ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර්සමාජ ප්‍රධාන පෙළේ සමාජ කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අගෝස්තු 20 දා නිමාවට පත්වූ අතර, එහිදී බදුරලිය ක්‍රිකට් සමාජයේ ආරම්භක පිතිකාරිනී ඉමේෂා දුලානි සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ දකුණතින් මඳ වේග පන්දු යවන මල්කි මදාරා කැපී පෙනෙන දස්කම් දැක්වූහ.
බදුරලිය ක්‍රිකට් සමාජය වෙනුවෙන් චිලව් මේරියන්ස් ක්‍රිකට් සමාජයට එරෙහිව පිතිකරණයේ නිරත වූ ඉමේෂා දුලානි ශතකය පෙනෙන මානයේදී දැවී යාම දිනයේ කැපී පෙනෙන සිදුවීමක් විය. පන්දු 77කදී හතරේ පහර 15ක් සමඟ ලකුණු 99ක් රැස් කළ ඉමේෂාට ශතකය අහිමි වූයේ එක් ලකුණකිනි.
ඇයගේ ඉනිමට අමතරව බදුරලිය කණ්ඩායමේ සුමුදු නිසංසලා ලකුණු 77ක් රැස් කළාය. මේ අතර කොළඹ ක්‍රිකට් සමාජය වෙනුවෙන් විශ්මි ගුණරත්න ලකුණු 64ක්, කෞෂිනී නුත්‍යාංගනා ලකුණු 68ක් සහ යශෝධා සේනාරත්න ලකුණු 51ක් ලබා ගත් අතර, පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් විමෝක්ෂා බාලසූරිය ලකුණු 52ක් සහ නිලක්ෂිකා සිල්වා ලකුණු 58ක් රැස් කළහ.
පන්දු යැවීමේදී ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ මල්කි මදාරා දිනයේ විශිෂ්ටතම පන්දු යැවීම සටහන් කළාය. එස්.එස්.සී. කණ්ඩායමට එරෙහිව පන්දුවාර 10කදී ලකුණු 20කට කඩුලු 6ක් දවාගත් මල්කිගේ දස්කම් හේතුවෙන් එස්.එස්.සී. කණ්ඩායම ලකුණු 55කට සීමා විය.
බදුරලිය ක්‍රිකට් සමාජයට ලකුණු 244ක දැවැන්ත ජයක්
බදුරලිය ක්‍රිකට් සමාජය – සියලු දෙනා දැවී ලකුණු 318 (පන්දුවාර 50): ඉමේෂා දුලානි 99, සුමුදු නිසංසලා 77, නෙතඟි ඉසුරාංජලී 48; සඳුනි නිසංසලා 34/3, වෙතුම්‍යා විජේසූරිය 57/4.
චිලව් මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියලු දෙනා දැවී ලකුණු 74 (පන්දුවාර 27.2): සඳුනි නිසංසලා 20; කවීෂා දිල්හාරි 24/3, සුලේශා සත්සරණි 13/4.
පානදුර ක්‍රීඩා සමාජයට කඩුලු 4ක ජයක්
කොළඹ ක්‍රිකට් සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 237 (පන්දුවාර 50): විශ්මි ගුණරත්න 64, කෞෂිනී නුත්‍යාංගනා 68, යශෝධා සේනාරත්න 51; සුගන්දිකා කුමාරි 49/2, නිලක්ෂිකා සිල්වා 28/3.
පානදුර ක්‍රීඩා සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 239 (පන්දුවාර 48.4): විමෝක්ෂා බාලසූරිය 52, නිලක්ෂිකා සිල්වා 58, ක්‍රිශාන්ති සඳමාලි 29, රශ්මිකා සෙව්වන්දි නොදැවී 28, සුගන්දිකා කුමාරි නොදැවී 28; ලිමංසා තිලකරත්න 37/2, නිලංගිකා ද සිල්වා 29/2.
නාවික හමුදා ක්‍රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 3ක ජයක්
යුද හමුදා ක්‍රීඩා සමාජය – කඩුලු 5ක් දැවී ලකුණු 121 (පන්දුවාර 34): ඉමල්කා මෙන්ඩිස් 39, නෙත්මි සේනාරත්න නොදැවී 36; සත්‍යා සංදීපනී 12/3
නාවික හමුදා ක්‍රීඩා සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 99 (පන්දුවාර 22.3): හසිනි පෙරේරා 47; සඳනි ද සිල්වා 20/2.
ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට කඩුලු 7ක ජයක්
එස්.එස්.සී. – සියලු දෙනා දැවී ලකුණු 55 (පන්දුවාර 26.2): අචිනි කුලසූරිය 13; මල්කි මදාරා 20/6, සඳුනි තිවංක 11/2.
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 56 (පන්දුවාර 14.2): කේ.කේ. සුරන්ති 18; සනුකි පතිරගේ 19/2




