slc
logo
Home   |    News
ජූලි 18, 2026
ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ (Pink Game) හෙට (ජූලි මස 19 වැනිදා) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙවර රෝස තරගයේදී දඹුල්ල සික්සර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් තරග වදින අතර, එය එල්.පී.එල්. තරගාවලියේ තවත් එක් තරගයක් පමණක් නොව, ක්‍රිකට් ක්‍රීඩාව හා සමාජ වගකීම එකට එක් කරන සුවිශේෂී අවස්ථාවක් බවට පත්වනු ඇත.

ක්‍රීඩාවට ඇති ජනතා ආකර්ෂණය යොදා ගනිමින් පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම, කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම සහ එම අභියෝගයට මුහුණ දෙන රෝගීන්, සුවය ලැබූවන් හා ඔවුන්ගේ පවුල් වෙත සහයෝගය ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ මූලිකත්වයෙන් සංවිධානය වන මෙම සුවිශේෂී තරගය ඉන්දිරා පිළිකා භාරය (Indira Cancer Trust) සහ සුව අරණ (Suwa Arana) යන ආයතන සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම වැඩසටහන හරහා පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්, අරමුදල් රැස් කිරීමේ ක්‍රියාකාරකම් සහ ප්‍රජා සම්බන්ධතා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එමගින් ක්‍රීඩා පිටියෙන් ඔබ්බට ගිය සමාජ ව්‍යාපාරයක් නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ.

මෙම රෝස තරගයේදී දඹුල්ල සික්සර්ස් ක්‍රීඩකයින් විශේෂයෙන් නිර්මාණය කරන ලද රෝස පැහැති ක්‍රීඩා ඇඳුම් සහ හිස් ආවරණ පැළඳ පිටියට පිවිසීමට නියමිතය. එය පියයුරු පිළිකාවට එරෙහිව සටන් කරන සියලු දෙනා, එම අභියෝගය ජයගත් සුවය ලැබූවන් සහ ඒ සමඟ සටන් කරන පවුල් සමඟ එකමුතුව ප්‍රකාශ කරන සංකේතයක් වනු ඇත.

තරගයට සමගාමීව පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්, සජීවී අරමුදල් රැස් කිරීමේ අවස්ථා සහ ක්‍රීඩා ලෝලීන්ට මෙම සමාජ මෙහෙවරට සෘජුවම දායක වීමේ අවස්ථා ද සංවිධානය කර ඇත.

මෙම වැඩසටහනේ තවත් විශේෂ අංගයක් ලෙස “රෝස ඉරිදා“ (Pink Sunday) වැඩසටහන හඳුන්වා දී ඇති අතර, එදින ශ්‍රී ලංකාව පුරා ජනතාව රෝස පැහැති ඇඳුම්වලින් සැරසී මෙම වැදගත් පණිවිඩය සමඟ එක්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරාධනා කර සිටියි.

ක්‍රීඩාංගණයේදී, නිවසේදී, සේවා ස්ථානයේදී හෝ තම ප්‍රජාව තුළදී රෝස පැහැය සමඟ එක්වෙමින්, පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමට, නිතිපතා පරීක්ෂණවල වැදගත්කම අවධාරණය කිරීමට සහ අවශ්‍ය සහයෝගය ලබාදීමට සියලු දෙනාටම මෙම සමාජ මෙහෙවරට එක්වන ලෙස ආරාධනා කෙරේ.

තරගය නැරඹීමට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට නිල “රෝස පැහැති ටීෂර්ටය“ (Pink Fan T-Shirt) මිලදී ගැනීමේ අවස්ථාව හිමිවන අතර, එමගින් ලැබෙන ආදායම ඉන්දිරා පිළිකා භාරය සහ සුව අරණ ආයතනවල සමාජ මෙහෙවර සඳහා යොදා ගැනීමට නියමිතය.

මිලදී ගන්නා සෑම ටීෂර්ටයක්ම, සිදුකරන සෑම පරිත්‍යාගයක්ම සහ බෙදාහදා ගන්නා සෑම දැනුවත් කිරීමේ පණිවිඩයක්ම පියයුරු පිළිකාවට එරෙහි සටන තවත් ශක්තිමත් කිරීමට දායක වනු ඇත.

ක්‍රීඩකයින් පිටියේ ජයග්‍රහණයක් සඳහා සටන් කරන අතරතුර, එදින ලැබෙන සැබෑම ජයග්‍රහණය වනුයේ රට පුරා ඇතිවන දැනුවත්භාවයයි. රෝස තරගය (Pink Game) අපට මතක් කර දෙන්නේ, කුසලානයක් සඳහා කණ්ඩායම් දෙකක් තරග කළද, මනුෂ්‍යත්වය වෙනුවෙන් අප සැම එක් අරමුණක් යටතේ එක්ව සිටින බවයි.

එක් කණ්ඩායමක්,
එක් අරමුණක්,
එක් රෝස තරගයක්!

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee