slc
logo
Home   |    News
අගෝස්තු 24, 2026
කොළඹ දකුණ පිට පිටම තෙවැනි ජයත් ලබයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිට පිටම තෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට කොළඹ දකුණ කණ්ඩායම අද (23) සමත් විය. අනුරාධපුර සමාධී ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ දී මහනුවර කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමින් කොළඹ දකුණ කණ්ඩායම මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේය.

පළමුව පන්දුවට පහර දුන් මහනුවර වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 300ක් රැස් කළ අතර, චනුත් ජයසිංහආරච්චි ලකුණු 82කින් සහ ශෂිත් බණ්ඩාර ලකුණු 77කින් ඉනිම ශක්තිමත් කළහ. සනිතු ගුණතිලක නොදැවී ලකුණු 46ක් ලබා ගත්තේය.

එම ඉලක්කය හඹා ගිය කොළඹ දකුණ කණ්ඩායම පන්දුවාර 49.3කදී කඩුලු 6ක් දැවී ලකුණු 301ක් රැස් කරමින් තරගයේ ජය හිමිකර ගත්තේය. නායක ස්ටෙවෝන් පීරිස් පන්දු 77කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 73ක් රැස් කළ අතර, චෙනුක දොඩංගොඩ පන්දු 61කදී හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 61ක් ලබා ගනිමින් ජයග්‍රහණයට විශිෂ්ට දායකත්වයක් ලබා දුන්නේය. මහිරු කොඩිතුවක්කු නොදැවී ලකුණු 18ක් ලබා ගත්තේය.

මේ අතර, සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති අනෙක් තරගයේදී දඹුල්ල කණ්ඩායම ලකුණු 20කින් පරාජය කරමින් ගාල්ල වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම ජය වාර්තා කළේය.

පළමුව පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 37.2කදී සියලු දෙනා දැවී ලකුණු 193ක් රැස් කළ අතර, ගෙසඳු බිසස් ලකුණු 39ක්, ලසිර ලක්දිනු සහ සඳරු මල්ශාන් ලකුණු 33 බැගින් රැස් කළහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 194ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 43.4කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 173ක් පමණි. අමල් පෙරේරා ලකුණු 41ක් රැස් කළේය.

ගාල්ල කණ්ඩායමේ චෙනුල් මින්ලක ලකුණු 16කට කඩුලු 4ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර, මානිත රාජපක්ෂ ලකුණු 31කට කඩුලු 3ක් දවා ගත්තේය. දඹුල්ල වෙනුවෙන් තේජාන් බණ්ඩාර කඩුලු 3ක් දවා ගත්තේය.

තරගාවලියේ තවත් තරග ද්විත්වයක් හෙට (24) අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතය.

කොළඹ දකුණට කඩුලු 4ක ජයක්.

මහනුවර කණ්ඩායම – 300/5 (50)
චනුත් ජයසිංහආරච්චි 82, ශෂිත් බණ්ඩාර 77, යෙනුල හේවාවිතාරණ 46, සනිතු ගුණතිලක නොදැවී 46.
මෙතුම් ප්‍රනාන්දු 44/2.

කොළඹ දකුණ කණ්ඩායම – 301/6 (49.3)
ස්ටෙවෝන් පීරිස් 73, චෙනුක දොඩංගොඩ නොදැවී 61, දුශේන් උඩවෙල 48.
ශෂිත් බණ්ඩාර 52/2, ඉමේෂ් දිසානායක 65/2, යුමාල් එගොඩගේ 38/2.

ගාල්ලට ලකුණු 20ක ජයක්.

ගාල්ල  – 193 (37.2)
ගෙසඳු බිසස් 39, ලසිර ලක්දිනු 33, සඳරු මල්ශාන් 33.
තේජාන් බණ්ඩාර 43/3

දඹුල්ල  – 173 (43.4)
අමල් පෙරේරා 41, දසිස් බණ්ඩාර 24, චමෝද් ප්‍රභාශ 23.
චෙනුල් මින්ලක 16/4, මානිත රාජපක්ෂ 31/3.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee