slc
logo
Home   |    News
ජූලි 4, 2026
සුදර්ශන්ගේ විශිෂ්ට ශතකයෙන් තරගයේ පාලනය ඉන්දීය ‘ඒ’ අතට

sinhala editor

එළැඹෙන අගෝස්තු මසදී යෙදී ඇති ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ  ශ්‍රී ලංකා සංචාරයේදී අංක තුන පිතිකරු ස්ථානය සඳහා තමා ප්‍රබල අපේක්ෂකයකු බව යළිත් තහවුරු කළ සායි සුදර්ශන්, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහි දෙවැනි නිල නොවන සිව්දින තරගයේදී විශිෂ්ට ලකුණු 168ක් රැස් කරමින් ඉන්දීය ‘ඒ’ කණ්ඩායම තරගයේ සම්පූර්ණ පාලනය කරා රැගෙන ගියේය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය වූ අද (04 දා) නිමාවන විට, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු 366ට පිළිතුරු ලෙස ඉන්දීය ‘ඒ’ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 541ක් රැස් කරමින් ලකුණු 175කින් පළමු ඉනිමේදී පෙරමුණු පැමිණියේය.

දෙවැනි දිනය නිමාවන විට නොදැවී ලකුණු 104ක් ලබා සිටි වමත් පිතිකරු සායි සුදර්ශන්, ඉවසීම සහ ප්‍රහාරාත්මක බව මනාව මුසු කළ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 267කදී හතරේ පහර 22ක් සමඟ ලකුණු 168ක් රැස් කළේය. ඔහුගේ මෙම ඉනිම ඉන්දීය ‘ඒ’ පිල වෙනුවෙන් තරගයේ කැපී පෙනෙන පිතිහරඹය බවට පත්විය.

ආරම්භක පිතිකරු අමන් මෝක්හාඩේ ලකුණු 38ක් රැස් කරමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක සබඳතාවක් ගොඩනැගූ අතර ඉන් අනතුරුව සුදර්ශන් හා දේව්දත් පඩික්කාල් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 182ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගූහ. ශතකයක් පෙනි පෙනී සිටි පඩික්කාල් ලකුණු 94කට දැවී යාම හේතුවෙන් ඔහුට ශතකය අහිමි විය.

ඉන්දීය නායක ධෘව් ජුරෙල් ලකුණු 53ක් රැස් කළ අතර ෂෙයික් රෂීඩ් ලකුණු 45ක් ලබා ගත්තේය. ආබාධයකට ලක් වූ රුටුරාජ් ගයික්වාඩ් ලකුණු 13ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වූ නමුත් මේ ඔහු මේ දක්වා පන්දුවට පහර දීම සඳහා යලි පිටියට නොපැමිණියේය.

ඉනිමේ අවසන් භාගයේදී සරන්ෂ් ජේන් නොදැවී ලකුණු 68ක් රැස් කරමින් වටිනා ඉනිමක් ක්‍රීඩා කළ අතර අව්කිබ් නබි (30) සමඟ අටවැනි කඩුල්ල සඳහා ලකුණු 81ක සබඳතාවක් ගොඩනඟමින් ඉන්දීය ලකුණු සංඛ්‍යාව 500 සීමාව ඉක්මවා රගෙන ගියහ.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනුණු පන්දු යවන්නා වූ කේෂර නුවන්ත පන්දුවාර 50ක් යවා ලකුණු 158කට කඩුලු 4ක් දවා ගනිමින් වැඩිම කඩුලුලාභියා බවට පත්විය. ඔහු දේව්දත් පඩික්කාල්, අමන් මොඛාඩේ, ෂෙයික් රෂීඩ් සහ ගුර්නූර් බ්‍රාර්ගේ කඩුලු දවා ගත්තේය.

වමතින් දඟ පන්දු යවන දිලුම් සුදීර ද සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 101කට කඩුලු 3ක් දවා ගත්තේය. ඒ අතර සුදර්ශන්ගේ දැවැන්ත ඉනිමට තිත තැබීම මෙන්ම නායක ධෘව් ජුරෙල් සහ සීෂාන් අන්සාරිගේ කඩුලුද ඇතුළත් විය. තරගයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා ‘ඒ’ නායක සහන් ආරච්චිගේ ද එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

ඊට පෙර ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 366ක් රැස් කළ අතර, නායක සහන් ආරච්චිගේ පන්දු 207කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟ අනගි ලකුණු 127ක් රැස් කරමින් ඉනිමේ කොඳු නාරටිය බවට පත්විය. නුවනිදු ප්‍රනාන්දු ලකුණු 44ක්, අංජල බණ්ඩාර ලකුණු 42ක්, පවන්ත වීරසිංහ ලකුණු 39ක් සහ අශේන් බණ්ඩාර ලකුණු 34ක් රැස් කළහ.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම පන්දුවාර 366 කදී ලකුණු 366 යි – (සහන් අරච්චිගේ 127, නුවනිඳු ප්‍රනාන්දු 44, අංජල බණ්ඩාර 42, පවන්ත වීරසිංහ 39, අශේන් බණ්ඩාර 34, සෝහන් ද ලිවේරා 28, චාමික ගුණසේකර 13, කේෂර නුවන්ත 01, දිලුම් සුදීර 20, දුලාජ් සමුදිත 02*, අසංක මනෝජ් 04, යෂ් තාකූර් 46/2, සරන්ෂ් ජේන් 92/4, ගුර්නූර් බ්‍රාර් 77/4)

ඉන්දීය ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 142 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 541 යි – (සායි සුදර්ශන් 168, අමන් මඛෝඩේ 38, දෙව්දත් පඩික්කාල් 94, රුටුරාජ් ගයික්වාඩ් 13, ධෘව් ජුරෙල් 53, ශයික් රශීඩ් 45, සාරාන්ෂ් ජේන් 68*, ආයුකීබ් නබී 30, කේෂර නුවන්ත 158/4, දිලුම් සුදීර 1001/3, සහන් ආරච්චිගේ 20/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar