slc
logo
Home   |    News
ජූලි 28, 2026
බ්ලූම්ෆීල්ඩ්, මුවර්ස්, කුරුණෑගල යූත් සහ බී.ආර්.සී. අවසන් පූර්ව වටයට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (27) නිමාවට පත්වූ අතර, පළමු ඉනිමේ ජයග්‍රහණ හිමිකරගත් බ්ලූම්ෆීල්ඩ්, මුවර්ස්, කුරුණෑගල යූත් සහ බී.ආර්.සී. කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ.

අවසන් වූ තරගවලදී පිතිකරුවන්ගේ දස්කම් කැපී පෙනුණු අතර, සමස්තයෙන් ශතක හතරක් වාර්තා විය. එයින් ශතක දෙකක්ම බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වීම විශේෂත්වයක් විය.

නිගම්බු ක්‍රිකට් සමාජයට එරෙහි තරගයේදී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ මිනෙත් ප්‍රේමරත්න පන්දු 182කින් හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 143ක් රැස් කළ අතර, ශානික්‍ය දේශප්‍රිය පන්දු 140කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 119ක් ලබා ගත්තේය.

කුරුණෑගල යූත් කණ්ඩායමේ නායක ලක්වින් අබේසිංහ චිලව් මේරියන්ස් පිලට එරෙහිව පන්දු 188කින් හතරේ පහර 18ක් සහ හයේ පහර 3ක් සමඟ විශිෂ්ට ලකුණු 171ක් රැස් කළ අතර, බී.ආර්.සී. කණ්ඩායමේ යසිරු රොද්‍රිගෝ සී.සී.සී. කණ්ඩායමට එරෙහිව පන්දු 209කින් හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 100ක් ලබා ගත්තේය.

මුවර්ස් කණ්ඩායමේ ඔමේෂ් මෙන්ඩිස් පන්දු 21කදී වේගවත් අර්ධ ශතකයක් වාර්තා කරමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් එල්ල කළේය.

අර්ධ ශතක වාර්තා කළ අනෙකුත් පිතිකරුවන් අතර බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ තරින්ද ගුරුගේ (50), හසිත අමරසිංහ (52), අසිත වන්නිනායක (51) සහ හංසමාන ද සිල්වා (91), සී.සී.සී. කණ්ඩායමේ සරිත් සුදීන (75) සහ රශ්මික පෙරේරා (54), කුරුණෑගල යූත් කණ්ඩායමේ අභිශේක් ලියනාරච්චි (70) සහ ලක්වින් අබේසිංහ (69), මුවර්ස් කණ්ඩායමේ විශාර ප්‍රනාන්දු (57), රවිශාන් ද සිල්වා (නොදැවී 63) සහ හිරුන් මතීෂ (නොදැවී 55), එස්.එස්.සී. කණ්ඩායමේ යොහාන් දේවප්‍රිය (54), BRC කණ්ඩායමේ ඉසුරු ප්‍රනාන්දු (86) සහ චිලව් මැරියන්ස් කණ්ඩායමේ ගිම්හාන් රසාංජන (70) ද වූහ.

පන්දු යැවීමේදී කුරුණෑගල යූත් කණ්ඩායමේ වතිල උදාර ලකුණු 61කට කඩුලු 7ක් දවාලමින් හොඳම දස්කම දැක්වූ අතර, CCC කණ්ඩායමේ වෙනුර විතානගේ (93/6), මුවර්ස් කණ්ඩායමේ සඳරු මල්ශාන් (68/5), චිලව් මේරියන්ස් කණ්ඩායමේ ඉරුශ්ක තිමිර (55/5), එස්.එස්.සී. කණ්ඩායමේ මල්ශාන් ප්‍රනාන්දු (108/5), බී.ආර්.සී. කණ්ඩායමේ සිතුක ගුණවර්ධන (116/5) සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ තරින්ද ගුරුගේ (44/5) ද කැපී පෙනුණි.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග මේ මස 31 සහ අගෝස්තු 1 වැනිදා පැවැත්වීමට නියමිතය. ඒ අනුව බ්ලූම්ෆීල්ඩ් සහ මුවර්ස් අතර තරගය මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ද, කුරුණෑගල යූත් සහ බී.ආර්.සී. අතර තරගය කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී ද පැවැත්වේ.

පළමු ඉනිමේ ජය බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට

බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 586 (පන්දුවාර 121.4)
(මිනෙත් ප්‍රේමරත්න 143, ශානික්‍ය දේශප්‍රිය නොදැවී 119, හංසමාන ද සිල්වා 91, හසිත අමරසිංහ 52, අසිත වන්නිනායක 51, තරින්ද ගුරුගේ 50, ශෙවෝන් ප්‍රමෝද් කඩුලු 4යි ලකුණු 182ට)

නිගම්බු පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 197 (පන්දුවාර 56.2)
(අමිත පෙරේරා නොදැවී 49, හංසජ හිරුණ 34, මහිඳු මලිත් 31, තරින්ද ගුරුගේ කඩුලු 5යි ලකුණු 44ට)

පළමු ඉනිමේ ජය බී.ආර්.සී කණ්ඩායමට

කෝල්ට්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 268 (පන්දුවාර 70.3)
(සරිත් සුදීන 75, රශ්මික පෙරේරා 54, සිතුක ගුණවර්ධන116/5)

බීආර්සී – පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 328 (පන්දුවාර 100)
(යසිරු රොද්‍රිගෝ නොදැවී 100, ඉසුරු ප්‍රනාන්දු 86, වෙනුර විතානගේ 93/6)

පළමු ඉනිමේ ජය කුරුණෑගල යූත් කණ්ඩායමට

කුරුණෑගල යූත් – පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 227 (පන්දුවාර 58.3)
(අභිශේක් ලියනාරච්චි 70, ලක්වින් අබේසිංහ 69, ඉරුශ්ක තිමිර 55/5)

චිලව් මැරියන්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 200 (පන්දුවාර 41.2)
(ගිම්හාන් රසාංජන 70, ඉරුශ්ක තිමිර 36, වතිල උදාර 61/7)

කුරුණෑගල යූත් – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 298 (පන්දුවාර 74.4)
(ලක්වින් අබේසිංහ 171, දිනුක තෙන්නකෝන් 33, ඉරුශ්ක තිමිර 90/4)

පළමු ඉනිමේ ජය මුවර්ස් ක්‍රීඩා සමාජයට

මුවර්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 258 (පන්දුවාර 76.2)
(විශාර ප්‍රනාන්දු 57, සඳරු මල්ශාන් 45, මල්ශාන් ප්‍රනාන්දු 108/5)

එස්එස්සී – පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 162 (පන්දුවාර 36.4)
(යොහාන් දේවප්‍රිය 54, සඳරු මල්ශාන් 68/5)

මුවර්ස් – දෙවැනි ඉනිම එක් කඩුල්ලක් දැවී ලකුණු 174 (පන්දුවාර 31.4)
(රවිශාන් ද සිල්වා නොදැවී 63, ඔමේෂ් මෙන්ඩිස් 56, හිරුන් මතීෂ නොදැවී 55)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar