slc
logo
Home   |    News
සැප්තැම්බර් 7, 2026
ලකුණක ජයකින් එස්.එස්.සී. පිල අවසන් මහ සටනට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් 2026 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී සී.සී.සී. කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණක තියුණු පරාජයකට ඇද දමමින් එස්.එස්.සී. කණ්ඩායම අදාළ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (07 දා) පස්වරුවේදී සමත්විය.

කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් එස්.එස්.සී. කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 336ක් රැස් කළ අතර, ජයග්‍රහණය සඳහා සී.සී.සී. කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදය අනුව පන්දුවාර 49කදී ලකුණු 332ක ඉලක්කයක් හිමි විය.

එම දැවැන්ත ඉලක්කය හඹා ගිය සී.සී.සී. කණ්ඩායම පන්දුවාර 49 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 330ක් රැස් කළ අතර, ඒ අනුව එස්.එස්.සී. කණ්ඩායමට ලකුණු 1ක තියුණු ජයක් හිමි විය.

එස්.එස්.සී. ඉනිමේ ප්‍රධානතම පිතිකරු වූ නායක අවිශ්ක ප්‍රනාන්දු විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් පන්දු 129කදී හතරේ පහර 15ක් සහ හයේ පහර 5ක් සමඟ ලකුණු 160ක් රැස් කළේය. ඔහුගේ ප්‍රවේගවත් ඉනිම එස්. එස්. සී. කණ්ඩායමට දැවැන්ත ලකුණු පුවරුවක් කරා රැගෙන යාමේ ප්‍රධාන සාධකයක් විය.

අවිශ්කට අනගි සහායක් ලබාදුන් නිපුන් ධනංජය නොදැවී ලකුණු 101ක් රැස් කළේ පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟිනි. අවසන් අදියරේදී රනුද සෝමරත්න පන්දු 21කින් නොදැවී ලකුණු 29ක් රැස් කළේ හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟිනි.

එස්.එස්.සී. පන්දු යැවීමේදී මිහිරංග සිල්වා, ප්‍රභාත් ජයසූරිය සහ නිපුන් ධනංජය කඩුලු 2 බැගින් දවාගත් අතර, දිනුර කළුපහන එක් කඩුල්ලක් දවා ගත්තේය.

සී.සී.සී. පිළිතුරු ඉනිමේදී ආරම්භක පිතිකරු නිෂාන් මධුෂ්ක අතිවිශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 132කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟ ලකුණු 148ක් රැස් කළේය.

ඔහුට ආරම්භයේදී අනගි සහායක් ලබාදුන් ලසිත් කෲස්පුල්ලේ පන්දු 63කින් ලකුණු 67ක් රැස් කළ අතර, ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය.

ඉනිමේ මැද භාගයේදී ධනංජය ද සිල්වා පන්දු 62කින් ලකුණු 58ක් රැස් කරමින් සී.සී.සී. හඹා යාම ශක්තිමත් කළ අතර, අවසන් අදියරේදී අශේන් බණ්ඩාර පන්දු 20කින් වේගවත් ලකුණු 37ක් රැස් කරමින් තරගයේ උණුසුම තවදුරටත් ඉහළ නැංවීය. ඔහුගේ ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

සී.සී.සී. කණ්ඩායම අවසන් පන්දුවාරය දක්වාම ජයග්‍රහණය වෙනුවෙන් සටන් කළද, අවශ්‍ය ඉලක්කයට ලකුණු 2ක් පසුපසින් නතර වීම හේතුවෙන් එස්.එස්.සී. කණ්ඩායමට තරගයේ ජය හිමි විය.

මෙම තරගාවලියේ අවසන් මහ තරගය ලබන 11 වැනි සිකුරාදා මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වේ.

එස්.එස්.සී. කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 336 යි – (අවිශ්ක ප්‍රනාන්දු 160, නිපුන් ධනංජය නොදැවී 101, රනුද සෝමරත්න නොදැවී 29, නුවනිඳු ප්‍රනාන්දු 21, වීශ්ව ප්‍රනාන්දු 57/3, චමිඳු විජේසිංහ 72/1)

සී.සී.සී. කණ්ඩායම පන්දුවාර 40 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 330 යි – (නිෂාන් මධුෂ්ක 148, ලසිත් කෲස්පුල්ලේ 67, ධනංජය ද සිල්වා 58, අශේන් බණ්ඩාර 37, මිහිරංග සිල්වා 62/2, ප්‍රභාත් ජයසූරිය 57/2, නිපුන් ධනංජය 60/2, දිනුර කළුපහන 45/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar