ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී‘ කොටසේ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 6ක් අද (15 දා) අවසන් වූ අතර, එහිදී මොරටුව ක්‍රීඩා සමාජයේ පූර්ණ ප්‍රභාත් පන්දු 14කින් අර්ධ ශතකය සම්පූර්ණ කරමින් වේගවත් පිතිහරඹයක නිරත විය.
කුරුණෑගල ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී පූර්ණ ප්‍රභාත් පන්දු 16කින් ලකුණු 52ක් රැස් කළ අතර, එම ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය. විශේෂත්වය වූයේ එක් පන්දුවාරයකදී හයේ පහර 4ක් එල්ල කිරීමයි. ඔහු ප්‍රමේෂ් මධුභාෂණ සමඟ එක්ව හයවැනි කඩුල්ල සඳහා පන්දු 30කදී ලකුණු 85ක වේගවත් සබඳතාවක් ද ගොඩනැගීය.
මෙම තරගයේදී මොරටුව ක්‍රීඩා සමාජය පන්දුවාර 20කදී සියලු දෙනා දැවී ලකුණු 192ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කුරුණෑගල ක්‍රීඩා සමාජය පන්දුවාර 18.3කදී ලකුණු 126කට දැවී ගියේය. ඒ අනුව මොරටුව කණ්ඩායමට ලකුණු 66ක ජයක් හිමි විය.
මේ අතර නාවික හමුදා ක්‍රීඩා සමාජයේ නායක වනුර මයන්ත ලකුණු 57ක් ද, කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජයේ නායක යශෝධ මෙන්ඩිස් ලකුණු 61ක් ද රැස් කරමින් අර්ධ ශතක වාර්තා කළහ. මොරටුව ක්‍රීඩා සමාජයේ උශේන් සිල්වා ද ලකුණු 51ක් ලබා ගත්තේය.
කෙසේ වෙතත්, අද පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකක් වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අතහැර දැමීමට සිදුවිය. කළුතර පැවැත්වීමට නියමිතව තිබූ චිලව් මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය අතර තරගයත්, කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ යුද හමුදා ක්‍රීඩා සමාජය සහ සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර තරගයත් වර්ෂාව හේතුවෙන් අතහැර දැමිණි.
යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 36ක ජයක්
යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය – කඩුලු 9කට ලකුණු 160 (පන්දුවාර 20)
දමේෂ් මතිසාන් 47, අසන්ත බස්නායක 38, කවීෂ් කල්පන 24; ගයාන් ද සිල්වා 31/2, සුදාර දක්ෂිණ 49/2, රොමේෂ් සුරංග 26/2.
ලියෝ ක්‍රිකට් සමාජය – කඩුලු 4කට ලකුණු 37 (පන්දුවාර 8.2)
රොමේෂ් සුරංග නොදැවී 19; ධනෝෂ් ද සිල්වා 03/2
නාවික හමුදා කණ්ඩායමට ලකුණු 49ක ජයක්
නාවික හමුදා කණ්ඩායම – සියලු දෙනා දැවී ලකුණු 163 (පන්දුවාර 20)
වනුර මයන්ත 57, ආදිත්‍ය සිරිවර්ධන 26, තිමිර මල්ෂාන් 22; චරිත් රාජපක්ෂ 20/2, නිර්මල රත්නායක 34/4.
කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය – සියලු දෙනා දැවී ලකුණු 114 (පන්දුවාර 18.1)
යශෝධ මෙන්ඩිස් 61; කොෂාන් ජයවික්‍රම 35/2, අවිඳු තීක්ෂණ 26/3, ඩිලංක අවුරත් 19/3
මොරටුව ක්‍රීඩා සමාජයට ලකුණු 66ක ජයක්
මොරටුව ක්‍රීඩා සමාජය – සියලු දෙනා දැවී ලකුණු 192 (පන්දුවාර 20)
පූර්ණ ප්‍රභාත් 52, උශේන් සිල්වා 51, ප්‍රමේෂ් මධුභාෂණ නොදැවී 42, චාමර ප්‍රනාන්දු 22; සනුජ නිඳුවර 41/2, නිසංජය හෙට්ටිආරච්චි 27/2.
කුරුණෑගල ක්‍රීඩා සමාජය – සියලු දෙනා දැවී ලකුණු 126 (පන්දුවාර 18.3)
රජිත රත්නායක 24, විනෝද් පෙරේරා 21; මනුජ චංතුක 23/2, මධුසංක ප්‍රේමරත්න 25/4
රාගම ක්‍රිකට් සමාජයට ලකුණු 7ක ජයක්
රාගම ක්‍රිකට් සමාජය – සියලු දෙනා දැවී ලකුණු 133 (පන්දුවාර 18.1)
ලහිරු අබේසිංහ 39, දසිත් ගුණතිලක 24; කවිඳු නිර්මාණ 30/2, සඳුන් මධුසංක 20/3
ගාල්ල ක්‍රිකට් සමාජය – සියලු දෙනා දැවී ලකුණු 126 (පන්දුවාර 19.1)
දුල්සිත් දර්ශන 29, තේජාන් ප්‍රසංජන 21; කවිඳු ඉශ්වර 09/2, අමිත කෞශල්‍ය 44/3, මලීෂ සිල්වා 13/2





