slc
logo
Home   |    News
ජූලි 16, 2026
හිරාන් ද්විත්ව ශතකයත් – ගංගනාත් ශතකයත් එක්ව පළමු කඩුල්ලට ලකුණු 400ක් ගොඩනඟති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැති තරගවලදී කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරු හිරාන් ජයසුන්දර තරගාවලියේ පළමු ද්විත්ව ශතකය වාර්තා කරමින් දිනයේ කැපී පෙනෙන දස්කම ප්‍රදර්ශනය කළේය.

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී නාවික හමුදා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී පන්දු 224කට මුහුණ දුන් හිරාන් හයේ පහර 3ක් සහ හතරේ පහර 37ක් සමඟින් ලකුණු 229ක් රැස් කළේය. ඔහු සමඟ ආරම්භක පිතිකරු රනුද ගංගනාත් පන්දු 207කදී හතරේ පහර 15ක් හා එක් හයේ පහරක් සමඟ ලකුණු 169ක් රැස් කරමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 400ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගූහ.

අද වාර්තා කරන ලද ද්විත්ව ශතකය පෙර සිටම තරගාවලියේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවා ලෙසින් පෙරමුණ ගෙන සිටි හිරාන් මෙම ලකුණු 229 ත් සමග සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලකුණු 639 ක් දක්වා ඉදිරියට රැගෙන යෑමට සමත්වූවේය. මෙවර තරග වාරයේ තරග 5 කට ක්‍රීඩා කළ හිටපු ශාන්ත ජෝෂප් ක්‍රීඩකයා ශතක 2 ක් සහ අර්ධ ශත 2 ක් රැස් කරගෙන සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 106.5 දක්වා ඉහළ මට්ටමක රඳවා ගනිමිනි. ඔහුට පහළින් සිටින්නේ පොලිස් ක්‍රීඩා සමාජයේ ධනුජ ඉඳුවර වන අතර ඔහු තරග 5 කදී ලකුණු 341 ක් ලබා සිටියි. ඒ අනුව හිරාන් ලකුණු 298 ක් ඉදිරියෙන් සිටීම කැපී පෙනෙයි.

හිරාන් ලකුණු 400දී පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර, ගංගනාත් ලකුණු 404දී දැවී ගියේය. ඒ සමඟ කෝල්ට්ස් කණ්ඩායම කඩුලු 2කට ලකුණු 404දී සිය ඉනිම අත්හිටුවීමට පියවර ගත්තේය. පිළිතුරු ඉනිම ආරම්භ කළ නාවික හමුදා පිල පන්දුවාර 15 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 39ක් ලබා සිටියේය.

අද දිනයේ පිතිකරුවන්ගේ ආධිපත්‍යය කැපී පෙනුණු අතර, හිරාන්ගේ ද්විත්ව ශතකයට අමතරව තවත් ශතක පහක් වාර්තා විය. බදුරලිය කණ්ඩායම වෙනුවෙන් මානස මදුභාෂණ නොදැවී ලකුණු 110ක් රැස් කළ අතර, පානදුර කණ්ඩායම වෙනුවෙන් සුවහස් ප්‍රනාන්දු ලකුණු 107ක් ලබා ගත්තේය. කුරුණෑගල යූත් පිලේ හිරූෂ පියුමාල් (123) සහ ලක්වින් අබේසිහ (155) ශතක රැස් කළ අතර, නුගේගොඩ දෙවැනි ඉනිමේදී ළහිරු දවටගේ නොදැවී ලකුණු 101ක් වාර්තා කළේය.

පන්දු යැවීමේදී ද කැපී පෙනෙන දස්කම් රැසක් වාර්තා වූ අතර, නුගේගොඩට එරෙහිව කුරුණෑගල යූත් පළමු ඉනිමේදී බ්‍රයන් හංසජ ලකුණු 106කට කඩුලු 6ක් දවා ගත්තේය. පානදුරට එරෙහිව යුද හමුදාවේ ඉනුක ද සිල්වා ලකුණු 89කට කඩුලු 5ක් දවා ගත් අතර, එස්.එස්.සී. පිල වෙනුවෙන් දිනුක වන්නිආරච්චි පළමු ඉනිමේදී ලකුණු 16කට කඩුලු 5ක් බිඳ හෙළීය.

මේ අතර, කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 4කින් පරාජය කරමින් එස්.එස්.සී. කණ්ඩායම තරගාවලියේ පූර්ණ තරග ජයක් වාර්තා කළේය. පළමු ඉනිමේ ලකුණු 261ක් රැස් කළ එස්.එස්.සී. පිල හමුවේ කැන්ඩි කස්ටම්ස් පිල පළමු ඉනිමේදී ලකුණු 69කට සීමා වූ අතර, නැවත්ත පිට පිටම දෙවැනි ඉනිිම ආරම්භ කළ කැන්ඩි කස්ටම්ස් පිල ලකුණු 188කට දැවී ගියේය. මෙය මෙවර තරග වාරයේදී එස්.එස්.සී. පිල වාර්තා කරන ලද දෙවැනි පූර්ණ තරග ජය ලෙසින් සනිටුහන් විය.

අද තරගවල ප්‍රතිඵල හා ලකුණු

එස්.එස්.සී. පිලට ඉනිමක සහ ලකුණු 04 ක ජයක්

  • එස්.එස්.සී. පළමු ඉනිම පන්දුවාර 61 කදී ලකුණු 261 යි – (රිවිත් ජයසූරිය 58, නදීෂ අකාෂ් 44, නෙත්සර යස්මිිත 49 කෙනුල ද සොයිසා 19, යොහාන් දේවප්‍රිය 37 නෙශාන් ඩයස් 24, තෙනූෂ නිම්සර 108/6, පුල්ජිත් වත්සුක 11/2)
  • කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිම පන්දුවාර 20.5 කදී ලකුණු 69 යි – (හෙලිත් එදිරිසිංහ 24, හසිඳු වික්‍රමාරච්චි 19, දිනුක වන්නිආරච්චි 16/5, මල්ෂ ප්‍රනාන්දු 34/3, කනිෂ්ක රංගන 17/2) සහ දෙවැනි ඉනිම පන්දුවාර 42 කදී ලකුණු 188 යි – (මිහිඳු සිල්වා 29, කවීෂ ඉඳුවර 28, හසිඳු වික්‍රමාරච්චි 56, නදුන් සිල්වා 25, මල්ෂ ප්‍රනාන්දු 75/4, දිනුක වන්නිආරච්චි 65/2, යොහන් දේවප්‍රිය 16/2)

කුරුණෑගලට යූත් පිලට පළමු ඉනිමේ ජයක්

  • කුරුණෑගල යූත් පළමු ඉනිම පන්දුවාර 79.4 කදී ලකුණු 341 යි – (හිරූෂ පියුමාල් 123, ලක්වින් අබේසිහ 155, වතිල උදාර 18, බ්‍රයන් හංසජ 106/6, සඳුන් මෙන්ඩිස් 106/4)
  • නුගේගොඩ පළමු ඉනිම පන්දුවාර 56 කදී  ලකුණු 213 යි – (ළහිරු දවටගේ 15, සඳුන් මෙන්ඩිස් 18, අභිෂේක් ජයවීර 22, ජනෙත් කෞෂාල් 70, දසිස් මංචනායක 27, යසිරු යුගත් 41, වතිල උදාර 80/3, දිනුක තෙන්නකෝන් 70/3, ගයන වීරසිංහ 32/2) සහ දෙවැනි ඉනිම පන්දුවාර 35.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 209 යි – (ළහිරු දවටගේ 101*, අභිෂේක් ජයවීර 73, ජනෙත් කෞෂාල් 26)

කෝල්ට්ස් – නාවික හමුදා

  • කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 72.2 කදී කඩුලු 2 ට ලකුණු 404 යි – (හිරාන් ජයසුන්දර 229, රනුද ගංගනාත් 169)
  • නාවික හමුදාව පන්දුවාර 15 කදී කඩුලු 2 කට ලකුණු 39 යි – (කවිත් ප්‍රනාන්දු 15)

යුනයිඩ් සදර්න් සහ බ්ලූම්ෆීල්ඩ්

  • යුනයිටඩ් සදර්න් පළමු ඉනිම පන්දුවාර 56.5 කදී ලකුණු 167 යි – (දමේෂ් මතිෂාන් 39, සෙහස් අශිංස 19, තමිඳු ප්‍රදීප්ත 18, සෙනුක දන්ගමුව 26, කවීෂ කල්පන 18*, තරින්ද ගුරුගේ 42/4, කවීෂ පියුමාල් 32/3)
  • බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම පන්දුවාර 26 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 86 යි  (හසිත අමරසිංහ 37, මිනෙත් ප්‍රේමරත්න 20, අමීෂ රසාංජන 12, කවීෂ ගීත්මාල් 21/3, සෙනුක දංගමුව 08/2)

බදුරලිය සහ රාගම

  • බදුරලිය පළමු ඉනිම පන්දුවාර 86 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 354 යි – (මානස මදුභාෂණ 110*, හේෂාන් මදුශංක 46, කූජන පෙරේරා 44, සසිඳු කෞෂාන් 42, ෂෙහාන් මදුශංක 41, හිරුන ගාල්ලගේ 47*, කවීන් නානායක්කාර 120/3)

නිගම්බු – කුරුණෑගල

  • නිගම්බු පළමු ඉනිම පන්දුවාර 92 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 259 යි – (තත්සර එෂාන් 72, දිලීප රුවංක 40, හංසජ හිරුණ 71*, කවීන් දෙනෙත් 44*, යෂ්මිත් ජයසුන්දර 44/3, සනුජ නිඳුවර 36/2)

පානදුර – යුද හමුදාව

  • පානදුර පළමු ඉනිම පන්දුවාර 73 කදී ලකුණු 275 යි – (සුවහස් ප්‍රනාන්දු 107, සිත්රූ ගුණරත්න 21, කාංචන ද ලිවේරා 21, මිහින් සොයිසා 38, නිකේෂ ඉද්දමල්ගොඩ 62, ඉනුක ද සිල්වා 89/5, පැතුම් විහඟ 82/2, උමේෂ් ද සිල්වා 53/2)
  • යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 15 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 54 යි – (ෂෙනෙශ්්ක නෙත්සර 30*, රන්දික මිහිරංග 11/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee