slc
logo
Home   |    News
අගෝස්තු 26, 2026
ප්‍රධානතම විස්සයි-20 සටනේදී පන්දු යවන්නන්ගෙන් විශිෂ්ට දස්කම්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හයක් අගෝස්තු (24) නිමාවට පත්වූ අතර, එම තරගවලදී පිතිකරුවන් අභිබවා පන්දු යවන්නන් කැපී පෙනෙන දස්කම් දැක්වීම විශේෂත්වයක් විය.

එහිදී ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ රචින්ත ද සිල්වා, ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ විජයකාන්ත් වියස්කාන්ත් සහ නුගේගොඩ ක්‍රීඩා සමාජයේ සචිඳු කොළඹගේ කඩුලු 4 බැගින් දවා ගනිමින් තම විස්සයි20 තරග දිවියේ හොඳම පන්දු යැවීම් වාර්තා කළහ.

දකුණතින් මඳ වේග පන්දු යවන රචින්ත ද සිල්වා ලකුණු 10කට කඩුලු 4ක් දවා ගනිමින් බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව ඒස් කැපිටල් කණ්ඩායමේ ලකුණු 73ක ජයග්‍රහණයට විශාල දායකත්වයක් ලබා දුන්නේය.

පා දඟ පන්දු යවන විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 11කට කඩුලු 4ක් දවා ගනිමින් පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ටැමිල් යූනියන් කණ්ඩායම ලකුණු 7ක ජයක් වාර්තා කිරීමට මඟ විවර කළේය. ඔහුගේ පන්දු යැවීම හමුවේ පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 134කට දැවී ගිය අතර, ටැමිල් යූනියන් කණ්ඩායම පන්දුවාර 16කදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

මේ අතර නුගේගොඩ ක්‍රීඩා සමාජයේ සචිඳු කොළඹගේ ලකුණු 13කට කඩුලු 4ක් දවා ගනිමින් කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජයට එරෙහි තරගයේදී දක්ෂතා දැක්වීය. එම තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු සමවීමෙන් අවසන් විය.

එන්.සී.සී. කණ්ඩායම වෙනුවෙන් දකුණතින් මඳ වේග පන්දු යවන චාමික ගුණසේකරද ලකුණු 17කට කඩුලු 4ක් දවා ගනිමින් පන්දු යවන්නන් අතර කැපී පෙනුණේය. කෙසේ වෙතත්, ඔහුගේ දස්කම් මැදින් එන්.සී.සී. කණ්ඩායම පරාජයට පත්වූයේ පානදුර ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 2කින් වීම විශේෂත්වයකි.

පිතිකරුවන් අතරින් ටැමිල් යූනියන් කණ්ඩායමේ සිනෙත් ජයවර්ධනගේ ලකුණු 84 ඉනිම කැපී පෙනුණි. පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 52කට මුහුණ දුන් ඔහු හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 84ක් රැස් කළ අතර, එය ඔහුගේ විස්සයි20 තරග දිවියේ හොඳම ඉනිම විය.

ඒ අතර ඒස් කැපිටල් කණ්ඩායමේ පවන්ත වීරසිංහ ලකුණු 50ක්ද, පානදුර ක්‍රීඩා සමාජයේ ඔෂද ප්‍රනාන්දු ලකුණු 63ක්ද, එන්.සී.සී. කණ්ඩායමේ චාමික කරුණාරත්න ලකුණු 56ක්ද ලබා ගනිමින් අර්ධ ශතක වාර්තා කළහ.

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයට ලකුණු 73ක ජයක්.

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය – 164/8 (පන්දුවාර 20)
පවන්ත වීරසිංහ 50, චාමික හීනටිගල 20, ඉසිත විජේසුන්දර නොදැවී 31
අවීශ සමාශ් 35/3

බදුරලිය ක්‍රීඩා සමාජය – 91 (පන්දුවාර 16.5)
මිලින්ද සිරිවර්ධන 27, හිරුන් කපුරුබණ්ඩාර 21
රචින්ත ද සිල්වා 10/4, ට්‍රවීන් මැතිව් 12/2

පානදුර ක්‍රීඩා සමාජයට ලකුණු 2ක ජයක්.

පානදුර ක්‍රීඩා සමාජය – 142/9 (පන්දුවාර 20)
ඔෂද ප්‍රනාන්දු 63, ඩිල්ශාන් මුණවීර 20, තවීෂ අභිෂේක් 28
චාමික ගුණසේකර 17/4, ශක්ති උදාර 25/2

එන්.සී.සී. – 140/8 (පන්දුවාර 20)
චාමික කරුණාරත්න 56, යෙනුල දෙව්තුස 26

ටැමිල් යූනියන් කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

පොලිස් ක්‍රීඩා සමාජය – 134 (පන්දුවාර 19.3)
චතුරංග ජයතිලක 47, ධනුජ ඉඳුවර 34
විජයකාන්ත් වියස්කාන්ත් 11/4, නවෝද් පරණවිතාන 14/2

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – 135/3 (පන්දුවාර 16)
සිනෙත් ජයවර්ධන 84, නවෝද් පරණවිතාන 28
දමිත් කප්පාගොඩ 18/2

මූර්ස් ක්‍රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 5ක ජයක්.

කොළඹ ක්‍රිකට් සමාජය – 87/7 (පන්දුවාර 10)
ලසිත් කෲස්පුල්ලේ 40
මල්ෂ තරුපති 20/2

මූර්ස් ක්‍රීඩා සමාජය – 93/5 (පන්දුවාර 9.3)
සොහාන් ද ලිවේරා 39

ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව තරගය ලකුණු සමවීමෙන් අවසන් විය.

නුගේගොඩ ක්‍රීඩා හා සුභසාධක සමාජය – 67/5 (පන්දුවාර 8)
ලහිරු දවටගේ 29, රෙහාන් පීරිස් නොදැවී 17

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය – 75/6 (පන්දුවාර 8)
අමේෂ තෙන්නකෝන් 16
සචිඳු කොළඹගේ 13/4

තරගයේ විසඳුමක් නොමැත.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය – 3/1 (පන්දුවාර 1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee