slc
logo
Home   |    News
ජූලි 1, 2026
දෙවැනි සිව්දින තරගයට ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයේ වෙනස්කම් තුනක්

sinhala editor

ඉන්දීය ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ජූලි 2 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන දෙවැනි සිව්දින ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට වෙනස්කම් තුනක් සිදු කර තිබේ.

පළමු සිව්දින තරගය පිතිකරුවන්ගේ ආධිපත්‍යය යටතේ ඉහළ ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරමින් ජය පැරදුමෙන් තොරව අවසන් වීමෙන් අනතුරුව තේරීම් කමිටුව මෙම සංශෝධන සිදු කර ඇත.

ඒ අනුව, කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල වෙනුවට සොහාන් ද ලිවේරා සංචිතයට කැඳවා තිබේ. එසේම රවිඳු ප්‍රනාන්දු සහ කවිඳු පතිරත්න වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක අසංක මනෝජ් සහ කේෂර නුවන්තත් දෙවැනි තරගය සඳහා වන අවසන් 11 දෙනා අතරට එක් කර ඇත.

සහන් ආරච්චිගේගේ නායකත්වයෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම දෙවැනි තරගයේදී ජයග්‍රහණයක් වාර්තා කරමින් තරගාවලියේ වාසිය තමන් සතු කර ගැනීමේ අරමුණින් පිටියට පිවිසීමට නියමිතය.

දෙවැනි සිව්දින තරගය සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම –  සොහාන් ද ලිවේරා, පවන්ත වීරසිංහ, නුවනිඳු ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, සහන් ආරච්චිගේ (නායක), අංජල බණ්ඩාර, චාමික ගුණසේකර, දිලුම් සුදීර, කේෂර නුවන්ත, දුලාජ් සමුදිත සහ අසංක මනෝජ්.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee