slc
logo
Home   |    News
ජූලි 8, 2026
LPL ප්‍රවේශපත්‍ර අලෙවිය ඇරැඹෙයි

sinhala editor

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය අද (08 දා) ආරම්භ කෙරිණි. ජූලි 17 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා කොළඹ, දඹුල්ල සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා ප්‍රවේශපත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල කවුන්ටර තුනකින් මෙන්ම BookMyShow මාර්ගගත වේදිකාව ඔස්සේද මිලදී ගැනීමේ පහසුකම සලසා තිබේ.

ප්‍රවේශපත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අංක 01 පිවිසුම අසල සහ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රධාන පිවිසුම අසල පිහිටි කවුන්ටරවලින් දිනපතා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා මිලදී ගත හැකි අතර, තරගාවලිය අවසන් වන තෙක් එම කවුන්ටර විවෘතව තැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ අනුව ප්‍රවේශපත්‍ර මිල ගණන් වෙනස් වන අතර, කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා රුපියල් 300, 1,000 සහ 1,500 ක් ලෙස මිල නියම කර තිබේ.

දඹුල්ල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා රුපියල් 300, 500, 1,000, 2,000, 2,500 සහ 3,000 ක් ලෙසද, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා රුපියල් 400, 1,000, 2,500 සහ 5,000 ක් ලෙසද ප්‍රවේශපත්‍ර නිකුත් කර ඇත. එසේම, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග සඳහා රුපියල් 500, 1,000, 1,500, 2,500, 5,000 සහ 7,500 ක් ලෙස මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.

LPL තරගාවලියේ සමාරම්භක තරගය ජූලි 17 වැනිදා රාත්‍රී 7.30ට කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී ජැෆ්නා සහ ගෝල් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත අතර, එදින තරගයට පෙර විශේෂ ඩ්‍රෝන් ආලෝක සංදර්ශනයක්ද සංවිධානය කර තිබේ.

Active filters

Recent Posts

  • LPL ප්‍රවේශපත්‍ර අලෙවිය ඇරැඹෙයි
    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය අද (08 දා) ආරම්භ කෙරිණි. ජූලි 17 වැනිදා සිට අගෝස්තු 8 […]
  • ශ්‍රී ලංකාවේ අවසන් උත්සාහය ව්‍යාර්ථ වෙයි
    දිනේෂ් චන්දිමාල්ගේ වේගවත් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණයක් සඳහා අවසන් උත්සාහයක නිරත වූ නමුත්, ජෝන් කැම්ප්බෙල් සහ බ්‍රැන්ඩන් කිංගේ නොදැවුණු අර්ධ ශතක හමුවේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය […]
  • පළමු මට්ටමේ පුහුණුකරුවන්ගේ වැඩසටහන පරිවර්තන කමිටු සභාපතිවරයාගේ නිරීක්ෂණයට
    රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා, එහි පැවැත්වෙමින් තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යාපන අංශය විසින් ක්‍රියාත්මක […]
  • ශ්‍රී ලංකාව අසිරු ජයග්‍රහණයකට සැරසෙයි
    ඇන්ටිගුවාහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරයේ දෙවැනි සැසියේ අවසන් භාගයේදී තරගයේ පාලනය නැවතත් තමන් වෙත හරවා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ අවසන් කඩුලු දෙකත් ඉක්මනින් දවාගෙන පළමු […]
  • දිමන්ත සහ ගිම්හාන් එකතුව ශ්‍රී ලංකාවට ජය ගෙනෙති
    ආරම්භක පිතිකරු දිමන්ත මහවිතානගේ නොදැවුණු ලකුණු 155ක විශිෂ්ට ඉනිමත්, වමත් වේගපන්දු යවන ගිම්හාන් මෙන්ඩිස්ගේ කඩුලු 5ක දස්කමත් හේතුවෙන් ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee