slc
logo
Home   |    News
ජූලි 3, 2026
සහන් අරච්චිගේගෙන් නායකත්වයේ ඉනිමක්

sinhala editor

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (02) ආරම්භ වූ ශ්‍රී ලංකා ‘ඒ’ සහ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම් අතර දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට කඩුලු 5ක් දැවී ලකුණු 288ක් රැස් කරමින් ප්‍රබල ස්ථාවරයකට පැමිණීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සමත් විය.

එහිදී නායක සහන් අරච්චිගේ පන්දු 148කදී හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 83ක් රැස් කරමින් ඉනිමේ කොඳුනාරටිය බවට පත්විය. කඩුලු රකින පිතිකරු අංජල බණ්ඩාර (42) සමඟ පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 99ක වටිනා සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමටද ඔහු සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළ ඉන්දීය ‘ඒ‘ කණ්ඩායමට මන්දගාමී වූ ගාලු තණතීරුව මත කඩුලු දවා ගැනීම පහසු නොවීය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන පවන්ත වීරසිංහ (39) සහ සෝහන් ද ලිවේරා (28) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක සබඳතාවක් ගොඩනඟමින් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ.

පළමු කඩුල්ල බිඳ දැමූ යෂ් තාකූර්ගේ පන්දුවකට සෝහන් ද ලිවේරා ස්ලිප්හි පන්දු රකිමින් සිටි දේව්දත් පඩික්කාල් අතට උඩපන්දුවක් ලබාදී දැවී ගියේය. අනෙක් ආරම්භක පිතිකරු පවන්ත වීරසිංහ දිවා ආහාරය ආසන්නයේදී ගුර්නූර් බ්‍රාර්ගේ පන්දුවකට කඩුලු රකින නායක ධෘව් ජුරෙල් අතට උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත් විය.

ඉන් අනතුරුව නුවනිඳු ප්‍රනාන්දු (44) සහ අශේන් බණ්ඩාර (34) තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ඉනිම යළිත් ස්ථාවර කළහ. එහෙත් සරන්ෂ් ජේන්ගේ දඟ පන්දුවකට නුවනිඳු ස්ලිප්හි පඩික්කල් අතට උඩපන්දුවක් ලබාදී දැවී ගිය අතර, අශේන් බණ්ඩාර ද යෂ් තාකූර්ගේ පන්දුවකට කඩුලු රකින ජුරෙල් අතට උඩපන්දුවක් ලබාදී ආපසු ක්‍රීඩාගාරයට ගියේය.

ශ්‍රී ලංකා ඉනිමේ වැදගත්ම සබඳතාව ගොඩනැඟුණේ නායක සහන් අරච්චිගේ සහ අංජල බණ්ඩාර අතරය. දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 99ක් එක් කළ අතර, දිනය නිමාවට ආසන්නයේදී අංජල බණ්ඩාර ලකුණු 42කට සරන්ෂ් ජේන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.

ඉන්දීය ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් යෂ් තාකූර් ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත් අතර, සරන්ෂ් ජේන් ලකුණු 77කට කඩුලු 2ක් සහ ගුර්නූර් බ්‍රාර් ලකුණු 49කට එක් කඩුල්ලක් දවා ගත්තේය. නව පන්දුවෙන් පන්දු යැවූ ඕකිබ් නබී කඩුල්ලක් නොලබා ලකුණු 50ක් ලබාදුන් අතර, වසර හයකට පසු රතු පන්දුවෙන් තරගයකට ක්‍රීඩා කළ පාදඟ පන්දු යවන සීෂාන් අන්සාරි සිය පන්දුවාර 16 තුළ කඩුල්ලක් නොලබා ලකුණු 64ක් ලබාදෙමින් දැඩි අපහසුතාවකට පත්විය.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම පන්දුවාර 85 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 288 යි – (සහන් අරච්චිගේ 83*, නුවනිඳු ප්‍රනාන්දු 44, අංජල බණ්ඩාර 42, පවන්ත වීරසිංහ 39, අශේන් බණ්ඩාර 34, සෝහන් ද ලිවේරා 28, යෂ් තාකූර් 32/2, සරන්ෂ් ජේන් 77/2, ගුර්නූර් බ්‍රාර් 49/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee