slc
logo
Home   |    News
ජූලි 25, 2026
ආසියානු ක්‍රීඩා ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව ප්‍රමුඛ කණ්ඩායම් අතරින්

sinhala editor

2026 ජපානයේ අයිචි-නාගෝයා නගරවල පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සෘජුවම අවසන් අට දෙනාගේ (Quarter-finals) වටයට සුදුසුකම් ලබා තිබේ.

තරගාවලියේ ඉහළම ශ්‍රේණිගත කණ්ඩායම් හතර ලෙස ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව සෘජුවම මෙම වටයට පිවිසි අතර, තවත් කණ්ඩායම් හතරක් සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් ඉදිරියට පැමිණ ඔවුන් සමඟ එක්වීමට නියමිතය.

සුදුසුකම් ලැබීමේ වටයේ ‘A’ කාණ්ඩයට ඇෆ්ගනිස්තානය, සත්කාරක ජපානය සහ නේපාලය ඇතුළත් වන අතර, ‘B’ කාණ්ඩයේ මැලේසියාව, ඕමානය සහ හොංකොං (චීනය) තරග වදිනු ඇත. සෑම කණ්ඩායමක්ම තම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් දෙක සමඟ එක් වරක් බැගින් තරග වැදෙන අතර, එක් එක් කාණ්ඩයේ ඉහළම කණ්ඩායම් දෙක අවසන් අට දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගනු ඇත.

මේ අතර, කාන්තා ක්‍රිකට් තරගාවලිය සෘජුවම අවසන් අට දෙනාගේ වටයෙන් ආරම්භ වන අතර, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මැලේසියාව සමඟ තරග වැදීමට නියමිතය. එමෙන්ම ඉන්දියාව ජපානයට එරෙහිවත්, පාකිස්තානය තායිලන්තයට එරෙහිවත්, බංග්ලාදේශය චීනයට එරෙහිවත් සිය මූලික තරග ක්‍රීඩා කරනු ඇත.

2023 වසරේ චීනයේ හැන්ග්ෂෝ නගරයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී පිරිමි සහ කාන්තා ක්‍රිකට් ඉසව් දෙකෙහිම රන් පදක්කම් දිනාගත්තේ ඉන්දීය කණ්ඩායම්ය.

2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 17 සිට 22 දක්වාත්, පිරිමි ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 1 දක්වාත් ජපානයේ අයිචි-නාගෝයාහිදී පැවැත්වීමට නියමිතය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee