slc
logo
Home   |    News
ජූලි 12, 2026
ෂෙහස් සහ පවන් ශතක රැස් කරති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (11 දා) නිමාවට පත්වූ තරගය වුණු ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත් අතර තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. මෙම තරගයේ පළමු ඉනිමේ ජය කුරුණෑගල යූත් පිල සතු කරගත්තේය.

මේ අතර අද ආරම්භ වුණු සෙසු තරග වලදී  පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ කැපී පෙනෙන දක්ෂතා රැසක් වාර්තා විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ 8 වැනි සතියේ තරගවල පළමු දිනය වූ ජූලි 11 වැනිදා ශතක දෙකක් සහ කඩුලු 5කට වැඩියෙන් දවා ගනිමින් දක්වන ලද දක්ෂතා හතරක් වාර්තා විය.

යුනයිටඩ් සදර්න් කණ්ඩායමේ ෂෙහස් අශිංස පන්දු 166කදී හයේ පහරක් සහ හතරේ පහර 11ක් සමඟ ලකුණු 100ක් රැස් කළ අතර, බී.ආර්.සී. කණ්ඩායමේ පවන් සංදේශ් පන්දු 128කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 12ක් සමඟ වේගවත් ලකුණු 122ක් වාර්තා කළේය.

පන්දු යැවීමේදී එන්.සී.සී. කණ්ඩායමේ ශක්ති උදාර ලකුණු 64කට කඩුලු 7ක් දවාගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර, එස්.එස්.සී. කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ ලකුණු 118කට කඩුලු 6ක්, කෝල්ට්ස් කණ්ඩායමේ ඔහස් සදෙව් ලකුණු 88කට කඩුලු 5ක් සහ කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ වෙන්කට් රාජේන්ද්‍ර ලකුණු 55කට කඩුලු 5ක් දවාගනිමින් සිය කණ්ඩායම් වෙනුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූහ.

  • කුරුණෑගල යූත් පිලට පළමු ඉනිමේ ජයක්

ඒස් කැපිටල් පළමු ඉනිම පන්දුවාර 62.4 කදී ලකුණු 227 යි – (කවිඳු අමමතේ 66, පවන් පතිරාජ 39, සුපුන් වඩුගේ 21, කෞෂික කුමාරසිංහ 34, දිනුක තෙන්නකෝන් 84/4, වතිල උදාර 66/3, ෂෙශාන් මාරසිංහ 31/2)

කුරුණෑගල යූත් පළමු ඉනිම පන්දුවාර 106.5 කදී ලකුණු 313 යි – (අමේෂ් තෙන්නකෝන් 23, ගයන වීරසිංහ 33, වතිල උදාර 29, හිරූෂ පියුමාල් 23, අනන්තන් කජාන් 85, ජනිත් රත්නසිරි 57, දිනුක තෙන්නකෝන් 33, වනුජ සහන් 85/4, අනුක විජේවර්ධන 44/2, තීරක රණතුංග 48/2)

ඒස් කැපිටල් දෙවැනි ඉනිම පන්දුවාර 11 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 82 යි – (තනූජ රාජපක්ෂ 22, රචින්ත ද සිල්වා 42*)

  • යුනයිටඩ් සදර්න් සහ මුවර්ස්

යුනයිටඩ් සදර්න් පළමු ඉනිම පන්දුවාර 91 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 265 යි – (සහස් අශිංන්ස 100, දමේෂ් මතිෂාන් 50, තත්සර දෙව්මිත් 37, තමිඳු ප්‍රදීපන් 53*, මල්ෂ තරුපති 43/2)

  • රාගම – ටැමිල් යුනියන්

රාගම පළමු ඉනිම පන්දුවාර 63 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 193 යි – (සහන් කෞෂල්‍ය 37, දෙනුර දම්සිත් 53, විරංග යෛ්ෂාන් 35, තෙමිර කුමාරගේ 47, විහස් තෙව්මික 93/3, හිමරු දේශාන් 48/2)

  • බදුරලිය – එන්.සී.සී.

බදුරලිය පළමු ඉනිම පන්දුවාර 59.1 කදී ලකුණු 171 යි – (හිරුන් කපුරුබණ්ඩාර 69. කූජන පෙරේරා 14, එනෝෂ් පීටර්සන් 26, මනස මදුභාෂණ 37, ශක්ති උදාර 64/7)

එන්.සී.සී. පළමු ඉනිම පන්දුවාර 29 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 149 යි – (ගවිරු සෙන්හස් 33, ජීවක සශීන් 62, යෙනුල දෙව්තුස 25*, දිනෙත් ගුණවර්ධන 12, රුසඳ සිල්වා 28/2)

  • සී.සී.සී. – මොරටුව

සී.සී.සී. පළමු ඉනිම පන්දුවාර 65.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 379 යි – (සරිත් සුදීන 70, වෙනුර විතානගේ 45, අංජල බණ්ඩාර 91, සනුල් වීරත්න 81, රශ්මික පෙරේරා 55, ඉනුක කරන්නාගොඩ 12, ලෙස්ටර් ජයවීර 19/2)

මොරටුව පළමු ඉනිම පන්දුවාර 21.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 90 යි – (ලෙස්ටර් ජයවීර 17, ප්‍රෙම්ෂ් මදුභාෂණ 19, වගීෂ පෙරේරා 22*, දිනෙත් සිතුමිණ 10, ඉනුක කරන්නාගොඩ 28/3)

  • සෙබස්ටියනයිට්ස් – චිලව් මේරියන්ස්

සෙබස්ටියනයිට්ස් පළමු ඉනිම පන්දුවාර 48.4 කදී ලකුණු 139 යි – (රුසිරු විලෝචන 22, ජොෂුවා සෙබස්තියන් 23, චමිදු පෙරේරා 23, සුතාර්සන් සුබාර්නන් 40, තිමිර ඉරුෂික 49/3, මෙලන් හංසක 34/3, සසංක නිර්මාල් 24/3)

චිලව් මේරියන්ස්  පළමු ඉනිම පන්දුවාර 39 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 132 යි – (ගිම්හාන් රසාංජන 49*, දර්ශක සංදීප් 51*, මහීෂ සිතුම් 18)

  • ගාල්ල – ලියෝ

ගාල්ල පළමු ඉනිම පන්දුවාර 70.3 කදී ලකුණු 237 යි – (යුතික ද සිල්වා 35, දුල්සිත් දර්ශන 67, තෙවිඳු රශ්මික 19, මනිත රාජපක්ෂ 43, හසිත සුරංග 15, චතුම් ලක්ප්‍රිය 22, අරෝෂ උදයංග 20, විසල් භාරත 12*, විශ්ව පීරිස් 75/4, සදෙව් දිනරු 20/2, පූරුණ කල්හාර 52/3)

ලියෝ පළමු ඉනිම පන්දුවාර 10 කදී කිසිවකු නොදැවී ලකුණු 28 යි – (නෙලුක හේෂාන් 21*)

  • නුගේගොඩ – කෝල්ට්ස්

නුගේගොඩ පළමු ඉනිම පන්දුවාර 90 කදී ලකුණු 287 යි – (අභිෂේක් ජයවීර 50, ළිරු දවටගේ 56, විශ්මික සංංදීප් 16, ජනෙත් කෞෂාල් 31, සඳුන් මෙන්ඩිස් 19, විදුනෙත් විල්සන් 54*, අබ්දූල් ශිරාඩ් 12, ඔහස් සදෙව් 88/5, තරණ විමලධර්ම 70/3)

  • බී.ආර්.සී. – නාවික හමුදාව

බී.ආර්.සී. පළමු ඉනිම පන්දුවාර 74.2 කදී ලකුණු 304 යි – (පවන් සංදේශ් 122, යසිරු රුද්‍රිෙගා් 67, විශ්ව සුපුන් 11, තරුක්ෂ අශෙල් 10, ලිත්ම පෙරේරා 37*, දුමිඳු සෙව්මිණ 32, ජනිත් ප්‍රනාන්දු 46/3, තිනෙත් සාලිංග 29, රුවින් සංකල්ප 75/2)

නාවික හමුදාම පළමු ඉනිම පන්දුවාර 11.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 50 යි – (කවීෂ සඳරුවන් 26, උවිඳු පෙරේරා 14, ශාරධ ජයරත්න 23/2)

  • කුරුණෑගල – එස්.එස්.සී.

කුරුණෑගල පළමු ඉනිම පන්දුවාර 98 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 295 යි – (දිනුග අබේසේකර 78, කුෂාන් සුබසිිංහ 15, අශාන් ශනිල්ක 44, ජනිත් රවිශක 39, සොනාල් අශවින් 74, දුනිත් වෙල්ලාලගේ 118/6)

  • පොලිස් – පානදුර

පොලිස් පළමු ඉනිම පන්දුවාර 79.2 කදී ලකුණු 297 යි – (ධනුජ ඉඳුවාර 135, ගගන් පෙරේරා 57, සෙනුක චෙරාන් 56, විශ්ව ළහිරු 72/4, රන්දික මිහිරංග 65/4)

පානදුර පළමු ඉනිම පන්දුවාර 13 කදී කඩුල්ලක් දැවී ලකුණු 46 යි – (සුවහස් ප්‍රනාන්දු 27, සිත්රු ගුණරත්න 17*)

  • යුද හමුදාව – කැන්ඩි කස්ටම්ස්

යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 53.2 කදී ලකුණු 153 යි – (ශෙනෙශ්ක නෙත්සර 21, නෙත්මාල් ද සොයිසා 13, ක්‍රිෂේන් බණ්ඩාර 15, උමෙෂ ද සිල්වා 34, පැතුම් විහංග 20, වෙන්කට් රාජේන්ද්‍ර 55/5, නදුන් සිල්වා 37/3)

කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිම පන්දුවාර 35.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 131 යි – (හෙලිත් එදිරිසිංහ 24, අසාර් මාජිඩ් 41, දිදුල එදිරිසූරිය 16, පූජිත් වත්සුක 12, කවීෂ ඉඳුවර 21, ඉනුක ද සිල්වා 24/3, පැතුම් විහංග 45/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee