ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 15 දෙනාගේ සංචිතයේ හදිසි වෙනසක් සිදු කර තිබේ.
සංචිතයට ඇතුළත් කර සිටි කාව්‍යා කාවින්දි වෛරස් ආසාදනයකට ගොදුරු වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
ඒ අනුව, තේරීම් කමිටුව විසින් ඇය වෙනුවට මල්කි මදාරා ශ්‍රී ලංකා කාන්තා එක්දින සංචිතයට කැඳවා ඇත.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (23) පෙරවරු 10.00ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර, දෙපිලම තරගාවලිය ජයගැනීමේ අරමුණින් පිටියට පිවිසීමට සූදානමින් සිටියි.






