slc
logo
Home   |    News
සැප්තැම්බර් 29, 2026
ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

sinhala editor

ජපානයේ නිෂින්හිදී නේපාලය සමඟ අද (29 දා) පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකිවීම නිසා තරග අතහැර දැමීමත් සමඟ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

දේශීය වේලාවෙන් පෙරවරු 9.00ට ආරම්භ කිරීමට නියමිතව තිබූ තරගයට පැය කිහිපයකට පෙර සිටම වර්ෂාව පැවති අතර, තත්ත්වය යහපත් නොවීම හේතුවෙන් කාසියේ වාසියද සිදු නොකර තරගය අත්හැර දැමීමට සිදුවිය.

තරගාවලියේ ශ්‍රේණිගත කළ කණ්ඩායම් අතරට ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය ඇතුළත් වන අතර, ICC විස්සයි20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට හිමි ඉහළ ස්ථානය හේතුවෙන් මෙම තරගය අත්හැර දැමීමෙන් අනතුරුව ඉදිරියට යාමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි විය.

ඒ අනුව ශ්‍රී ලංකාව ඔක්තෝබර් 1 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවට එරෙහිව තරග වැදීමට නියමිතය.

අනෙක් අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය පාකිස්තානයට එරෙහිව තරග වදින අතර, එම තරගයද ඔක්තෝබර් 1 වැනිදා පැවැත්වීමට නියමිතය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee