ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවැති ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත් කණ්ඩායම් අතර තරගයේ පළමු දිනය නිමාවන විට කුරුණෑගල යූත් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 59ක් ලබා සිටියේය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඒස් කැපිටල් කණ්ඩායම පන්දුවාර 62.4කදී සියලු දෙනා දැවී ලකුණු 227ක් රැස් කළේය. එහිදී කවිඳු අමමෙත් ලකුණු 66ක වටිනා ඉනිමක් ක්‍රීඩා කළ අතර, පවන් පතිරාජ ලකුණු 39ක් සහ කෞෂික කුමාරසිංහ ලකුණු 34ක් රැස් කරමින් ඉනිමට දායකත්වය ලබා දුන්හ.
කුරුණෑගල යූත් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ දිනුක තෙන්නකෝන් ලකුණු 84කට කඩුලු 4ක් දවා ගත් අතර, වතිල උදාර ලකුණු 66කට කඩුලු 3ක් සහ ෂෙශාන් මාරසිංහ ලකුණු 31කට කඩුලු 2ක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිම ආරම්භ කළ කුරුණෑගල යූත් කණ්ඩායම පළමු දිනය අවසන් වන විට පන්දුවාර 25ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 59ක් ලබා සිටියේය. අමේෂ් තෙන්නකෝන් ලකුණු 23ක් රැස් කළ අතර ගයන වීරසිංහ ලකුණු 14ක් නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.
ඒස් කැපිටල් කණ්ඩායම වෙනුවෙන් වනුජ සහන් ලකුණු 20කට කඩුලු 2ක් දවා ගත් අතර, ට්‍රෙවීන් මැතිව් සහ අනුක විජේවර්ධන කඩුල්ල බැගින් හිමිකර ගත්හ. ඒ අනුව කුරුණෑගල යූත් කණ්ඩායම තවදුරටත් ලකුණු 168ක් පසුපසින් සිටින අතර තරගයේ දෙවැනි දිනයේදී එම පරතරය අවම කරගැනීමේ අභියෝගයට මුහුණ දෙනු ඇත.
ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්
ඒස් කැපිටල් පන්දුවාර 62.4 කදී සියලු දෙනා දැවී ලකුණු 227 යි – (කවිඳු අමමෙත් 66, පවන් පතිරාජි 39, දිලන දම්සර 12, සුපුන් වඩුගේ 21, රචින්ත ද සිල්වා 16, කෞෂික කුමාරසිංහ 34, ට්‍රෙවීන් මැතිව් 13, දිනුක තෙන්නකෝන් 84/4, වතිල උදාර 66/3, ෂෙශාන් මාරසිංහ 31/2)
කුරුණෑගල යූත් පන්දුවාර 25 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 59 යි – (අභිෂේක් ලියනාරච්චි 12, අමේෂ් තෙන්නකෝන් 23, ගයන වීරසිහ 14*, වනුජ සහන් 20/2, ට්‍රෙවීන් මැතිව් 23/1, අනුක විජේවර්ධන 07/1)
ජූලි 10, 2026
කුරුණෑගල යූත් අසීරුතාවයක




