slc
logo
Home   |    News
ජූලි 3, 2026
මල්ෂ තරුපති දෙවැනි ශතකයත් වාර්තා කරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ ජූලි 2 වැනිදා නිමාවට පත් වූ තරග අතරින් කැපී පෙනෙන දක්ෂතාව දැක්වීමට මුවර්ස් ක්‍රීඩා සමාජයේ මල්ෂ තරුපති සමත් විය.

මෙවර තරගාවලියේ තමන් ක්‍රීඩා කළ දෙවැනි තරගයේදීත් ශතකයක් වාර්තා කළ තරුපති බදුරලිය කණ්ඩායමට එරෙහිව පන්දු 95කින් හතරේ පහර 8ක් සහ හයේ පහර 10ක් සමඟින් වේගවත් ලකුණු 133ක් රැස් කළේය. මීට පෙර ටැමිල් යුනියන් කණ්ඩායමට එරෙහිව ද ශතකයක් වාර්තා කළ ඔහු තරගාවලිය ආරම්භයේදීම අඛණ්ඩ ශතක දෙකක් ලබා ගනිමින් සිය දස්කම් තහවුරු කර තිබේ.

පන්දු යැවීමේ අංශයෙන් එස්.එස්.සී. කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ කැපී පෙනුණේ යුද හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 108කට කඩුලු 6ක් දවා ගනිමිනි. මොරටුව කණ්ඩායමේ මනුජ චන්තුක ද සෙබස්තියනයිට්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 78කට කඩුලු 5ක් බිඳ හෙළමින් දක්ෂතා දැක්වීය.

මල්ෂට අමතරව පිතිකරණයේදී බදුරලිය කණ්ඩායමේ හිරුන් කපුරුබණ්ඩාර (116) සහ එස්.එස්.සී. කණ්ඩායමේ රනුද සෝමරත්න (108*) වාර්තා කරමින් පිත්තෙන් කැපී පෙනුණහ. යුද හමුදා කණ්ඩායමේ කණ්ඩායමේ අශාන් සුදර්ශන (89), නෙත්මක ද සොයිසා (53) සහ සුකිත දෙව්තිළිණ (55), ටැමිල් යුනියන් කණ්ඩායමේ සචිර වැලිවත්ත (73), ශාරුජන් ශම්මුගනාදන් (නොදැවී 52) සහ විහස් තෙව්මික (53), බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ පැතුම් රත්නායක (60*) හසිත අමරසිංහ (නොදැවී 51) සහ මිනෙත් ප්‍රේමරත්න (72*), රාගම කණ්ඩායමේ සහන් කෞශල්‍ය (61), බදුරලිය කණ්ඩායමේ ශෙහාන් මදුසංක (63*), මුවර්ස් කණ්ඩායමේ රවිශාන් ද සිල්වා (67), සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ සුතර්ශන් සුබර්නන් (59*), චිලව් මේරියන්ස් කණ්ඩායමේ මහීෂ සිතුම් තරිඳු (78) සහ සසංක නිර්මාල් (51), මොරටුව කණ්ඩායමේ මයුර මල්ශාන් (51), කුරුණෑගල යූත් කණ්ඩායමේ අනන්තන් කාජන් (65) සහ චලන පෙරේරා (51), නිගම්බු කණ්ඩායමේ විශාල් රුක්ශාන් (50) මෙන්ම පානදුර කණ්ඩායමේ විශ්ව ලහිරු (75) අර්ධ ශතක රැස් කළහ.

තරග ප්‍රතිඵල අතරින් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම විසින් රංගම කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කළ අතර ටැමිල් යුනියන් කණ්ඩායම විසින් යුනයිටඩ් සදර්න් කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 10 කින් පරාජයට පත් කිරීමට සමත්විය.

  • බ්ලූම්ෆීල්ඩ් පිලට කඩුලු 10 ක ජයක්

රාගම පළමු ඉනිම පන්දුවාර 35 කදී ලකුණු 122 යි – (දෙනුර දිමන්සිත් 21, ලහිරු අබේසිංහ 21, කවීෂ පියුමාල් 28/5, තරින්ද ගුරුගේ 51/3, නිසල අබේරත්න 22/2)

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම පන්දුවාර 50.3 කදී සියලු දෙනා දැවී ලකුණු 184 යි – (පැතුම් රත්නායක 60*, හසිත අමරසිංහ 25, තරින්ද ගුරුගේ 25, කෙවින් නානායක්කාර 39/6)

රාගම දෙවැනි ඉනිම පන්දුවාර 59.5 කදී සියලු දෙනා දැවී ලකුණු 197 යි – (සහන් කෞශල්‍ය 61, විරංග යෙශාන් 36, දෙනුර දිමන්සිත් 30, කවීෂ පියුමාල් 50/4, තරින්ද ගුරුගේ 51/2, අසිත වන්නිනායක 27/2, හංසමාන ද සිල්වා 26/2)

බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිම පන්දුවාර 16.1 කදී කිසිවකු නොදැවී ලකුණු 136 යි – (මිනෙත් ප්‍රේමරත්න නොදැවී 72, හසිත අමරසිංහ 51*)

  • පළමු ඉනිමේ ජය මුවර්ස්ට

බදුරලිය පන්දුවාර 66.1 කදී සියලු දෙනා දැවී ලකුණු 277 යි – (හිරුන් කපුරුබණ්ඩාර 116, මානස මදුබාශන 33, හිරුන ගාල්ලගේ 32, ඉඳුවර උදාන 52/4, සඳරු මල්ශාන් 75/3, මල්ෂ තරුපති 57/3)

මුවර්ස් පළමු ඉනිම පන්දුවාර 63.3 කදී කඩුලු 9ක් දැවී ලකුණු 329 යි – (මල්ෂ තරුපති 133, රවිශාන් ද සිල්වා 67, සඳරු මල්ශාන් 45, ජෙලෝන් ගමගේ 42, රුසඳු සිල්වා 101/4, තරුශ් දමිඳු 41/3)

බදුරලිය දෙවැනි ඉනිම පන්දුවාර 47 කදී කඩුලු 7ක් දැවී ලකුණු 232 යි – (ශෙහාන් මදුසංක 63*, හිරුන ගාල්ලගේ 41, හිරුන් කපුරුබණ්ඩාර 33, සිතුම් විහඟ 85/4, ඉඳුවර උදාන 53/2)

  • ටැමිල් යුුනියන් පිලට ඉනිමක සහ ලකුණු 10 ක ජයක්

යුනයිටඩ් සදර්න් පළමු ඉනිම පන්දුවාර 49.4 කදී සියලු දෙනා දැවී 153 යි – (සෙහස් අශින්ස 64, තමිඳු ප්‍රදීප්ත 34*, විහස් තෙව්මික 33/8, හිමරු දේශාන් 68/2)

ටැමිල් යූනියන් පළමු ඉනිම  කඩුලු 2ක් දැවී 147 යි – (ටෙහාන් බීටර් 78, සචිර වැලිවත්ත 73, සිනෙත් ජයවර්ධන 59, විහස් තෙව්මික 53, ශාරුජන් ශම්මුගනාදන් 52*)

යුනයිටඩ් සදර්න් දෙවැනි ඉනිම පන්දුවාර 57.5 කදී සියලු දෙනා දැවී 167 යි – (සෙහස් අශින්ස 28, ලිදුල නුවංග 26, විහස් තෙව්මික 74/4, හිමරු දේශාන් 59/4)

  • මොරටුව – සෙබස්තියනයිට්ස් ජය පැරදුමෙන් තොරයි

මොරටුව පළමු ඉනිම පන්දුවාර 96.2 කදී සියලු දෙනා දැවී 317 යි – (දිනෙත් සිතුමිණ 98, මයුර මල්ශාන් 51, මයුර මල්ශාන් 51, මනුජ චන්තුක 78/5)

සෙබස්තියනයිට්ස් පළමු ඉනිම පන්දුවාර 82 කදී කඩුලු 7ක් දැවී 245 යි – (සුතර්ශන් සුබර්නන් 59*, එරංග ජයකොඩි 44, යෝශිත ඉසුරංග 35)

  • සී.සී.සී. පිලට පළමු ඉනිමේ ජය

චිලව් මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 27.1 කදී සියලු දෙනා දැවී 90 යි – (යසිරු ලක්ෂාන් 31, ඉනුක කරන්නාගොඩ 17/3, තිසරු වන්නිනායක 15/3)

සී,සී.සී. පළමු ඉනිම පන්දුවාර 83 කදී සියලු දෙනා දැවී 219 යි – (ඉනුක කරන්නාගොඩ 89, සරිත් සුදීන 33, තිමිර ඉරුශික 47/5)

චිලව් මේරියන්ස් දෙවැනි ඉනිම පන්දුවාර 63.2 කදී සියලු දෙනා දැවී 246 යි – (මහීෂ සිතුම් තරිඳු 78, සසංක නිර්මාල් 51, අභිත පරණවිදාන 58/5)

  • පළමු ඉනිමේ ජය කුරුණෑගල යූත් පිලට

කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 75.4 කදී සියලු දෙනා දැවී 227 යි – (රිශ්ම අමරසිංහ 43, හිරාන් ජයසුන්දර 40, වතිල උදාර 64/4)

කුරුණෑගල යූත් පළමු ඉනිම පන්දුවාර 84 කදී සියලු දෙනා දැවී 276 යි – (අනන්තන් කාජන් 65, චලන පෙරේරා 51, අමේෂ් තෙන්නකෝන් 47, සහන් මිහිර 61/4)

කෝල්ට්ස් දෙවැනි ඉනිම පන්දුවාර 15.5 කදී කඩුලු 4ක් දැවී 70 යි – (හිරාන් ජයසුන්දර 46)

  • නිගම්බුට පළමු ඉනිමේ ජය

මිගමුබු පළමු ඉනිම පන්දුවාර 81.4 කදී ලකුණු 261 යි – (මොහොමඩ් මුර්ශාඩ් 45, හසිඳු දම්සිත 44, විශ්ව ලහිරු 59/3)

පානදුර පළමු ඉනිම පන්දුවාර 45.1 කදී සියලු දෙනා දැවී 208 යි – (විශ්ව ලහිරු 75, අමිත පෙරේරා 86/4)

මීගමුව දෙවැනි ඉනිම පන්දුවාර 53 කදී සියලු දෙනා දැවී 205 යි – (විශාල් රුක්ශාන් 50, කවීෂ දෙනෙත් 49)

  • පළමු ඉනිමේ ජය එස්.එස්.සී. පිලට

එස්.එස්.සී. පළමු ඉනිම පන්දුවාර 69 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 322 යි – (රනුද සෝමරත්න 108*, රිවිත් ජයසූරිය 87, දුනිත් වෙල්ලාලගේ 67)

යුද හමුදාව පන්දුවාර 97. 4කදී සියලු දෙනා දැවී ලකුණු 310 යි – (අශාන් සුදර්ශන 89, සුකිත දෙව්තිළිණ 55, නෙත්මක ද සොයිසා 53, දුනිත් වෙල්ලාලගේ 108/6)

  • පළමු ඉනිමේ ජය කුරුණෑගලට

කුරුණෑගල පළමු ඉනිම පන්දුවාර 52.1 කදී සියලු දෙනා දැවී 149යි – (දිනුග අබේසේකර 30, තුශාන් ජයසේකර 41/4)

පොලිස් පළමු ඉනිම පන්දුවාර 39.1 කදී සියලු දෙනා දැවී 86 යි – (මලීෂ සඳරුවන් 27

කුරුණෑගල දෙවැනි ඉනිම පන්දුවාර 49.1 කදී කඩුලු 7ක් දැවී 153 යි – (ජනිත් රවිශ්ක නොදැවී 39)

පොලිස් දෙවැනි ඉනිම පන්දුවාර 33.5 කදී කඩුලු 6ක් දැවී 126 යි – (විහඟ මලිත් 49, මලීෂ සඳරුවන් 38)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee