slc
logo
Home   |    News
සැප්තැම්බර් 7, 2026
කෝල්ට්ස් පිල පරාජය කළ මුවර්ස් ක්‍රීඩා සමාජය මේජර් ලීග් අවසන් සටනට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම සිමිත පන්දුවාර ක්‍රිකට් 2026 තරගාවලියේ අවසන් මහ තරගයට තරගයට සුදුසුකම් ලබා ගැනීමට මුවර්ස් ක්‍රීඩා සමාජය අද (7) සමත් විය. කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කොල්ට්ස් ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 51 ක ජයක් වාර්තා කරමින් අදාළ අවසන් මහ සටනට සුදුසුකම් ලබා ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සමත්විය.

ඒ අනුව මේ මස 11 වැනිදා (සිකුරාදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දිවා/රාත්‍රී තරගයේදී එස්.එස්.සී. කණ්ඩායම සමගින් මුවර්ස් ක්‍රීඩා සමාජය තරග වදිනු ඇත.

කාසියේ වාසිය දිනාගත් කොල්ට්ස් පිල පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, එහිදී මුවර්ස් ක්‍රීඩා සමාජය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 344ක් රැස් කළේය.

මුවර්ස් ඉනිමේ ප්‍රධානතම පිතිකරු බවට පත්වූ සිතාර ගිම්හාන් පන්දු 91කදී හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 92ක් රැස් කළේය. ඔහුට අනගි සහායක් ලබාදුන් සදීර සමරවික්‍රම පන්දු 53කින් හතරේ පහර 8ක් සමඟ ලකුණු 64ක් රැස් කළේය.

ඊට අමතරව සෝහන් ද ලිවේරා ලකුණු 59ක් සහ ජනිෂ්ක පෙරේරා ලකුණු 59ක් බැගින් රැස් කරමින් මුවර්ස් ඉනිම ශක්තිමත් කළහ. අවසන් අදියරේදී වේගවත් පිතිහරඹයක නිරත වූ රමේෂ් මෙන්ඩිස් පන්දු 13කින් ලකුණු 25ක් රැස් කළ අතර, මිලාන් රත්නායක පන්දු 8කින් නොදැවී ලකුණු 16ක් ලබා ගත්තේය. කොල්ට්ස් වෙනුවෙන් නිපුන් රන්ෂික සහ ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ලකුණු 345ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය කොල්ට්ස් පිලට පන්දුවාර 47.1කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 293ක් පමණි.

කොල්ට්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 89කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 89ක් රැස් කළද, එය සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ප්‍රමාණවත් නොවීය. මුදිත ලක්ෂාන් ලකුණු 52ක් ද, සංගීත් කුරේ ලකුණු 50ක් ද ලබා ගත්හ.

මුවර්ස් පන්දු යවන්නන් අතරින් ශිරාන් ප්‍රනාන්දු විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 67කට කඩුලු 3ක් දවාගත් අතර, රමේෂ් මෙන්ඩිස් ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත්තේය. ඉන්දුවර උදේන ලකුණු 41කට කඩුලු 2ක් සහ මල්ෂ තරුපති ලකුණු 44කට කඩුලු 2ක් බැගින් දවා ගනිමින් කොල්ට්ස් ඉනිම පාලනය කළහ.

මුවර්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 50 අවසනදී කඩුලු 7 කට ලකුණු 344යි – (සිතාර ගිම්හාන් 92, සදීර සමරවික්‍රම 64, සෝහන් ද ලිවේරා 59, ජනිෂ්ක පෙරේරා 59, රමේෂ් මෙන්ඩිස් 25, මිලාන් රත්නායක නොදැවී 16, නිපුන් රන්ෂික 39/2, ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 61/2)

කොල්ට්ස් ක්‍රිකට් සමාජය පන්දුවාර 47.1 කදී සියලු දෙනා දැවී ලකුණු 293 (47.1) – (ඇන්ජලෝ මැතිව්ස් 89, මුදිත ලක්ෂාන් 52, සංගීත් කුරේ 50, ශිරාන් ප්‍රනාන්දු 67/3, රමේෂ් මෙන්ඩිස් 32/2, ඉන්දුවර උදේන 41/2, මල්ෂ තරුපති 44/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar