slc
logo
Home   |    News
ජූලි 6, 2026
දිමන්ත සහ ගිම්හාන් එකතුව ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

sinhala editor

ආරම්භක පිතිකරු දිමන්ත මහවිතානගේ නොදැවුණු ලකුණු 155ක විශිෂ්ට ඉනිමත්, වමත් වේගපන්දු යවන ගිම්හාන් මෙන්ඩිස්ගේ කඩුලු 5ක දස්කමත් හේතුවෙන් ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 දා) පැවැති දෙවැනි යොවුන් එක්දින තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් පිල තරග 3කින් සමන්විත තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය යොවුන් පිල පන්දුවාර 47.2කදී සියලු දෙනා දැවී ලකුණු 285ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල පන්දුවාර 48ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 291ක් ලබා ජය තහවුරු කළේ තවත් පන්දු 12ක් ඉතිරිව තිබියදීය.

ඉන්දීය ඉනිම ආරම්භයේදීම ලකුණු 11ක් වන විට කඩුලු දෙකක් බිඳ වැටුණු අතර, ලකුණු 81දී සිව්වැනි කඩුල්ලත් අහිමිවීමෙන් ඔවුන් දැඩි පීඩනයකට ලක්විය. එහෙත් ඉන්දීය හිටපු නායක රාහුල් ඩ්‍රාවිඩ්ගේ පුත් අන්වේ ඩ්‍රාවිඩ් සහ අර්ජුන් රාජ්පුත් පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 145ක සබඳතාවක් ගොඩනඟමින් ඉනිම යළි ගොඩනැඟූහ.

අන්වේ ඩ්‍රාවිඩ් පන්දු 67කින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟ වේගවත් ලකුණු 87ක් රැස් කළ අතර, අර්ජුන් රාජ්පුත් පන්දු 81කින් හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමඟ ලකුණු 76ක් ලබා ගත්තේය. කෙසේ වෙතත්, මහවිතාන කෙළින්ම පන්දුව කඩුල්ලට යොමු කිරීමෙන් රාජ්පුත් දුවද්දී දැවී යෑමෙන් පසු ඉන්දීය ඉනිම යළි අඩපණ වූ අතර, අවසන් කඩුලු හතර ලකුණු 59ක් තුළ බිඳ වැටුණි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර කැපී පෙනුණු ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙ නියෝජනය කරනු ලබන ගිම්හාන් මෙන්ඩිස් පන්දුවාර 8.2 ක් යවමින් ලකුණු 41කට කඩුලු 5ක් දවා ගනිමින් සිය හොඳම යොවුන් එක්දින පන්දු යැවීම වාර්තා කළේය.  ඔහුට අමතරව කවිජ ගමගේ කඩුලු 2ක් සහ සෙත්මික සෙනෙවිරත්න එක් කඩුල්ලක් දවා ගත්හ.

ලකුණු 286ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාවට දුල්නිත් සිගේරා ඉක්මනින් දැවී ගියද දිමන්ත මහවිතාන සහ සෙනුජ වෙකුණගොඩ දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 103ක සබඳතාවක් ගොඩනඟමින් ජයග්‍රහණයට ශක්තිමත් අඩිතාලම දැමූහ. වෙකුණගොඩ පන්දු 64කින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 60ක් රැස් කළේය.

අනතුරුව නායක විමත් දිනසර, මහවිතාන සමඟ එක්ව තෙවැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 163ක සබඳතාවක් ගොඩනඟමින් කිසිදු බාධාවකින් තොරව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියහ. දින්සර පන්දු 60කින් නොදැවී ලකුණු 56ක් රැස් කළේය.

තරගයේ වීරයා වූ දිමන්ත මහවිතාන පන්දු 153කදී හතරේ පහර 12ක් සහ දැවැන්ත හයේ පහර 5ක් සමඟ අපරාජිත ලකුණු 155ක් රැස් කරමින් ඉන්දීය පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන්නේය. ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්ෂේත්‍රෙය් බලාපොරොත්තු සහගත ආරම්භක පිතිකරුවකු ලෙස සැලකෙන දිමන්ත මහවිතාන මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කරනු ලබයි. පාසල් ක්‍රිකට් පිටියේ දක්වන ලද දස්කම් අතරින් ඉදිරියට පැමිණි මහවිතාන ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමන් මඟ ‘ක්‍රිකට් ගමට‘ වැඩසටහන යටතේ සිය දක්ෂතා තවදුරටත් ඔප්නංවා ගෙන තිබේ.

මේ ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 1-1ක් ලෙස සම වූ අතර, ශූරතාව තීරණය කරන තෙවැනි සහ අවසන් එක්දින තරගය දෙපිළටම තීරණාත්මක සටනක් වනු ඇත.

ඉන්දියානු අවුරුදු 19න් පහළ පන්දුවාර 47.2 කදී සියලු දෙනා දැවී ලකුණු 285 යි – (අන්වේ ඩ්‍රාවිඩ් 87, අර්ජුන් රාජ්පුත් 76, කුෂාග්‍ර ඔජා 38, ගිම්හාන් මෙන්ඩිස් 41/5, කවිජ ගමගේ 54/2, සෙත්මික සෙනෙවිරත්න 44/1)

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ පිල පන්දුවාර 48 කදී කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 291 යි – (දිමන්ත මහවිතාන 155*, සෙනුජ වෙකුණගොඩ 60, විමත් දිනසර 56*, දුල්නිත් සිගේරා 14, ඉෂාන් සුඩ් 41/1, ශවින් විනෝද් 34/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar