ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (14 දා) පැවැති තරග වලදී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ නායක රවිඳු ප්‍රනාන්දු සහ එන්.සී.සී. කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ ශතක රැස්කරමින් පිතිකරණයෙන් දස්කම් දැක්වූහ. පන්දු යැවීමේදී කොල්ට්ස් ක්‍රීඩා සමාජයේ වමත් දඟ පන්දු යවන මුදිත ලක්ෂාන් ලකුණු 21කට කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ විශිෂ්ටතම පන්දු යැවීම වාර්තා කළේය.
රවිඳු ප්‍රනාන්දු පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 8ක් සමඟ ලකුණු 140ක් රැස් කළ අතර, අහන් වික්‍රමසිංහ පන්දු 82කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් සමඟ නොදැවී ලකුණු 108ක් රැස් කළේය. ඊට අමතරව එන්.සී.සී. කණ්ඩායමේ චාමික කරුණාරත්න ද ලකුණු 39කට කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දැක්වීය.
අර්ධ ශතක රැස් කළ පිතිකරුවන් අතරින් සී.සී.සී. කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ නොදැවී ලකුණු 64ක්, ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයේ විහස් තෙව්මික ලකුණු 59ක් සහ ශාරුජන් ශන්මුගනාදන් ලකුණු 57ක් රැස් කළහ. ඒස් කැපිටල් කණ්ඩායමේ රනේෂ් පෙරේරා ලකුණු 52ක් සහ චාමික හීනටිගල ලකුණු 59ක්ද, එස්.එස්.සී. කණ්ඩායමේ ශෙවෝන් ඩැනියෙල් ලකුණු 55ක්ද, එන්.සී.සී. කණ්ඩායමේ සහන් ආරච්චිගේ ලකුණු 52ක්ද ලබා ගත්හ.
මේ අතර අද පැවැති තරග අතුරින් කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය ලකුණු 93කට දැවී ගිය අතර, සී.සී.සී. කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 97ක් රැස්කරමින් කඩුලු 9ක පහසු ජයක් වාර්තා කළේය.
මීට අමතරව කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ටැමිල් යුනියන් කණ්ඩායමට එරෙහිව ඒස් කැපිටල් කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 2 ක ජයක්ද එන්. සී. සී. කණ්ඩායමට එරෙහිව පොලිස් කණ්ඩායම කඩුලු 5 ක ජයක් ද බදුරලිටය ක්‍රීඩා සමාජයට එරෙහිව කෝල්ට්ස් ක්‍රීඩා සමාජය කඩුලු 3 ක ජයක් සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව එන්.සී.සී. කණ්ඩායම කඩුලු 4 ක ජයක්ද වාර්තා කළහ.
මීට අමතරව පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති පානදුර ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අත්හැර දැමීමට සිදුවිය. පානදුර කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 47ක් ලබා සිටි අතර, ශාලිත් ප්‍රනාන්දු නොදැවී ලකුණු 16ක් රැස් කළේය. මුවර්ස් කණ්ඩායමේ සංතුශ් ගුණතිලක ලකුණු 22කට කඩුලු 3ක් දවාගෙන තිබිණි.
කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණය – ප්‍රතිඵලය – සී.සී.සී. කණ්ඩායමට කඩුලු 9ක ජයක්
කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය – සියලු දෙනා දැවී ලකුණු 93 (පන්දුවාර 26.5)
ගයන වීරසිංහ 24, ඉසුරු උදාන 25/4, දිලුම් සුදීර 31/2
සී.සී.සී. – කඩුල්ලක් දැවී ලකුණු 97 (පන්දුවාර 15.2)
ලසිත් කෲස්පුල්ලේ නොදැවී 64, ඉනුක කරන්නාගොඩ නොදැවී 26.
කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණය – ඒස් කැපිටල්ට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 2ක ජයක්.
ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය – කඩුලු 8කට ලකුණු 279 (පන්දුවාර 50)
තනුක දාබරේ 42, නවෝද් පරණවිතාන 33, විහස් තෙව්මික 59, ශාරුජන් ශන්මුගනාදන් 57, සචිත ජයතිලක 45, ට්‍රවීන් මැතිව් 50/3, පවන්ත වීරසිංහ 49/2
ඒස් කැපිටල් – කඩුලු 8කට ලකුණු 250 (පන්දුවාර 36.5)
පවන්ත වීරසිංහ 26, රනේෂ් පෙරේරා 52, චාමික හීනටිගල 59, වනුජ සහන් 46, පවන් පතිරාජ 20, ලහිරු සමරකෝන් 48/3, විජයකාන්ත් වියස්කාන්ත් 37/3
කොල්ට්ස් ක්‍රීඩාංගණය – පොලිස් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 5ක ජයක්
පොලිස් කණ්ඩායම – සියලු දෙනා දැවී ලකුණු 205 (පන්දුවාර 49)
තිලකරත්න සම්පත් 42, ධනුජ ඉඳුවර 48, භානුක රාජපක්ෂ 38, නිපුන් ප්‍රේමරත්න 24, ප්‍රමෝද් මදුශාන් 14/2, කවිඳු නදීශාන් 48/2, නිපුන් ධනංජය 23/3
එස්.එස්.සී. – සියලු දෙනා දැවී ලකුණු 136 (පන්දුවාර 27.3)
ශෙවෝන් ඩැනියෙල් 55, අවිශ්ක ප්‍රනාන්දු 26, නිපුන් ප්‍රේමරත්න 41/2, චාරුක ප්‍රමෝද් 37/2, දමිත් කප්පාගොඩ 25/2, හේෂාන් මදුශංක 17/3
මග්ගොන සරේ ක්‍රීඩාංගණය – කොල්ට්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 3ක ජයක්.
කොල්ට්ස් ක්‍රීඩා සමාජය – සියලු දෙනා දැවී ලකුණු 132 (පන්දුවාර 36.2)
ශලින් ද මෙල් 29, මුදිත ලක්ෂාන් 23, සීක්කුගේ ප්‍රසන්න 37/3, චතුරංග ද සිල්වා 25/4, ඩිල්ශාන් ද සොයිසා 14/2
බදුරලිය ක්‍රීඩා සමාජය – සියලු දෙනා දැවී ලකුණු 103 (පන්දුවාර 42.3)
මිලින්ද සිරිවර්ධන 22, අලංකාර අසංක 23, මුදිත ලක්ෂාන් 21/5, ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 32/2, සහන් මිහිර 10/2.
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණය – එන්.සී.සී. කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 4ක ජයක්
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියලු දෙනා දැවී ලකුණු 276 (පන්දුවාර 44.4)
රවිඳු ප්‍රනාන්දු 140, අසිත වන්නිනායක 26, තරින්ද නිර්මාල් 24, කවිඳු පතිරත්න 49/2, චාමික කරුණාරත්න 39/5.
එන්.සී.සී. – කඩුලු 6කට ලකුණු 269 (පන්දුවාර 38.3)
අහන් වික්‍රමසිංහ නොදැවී 108, සහන් ආරච්චිගේ 52, චාමික කරුණාරත්න 47, කමිල් මිෂාර 25, දුලාජ් සමුදිත 41/3.
පානදුර මහජන ක්‍රීඩාංගණය – තරගය විසඳුමකින් තොර විය
පානදුර ක්‍රීඩා සමාජය – කඩුලු 4කට ලකුණු 47 (පන්දුවාර 16.2)
ශාලිත් ප්‍රනාන්දු නොදැවී 16, සංතුශ් ගුණතිලක 22/3.





