slc
logo
Home   |    News
අගෝස්තු 30, 2026
මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර තීරණය වී තිබේ. ඒ අනුව ‘ඒ’ කාණ්ඩයෙන් මොරටුව ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල ක්‍රීඩා සමාජයත්, ‘බී’ කාණ්ඩයෙන් යුද හමුදා ක්‍රීඩා සමාජය සහ ගාල්ල ක්‍රිකට් සමාජයත් අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා සිටිති.

මූලික වටයේ අවසන් සතියේ තරගවලදී පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන්ද කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර, ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ තීරණය වූ තරග දෙකක්ද වාර්තා විය.

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ලියෝ ක්‍රිකට් සමාජය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කුරුණෑගල ක්‍රීඩා සමාජය ලකුණු 76කින් පරාජය කළේය.

මූලික වටයේ අවසන් සතියේදී පිතිකරණයෙන් කැපී පෙනෙන දස්කම් දක්වමින් අර්ධ ශතක ඉනිම් කිහිපයක් වාර්තා විය. ලියෝ ක්‍රිකට් සමාජය වෙනුවෙන් අශාන් ප්‍රනාන්දු ලකුණු 67ක්, නෙත්ම කරුණාරත්න ලකුණු 57ක් සහ නෙලුක හේෂාන් ලකුණු 51ක් රැස් කළ අතර, කුරුණෑගල ක්‍රීඩා සමාජය වෙනුවෙන් කේශාන් වන්නිආරච්චි ලකුණු 51ක් ලබා ගත්තේය. යුද හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් සුඛිත දෙව්තිළිණ ලකුණු 61ක් සහ පැතුම් ඩිල්ශාන් ලකුණු 53ක් රැස් කළහ.

පන්දු යැවීමේදී කඩුලු 5 බැගින් දවාගත් පන්දු යවන්නන් දෙදෙනකු කැපී පෙනුණි. ගාල්ල ක්‍රිකට් සමාජයේ සුභානු රාජපක්ෂ ලකුණු 30කට කඩුලු 5ක් දවාගත් අතර, යුද හමුදා ක්‍රීඩා සමාජයේ මල්ක මදුශංක ලකුණු 49කට කඩුලු 5ක් දවා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය. එම තරගයේදීම යුද හමුදා කණ්ඩායමේ ලිලාන් රංගන ලකුණු 41කට කඩුලු 4ක් දවාගත්තේය.

ඒ අනුව මූලික වටය අවසන් වන විට මොරටුව සහ කුරුණෑගල ‘ඒ’ කාණ්ඩයෙන්ද, යුද හමුදාව සහ ගාල්ල ‘බී’ කාණ්ඩයෙන්ද අවසන් කණ්ඩායම් හතර අතරට පැමිණ සිටිති.

මෙම කණ්ඩායම් හතර අතර පැවැත්වෙන අර්ධ අවසන් තරග සහ අවසන් මහ තරගය පැවැත්වෙන දින සහ ක්‍රීඩාංගණ නුදුරේදීම ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජය සහ ගාල්ල ක්‍රිකට් සමාජය

තරගයේ විසඳුමක් නැත.

චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 88යි (පන්දුවාර 26.1)
මහීෂ සිතුම් 19, සුභානු රාජපක්ෂ 30/5.

නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ රගම ක්‍රිකට් සමාජය

නාවික හමුදා ක්‍රීඩා සමාජයට ලකුණු 38ක ජයක්

නාවික හමුදා ක්‍රීඩා සමාජය – සියලු දෙනා දැවී ලකුණු 123යි (පන්දුවාර 40.3)
පුලස්ති අතපත්තු 46, අවිඳු තීක්ෂණ 26, සුමේධ ප්‍රසාද් 17/2, අමිත කෞශල්‍ය 19/2, කසුන් කරුණාතිලක 32/3, කාවින්ද ඊශ්වර 19/3.

රගම ක්‍රිකට් සමාජය – සියලු දෙනා දැවී ලකුණු 85යි (පන්දුවාර 32)
හසිත් පෙරේරා 19, ඩිලංක අවර්ඩ්ට් 26/3, කොශාන් ජයවික්‍රම 23/2.

සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය සහ මහනුවර කස්ටම්ස් ක්‍රීඩා සමාජය

තරගයේ විසඳුමක් නැත.

මහනුවර කස්ටම්ස් ක්‍රීඩා සමාජය – කඩුලු 5ක් දැවී ලකුණු 174යි (පන්දුවාර 36)
තෙවිඳු දික්වැල්ල 32, ලහිරු අත්තනායක 32, ඉරුත් ගිම්ශාන් 22, යශෝධ මෙන්ඩිස් 28, හසිඳු වික්‍රමාරච්චි නොදැවී 19, පුන්සර සඳරුවන් 32/2.

කුරුණෑගල ක්‍රීඩා සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය

ලියෝ ක්‍රිකට් සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 76ක ජයක්.

ලියෝ ක්‍රිකට් සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 232යි (පන්දුවාර 44)
අශාන් ප්‍රනාන්දු 67, නෙත්ම කරුණාරත්න 57, නෙලුක හේෂාන් 51, රොමේෂ් සුරංග නොදැවී 20.
තීක්ෂණ සංජීව 35/3.

කුරුණෑගල ක්‍රීඩා සමාජය – කඩුලු 7ක් දැවී ලකුණු 139යි (පන්දුවාර 31.5)
කේශාන් වන්නිආරච්චි 51, ඩිල්ශාන් කොල්ලුරේ 25, ගිත්මින් කොළඹගේ 27/3.

මීගමුව ක්‍රීඩා සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය

මොරටුව ක්‍රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත එක් ලකුණක ජයක්.

මොරටුව ක්‍රීඩා සමාජය – සියලු දෙනා දැවී ලකුණු 187යි (පන්දුවාර 44.5)
උශේන් සිල්වා 42, මයුර මල්ශාන් 26, දිනෙත් සිතුමිණ 21, සංජන සෙනෙවිරත්න 30.
චනුර ප්‍රනාන්දු 31/3, හංසජ හිරුණ 35/2, සසික ඩිල්ශාන් 40/2.

මීගමුව ක්‍රීඩා සමාජය – කඩුලු 9ක් දැවී ලකුණු 163යි (පන්දුවාර 36)
මොහොමඩ් මුර්ශාද් 42, දිනිත සිරිවර්ධන 31, රශ්මික මෙවන් 32, රිශ්ම අමරසිංහ 25.
මදුසංක ප්‍රේමරත්න 33/3, සංජන සෙනෙවිරත්න 13/2.

යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය

යුද හමුදා ක්‍රීඩා සමාජයට ලකුණු 156ක ජයක්

යුද හමුදා ක්‍රීඩා සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 387යි (පන්දුවාර 44.5)
අශාන් සුදර්ශන 33, පැතුම් ඩිල්ශාන් 53, මනුශ්ක සමිත් 27, සුඛිත දෙව්තිළිණ 61, හර්ෂජිත් රුශාන් 65.
ලිඳුල නුවංග 78/3, ශැරෝන් අභිශේක් 30/3.

යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය – සියලු දෙනා දැවී ලකුණු 131යි (පන්දුවාර 32.1)
කවිඳු එදිරිවීර 26, අසන්ත බස්නායක 23, ලිඳුල නුවන්ග 25, දෙනුවන් රාජකරුණා 20.
ලිලාන් රංගන 41/4, මල්ක මදුශංක 49/5.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar