slc
logo
Home   |    News
ජූලි 19, 2026
එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය.

මුවර්ස් කණ්ඩායමට එරෙහිව කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ සේනාරත්න පන්දු 86කින් ලකුණු 113ක් රැස් කළේ හතරේ පහර 11ක් සහ හයේ පහර 6ක් එල්ල කරමිනි. ඔහු මෙම ශතකය වාර්තා කළේ එන්.සී.සී. ඉනිමේ ලකුණු 88කට කඩුලු 8ක් බිඳ වැටී අසීරු තත්ත්වයකට පත්ව තිබියදීය.

අවසාන පිතිකරුවන් දෙදෙනා සමඟ ඉනිම ගොඩනැගූ සේනාරත්න, ශක්ති උදාර (15) සමඟ 9 වැනි කඩුල්ලට පන්දු 59කදී ලකුණු 55ක සබඳතාවක් ගොඩනැගූ අතර, අවසන් පිතිකරු රනුක මලවිආරච්චි (11) සමඟ 10 වැනි කඩුල්ලට පන්දු 23කදී ලකුණු 54ක අගනා සබඳතාවක් එක් කළේය. එහෙත් එන්.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 197කට සීමා වූ අතර මුවර්ස් පළමු ඉනිමේ රැස් කළ ලකුණු 218ට පිළිතුරු ලෙස ලකුණු 21ක් පසුපසින් වේ.

මෙම තරගයේ මුවර්ස් පිල වෙනුවෙන් නායක රවිශාන් ද සිල්වා ලකුණු 60ක් සහ විශාර ප්‍රනාන්දු ලකුණු 53ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී සඳරු මල්ශාන් ලකුණු 70කට කඩුලු 5ක් දවාලමින් කැපී පෙනුණි.

මේ අතර කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති සෙබස්ටියනයිට්ස් සහ සී.සී.සී. අතර තරගයේදී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 417ක් රැස් කළේ වෙනුර විතානගේගේ ශතකය (111) සහ සරිත් සුදීන (84), අංජල බණ්ඩාර (82) හා රශ්මික පෙරේරා (68)ගේ දායකත්වයෙනි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සෙබස්ටියනයිට්ස් කණ්ඩායම ලකුණු 230කට දැවී ගිය අතර, මානස ද සිල්වා අර්ධ ශතකයක් (52) රැස් කළේය. තිසරු වන්නිනායක ලකුණු 60කට කඩුලු 5ක් දවාලමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. තරගය ජය පැරදුමකින් තොරව අවසන් වූ අතර, පළමු ඉනිමේ ජය සී.සී.සී. කණ්ඩායමට හිමි විය.

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති ලි‍යෝ සහ මොරටුව අතර තරගයේ ලියෝ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 341ක් රැස් කළ අතර, අවින්ත ද අල්විස් විශිෂ්ට ලකුණු 119ක් ලබා ගත්තේය. මොරටුව පළමු ඉනිම ලකුණු 210කට සීමා වූ අතර, ලෙස්ටර් ජයවීර ලකුණු 62ක් රැස් කළේය. ලියෝ වෙනුවෙන් පූර්ණ කල්හාර ලකුණු 65කට කඩුලු 5ක් බිඳ හෙළීය. දෙවැනි ඉනිමේ ලියෝ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 48ක් ලබා සිටියදී තරගය නිමාවට පත් වූ අතර, පළමු ඉනිමේ ජය ඔවුන්ට හිමි විය.

සී.සී.සී. පිලට පළමු ඉනිමේ ජයක්

  • සී.සී.සී. පළමු ඉනිම පන්දුවාර 77 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 417 යි – (සරිත් සුදීන 84, වෙනුර විතානගේ 111, අංජල බණ්ඩාර 82, රශ්මික පෙරේරා 68, ඉනුක කරන්නාගොඩ 20, චනුල් අතාලේ 16, සුතර්සන් උබාර්නන් 20, මෙත්නුල මායාදුන්න 92/2
  • සෙබස්ටියනයිට්ස් පළමු ඉනිම පන්දුවාර 81.1 කදී ලකුණු 230 යි – (මානස ද සිල්වා 52, ශනෙල්කර් ද සිල්වා 17, රුසිරු විලෝචන 17, එරංග ජයකොඩිගේ 23, විමාෂ් මදනායක 19, සුතර්ෂන්සුබර්නන් 38, දිනෙත් සමරවීර 24, තිසරු වන්නිනායක 60/5, රශ්මික පෙරේරා 13/2)
  • සී.සී.සී. දෙවැනි ඉනිම පන්දුවාර 17.2 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 112 යි – (සාරිත් සුදීන 37, වෙනුර විතානගේ 33, සනුල් වීරරත්න 19, යෙශේන් ගුණතිලක 21*, සුතර්ෂන් සුබාරන් 56/2)

ලියෝ පිලට පළමු ඉනිමේ ජයක්

  • ලියෝ පළමු ඉනිම පන්දුවාර 94 කදී  ලකුණු 341 යි – (අවින්ත ද අල්විස් 119, නෙලුක හේෂාන් 42, නෙත්ම කරුණාරත්න 29, සලිඳු පතිරණ 59, විශ්ව රාජපක්ෂ 50, හෂ්මික නෙත්ශාන් 19*, මංජුල චන්තුක 73/2, සංජන සෙනෙවිරත්න 55/2, රුසිත් ජයවර්ධන 42/2)
  • මොරටුව පළමු ඉනිම පන්දුවාර 77.1 කදී ලකුණු 210 යි – (ලෙස්ටර් ජයවීර 62, ප්‍ර මේෂ් මදුභාෂණ 43, රුසිත් ජයවර්ධන 22, සංජන සෙනෙවිරත්න 23, මංජුල චංතුක 24, පූර්ණ කල්හාර 65/5, හෂ්මික නෙත්ශාන් 21/3)
  • ලියෝ දෙවැනි ඉනිම පන්දුවාර 6 කදී කඩුලු 5 කට ලකුණු 48 යි – (නෙලුක හේෂාන් 18, මයුරු මල්ෂාන් 15/3, මංජුල චන්තුක 14/2)

මුවර්ස් සහ එන්.සී.සී. (පළමු දිනට)

  • මුවර්ස් පළමු ඉනිම පන්දුවාර 43 කදී ලකුණු 218 යි – (හිරුන් මතීෂ 38, රවිෂාන් ද සිල්වා 60, හරිදු ජයසේකර 19, විශාර ප්‍රනාන්දු 53, සඳරු මල්ෂාන් 27, ශක්ති උදාර 83/4, රනුක මලවිආරච්චි 35/2, සංතුල් විජේරත්න 44/3)
  • එන්.සී.සී. පළමු ඉනිම පන්දුවාර 40.4 කදී ලකුණු 197 යි – (ජීවක ශෂීන් 30, චන්දූප සේනාරත්න 113, ශක්ති උදාර 15, රනුක මලවිආරච්චි 11*, හිවින් කෙනුල 24/4, සඳරු මල්ෂාන් 70/5)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee