slc
logo
Home   |    News
ජූලි 17, 2026
බදුරලියෙන් ලකුණු 654 ක දැවැන්ත ඉනිමක් – මානස සහ හිරුණ ද්විත්ව ශතකවලින් බැබළෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (17) නිමාවට පත්වූ තරගවලදී බදුරලිය ක්‍රීඩා සමාජයේ මානස මදුභාෂණ සහ හිරුණ ගාල්ලගේ වාර්තාගත ද්විත්ව ශතක රැස් කරමින් දිනයේ කැපී පෙනෙන දස්කම් දැක්වූහ.

මානස මදුභාෂණ විශිෂ්ට ලකුණු 222ක් රැස් කළ අතර, හිරුණ ගාල්ලගේ නොදැවී 203ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනාගේ අතිවිශිෂ්ට පිතිහරඹය හේතුවෙන් බදුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම සඳහා ලකුණු 654ක දැවැන්ත ඉනිමක් ගොඩනැගීමට සමත් විය.

මෙම තරගයේ විශේෂත්වය වූයේ බදුරලිය කණ්ඩායම තරගයේ දින දෙක පුරාම පන්දුවට පහර දෙමින් රාගම කණ්ඩායමට පන්දුවට පහර දීම සඳහා ලබාදුන්නේ පන්දුවාර 9ක් පමණක් වීමයි. දිනය නිමාවන විට රාගම කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 37ක් රැස් කර තිබිණි.

දිනයේ සෙසු ශතකලාභීන් අතර පානදුර කණ්ඩායමේ සුවහස් ප්‍රනාන්දු (107), නිගම්බු කණ්ඩායමේ හංසජ හිරුණ (106), කුරුණෑගල කණ්ඩායමේ දිනුග අබේසේකර (105), සී.සී.සී. කණ්ඩායමේ වෙනුර විතානගේ (111) සහ ලියෝ ක්‍රීඩා සමාජයේ අවින්ත ද අල්විස් (119) කැපී පෙනුණි.

පන්දු යැවීමේදී කඩුලු පහක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දවා ගැනීමට සමත් වූයේ තිදෙනෙකු පමණි. කෝල්ට්ස් කණ්ඩායමේ ඔහස් සඳෙව් ලකුණු 39කට කඩුලු 5ක් බිඳ හෙළූ අතර, පානදුර කණ්ඩායම වෙනුවෙන් ඉනුක ද සිල්වා ලකුණු 89කට කඩුලු 5ක් දවා ගත්තේය. එමෙන්ම බදුරලියට එරෙහිව රාගම කණ්ඩායමේ කෙවින් නානායක්කාර ලකුණු 196කට කඩුලු 4ක් ලබා ගත්තද, බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම වෙනුවෙන් කවීෂ පියුමාල් තරගය පුරා කඩුලු 6ක් (පළමු ඉනිමේ 3ක් සහ දෙවැනි ඉනිමේ 3ක්) දවා ගනිමින් දස්කම් දැක්වීය.

මේ අතර දිනයේ එකම පූර්ණ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූයේ පානදුර ක්‍රීඩා සමාජයයි. යුද හමුදා කණ්ඩායමට එරෙහි තරගයේදී කඩුලු 5ක ජයක් වාර්තා කළ පානදුර කණ්ඩායම, පළමු ඉනිමේ වාසියත් සමඟ තරගයේ පූර්ණ පාලනය සියතට ගත්තේය. සුවහස් ප්‍රනාන්දුගේ ශතකයත්, මලින්ත සිල්වාගේ කඩුලු 7ක (ඉනිම් දෙකේ 3 සහ 4) දස්කමත් එම ජයග්‍රහණයේ ප්‍රධාන හේතු විය.

පානදුරට කඩුලු 5 ක ජයක්

  • පානදුර පළමු ඉනිම පන්දුවාර 73 කදී ලකුණු 275 යි – (සුවහස් ප්‍රනාන්දු 107, සිත්රූ ගුණරත්න 21, කාංචන ද ලිවේරා 21, මිහින් සොයිසා 38, නිකේෂ ඉද්දමල්ගොඩ 62, ඉනුක ද සිල්වා 89/5, පැතුම් විහඟ 82/2, උමේෂ් ද සිල්වා 53/2)
  • යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 47.5 කදී ලකුණු 175 යි – (ෂෙනෙශ්ක නෙත්සර 52, සුකිත දෙව්තිලිණ 47, දිමන්ත අරූෂ 32, මලින්ත සිල්වා 70/3, සිත්රූ ගුණරත්න 13/3, රන්දික මිහිරංග 50/2, ප්‍රසන්න ලක්මිණ 30/2) සහ දෙවැනි ඉනිම පන්දුවාර 46 කදී ලකුණු 139 යි – (සුකිිත දෙව්තිලිණ 27, දිමන්ත අරූෂ 27, මලින්ත සිල්වා 39/4, දසුන් චමෝද් 51/2, ප්‍රසන්න ලක්මින 12/2)
  • පානදුර දෙවැනි ඉනිම පන්දුවාර 6.3 කදී කඩුලු 5 කට ලකුණු 42 යි – (මිහින් සොයිසා 14*, දිමන්ත අරූෂ 24/3)

බදුරලියෙන් ලකුණු 654 ක දැවැන්ත ඉනිමක්

  • බදුරලිය පළමු ඉනිම පන්දුවාර 160.5 කදී ලකුණු 654 යි – (මානස මදුභාෂණ 222, හේෂාන් මදුශංක 46, කූජන පෙරේරා 44, සසිඳු කෞෂාන් 42, ෂෙහාන් මදුශංක 41, හිරුන ගාල්ලගේ 203*, ෂෙරන් අභිෂේක් 16, කෙවින් නානායක්කාර 196/4, මලීෂ සිල්වා 29/3)
  • රාගම පළමු ඉනිම පන්දුවාර 9 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 37 යි – (සහන් කෞෂල්‍ය 26)

කෝල්ට්ස් පිලට පළමු ඉනිම ජයක්

  • කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 72.2 කදී කඩුලු 2 ට ලකුණු 404 යි – (හිරාන් ජයසුන්දර 229, රනුද ගංගනාත් 169)
  • නාවික හමුදාව පළමු ඉනිම පන්දුවාර 69.4 කදී ලකුණු 191 යි – (යුනෙත් සෙනෙවිරත්න 60 රුවින් සංකපාල 49, චන්දූප පෙරේරා 27, ඔහස් සදෙව් 39/5, ශනිල් පෙරේරා 40/4)
  • කෝල්ට්ස් දෙවැනි ඉනිම පන්දුවාර 35 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 159 යි – (රන්දුණු ගංගනාත් 82*, ආරොන් කොඩිතුවක්කු 54*)

යුනයිඩ් සදර්න් සහ බ්ලූම්ෆීල්ඩ්

  • යුනයිටඩ් සදර්න් පළමු ඉනිම පන්දුවාර 56.5 කදී ලකුණු 167 යි – (දමේෂ් මතිෂාන් 39, සෙහස් අශිංස 19, තමිඳු ප්‍රදීප්ත 18, සෙනුක දන්ගමුව 26, කවීෂ කල්පන 18*, තරින්ද ගුරුගේ 42/4, කවීෂ පියුමාල් 32/3)
  • බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම පන්දුවාර 69 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 284 යි – (හසිත අමරසිංහ 37, මිනෙත් ප්‍රේමරත්න 20, නිසල අබේරත්න 68, ශානික්‍ය දේශප්‍රිය 27, හංසමාන ද සිල්වා 56, කවීෂ පියුමාල් 23*, දුලාජ් සමුදිත 15*, කවීෂ ගීත්මාල් 55/3, විදුර ලක්ෂාන් 41/2, විශ්මිත සත්සර 55/2, සෙනුක දනගමුව 58/2)
  • යුනයිටඩ් සදර්න් දෙවැනි ඉනිම පන්දුවාර 43.3 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 138 යි – (සෙහස් අශිංස 23, තත්සර දෙව්මිත් 52, තමිඳු ප්‍රදීප්ත 21, පෙසඳු සංජන් 18*, කවීෂ පියුමාල් 30/3, අසිත වන්නිනායක 30/2)

නිගම්බු – කුරුණෑගල ප්‍රතිඵල රහිතයි

  • නිගම්බු පළමු ඉනිම පන්දුවාර‍‍ 108 කදී කඩුලු 7 කට ලකුණු 363 යි – (තත්සර ඒෂාන් 72, හංසජ හිරුණ 106, කවීන් දිනෙත් 64, ශෆ්නි ඩීන් 20*, අමිත පෙරේරා 26*, යශ්මිත් ජයසුන්දර 86/4, සනුජ නිඳුවර 46/2)
  • කුරුණෑගල පළමු ඉනිම පන්දුවාර 74 කදී කඩුලු 8 කට ලකුණු 315 යි – (දිනුග අබේසේකර 105, අශාන් ශනිල්ක 68, ජනිත් රවිශ්ක 50, සනුජ නිඳුවර 30, සොනාල් අශ්වින් 21*, ෂෙහාන් ප්‍ර මෝද් 111/2, අමිත පෙරේරා 111/2)

​සී.සී.සී. සහ සෙබස්ටියනයිට්ස්

  • සී.සී.සී. පළමු ඉනිම පන්දුවාර 77 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 417 යි – (සරිත් සුදීන 84, වෙනුර විතානගේ 111, අංජල බණ්ඩාර 82, රශ්මික පෙරේරා 68, ඉනුක කරන්නාගොඩ 20, චනුල් අතාලේ 16, සුතර්සන් උබාර්නන් 20, මෙත්නුල මායාදුන්න 92/2
  • සෙබස්ටියනයිට්ස් පළමු ඉනිම පන්දුවාර 11 කදී කඩුල්ලක් දැවී ලකුණු 33 යි

ලියෝ – මොරටුව

  • ලියෝ පළමු ඉනිම පන්දුවාර 90 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 336 යි – (අවින්ත ද අල්විස් 119, නෙලුක හේෂාන් 42, නෙත්ම කරුණාරත්න 29, සලිඳු පතිරණ 59, විශ්ව රාජපක්ෂ 47, හෂ්මික නෙත්ශාන් 19*, මංජුල චන්තුක 73/2, සංජන සෙනෙවිරත්න 55/2, රුසිත් ජයවර්ධන 42/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar