13), මිලාන් රත්නායක 26 (15), ජනිත් ලියනගේ 20 (9), ජේම්ස් නීෂම් 19, ඩිල්ෂාන් මධුෂංක 30/3, ලිසාඩ් විලියම්ස් 47/2, ට්‍රවීන් මැතිව් 23/1, මොහොමඩ් ශිරාස් 29/1, දුනිත් වෙල්ලාලගේ 21/1

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee