slc
logo
Home   |    News
සැප්තැම්බර් 25, 2026
ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බරයේදී ශ්‍රී ලංකාවට

sinhala editor

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ලබන දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

තරගාවලිය දෙසැම්බර් 15, 18 සහ 20 යන දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, මෙම තරග තුනම 2025–2029 අයිසීසී කාන්තා ශූරතා තරගාවලි චක්‍රයට ඇතුළත් වේ.

ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම දෙසැම්බර් 10 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, දෙරට අතර පළමු එක්දින තරගය දෙසැම්බර් 15 වැනිදා දඹුල්ලේදී පැවැත්වේ.

දෙවැනි එක්දින තරගය දෙසැම්බර් 18 වැනිදාත්, තෙවැනි සහ අවසන් එක්දින තරගය දෙසැම්බර් 20 වැනිදාත් එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට සැලසුම් කර තිබේ.

තරග කාලසටහන

දිනයතරගයක්‍රීඩාංගණය
දෙසැම්බර් 15පළමු එක්දින තරගයදඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
දෙසැම්බර් 18දෙවැනි එක්දින තරගයදඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
දෙසැම්බර් 20තෙවැනි එක්දින තරගයදඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee