slc
logo
Home   |    News
සැප්තැම්බර් 6, 2026
ප්‍රබෝධාගේ විශිෂ්ට පන්දු යැවීමෙන් බංග්ලාදේශය 114කට සීමා වෙයි

sinhala editor

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (06) පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයේදී බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ලකුණු 114කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 114ක් පමණි. ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 115ක ඉලක්කයක් හිමි විය.

ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය මෙහිදී බංග්ලාදේශ පිතිකාරිනියන්ට කිසිදු අවස්ථාවක ඉනිම වේගවත් කර ගැනීමට ඉඩ නොදෙමින් පීඩනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, චමුදි ප්‍රබෝධාගේ විශිෂ්ට පන්දු යැවීම බංග්ලාදේශ ඉනිම පාලනය කිරීමේදී කැපී පෙනෙන සාධකයක් විය.

පන්දුවාර 4ක් යැවූ ප්‍රබෝධා ලකුණු 21කට කඩුලු 3ක් බිඳ හෙළුවාය. ඇය දිලාරා අක්තර්, සොර්ණා අක්තර් සහ ශෝර්ණා අක්තර්ගේ කඩුලු දවා ගනිමින් බංග්ලාදේශ මැදපෙළට දැඩි පීඩනයක් එල්ල කළාය.

ඊට අමතරව සුගන්දිකා කුමාරි පන්දුවාර 4කදී ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත් අතර, කවිෂා දිල්හාරි ලකුණු 17කට එක් කඩුල්ලක් සහ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලකුණු 20කට එක් කඩුල්ලක් දවා ගත්හ.

බංග්ලාදේශ ඉනිම ගොඩනැගීමට ප්‍රධාන දායකත්වයක් ලබා දුන්නේ සොබ්හානා මොස්ටාරි ය. ඇය පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟ ලකුණු 34ක් රැස් කළ අතර, දිලාරා අක්තර් පන්දු 26කදී හතරේ පහර 4ක් සමඟ ලකුණු 26ක් ලබා ගත්තාය. ජුවයිරියා ෆර්දෝස් ලකුණු 14ක් සහ ෆහීමා කටුන් ලකුණු 14ක් ලබා ගත්හ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ පාලනය හමුවේ බංග්ලාදේශ පිතිකාරිනියන්ට අවසන් පන්දුවාරවලදී වේගවත් ලකුණු රැස් කිරීමේ අවස්ථාවක් නොලැබුණු අතර, අවසානයේ ඔවුන්ට පන්දුවාර 20 තුළදී රැස්කරගත හැකි වූයේ ලකුණු 114ක් පමණි.

බංග්ලාදේශ ඉනිම ක්‍රියාත්මක වන අතරතුරදී ශ්‍රී ලංකා පන්දු රකින්නියන් අතින් රැක ගත හැකි පහසුම ආකාරයේ උඩ පන්දු කීඵයක් ගිලිහී යෑම නොවන්නට බංග්ලදේශ මීට වඩා අඩුවෙන් නවතාලීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳින්ම හැකියාව තිබිණ.

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී ලකුණු 114 යි – (ඩිලාරා අක්ටර් 26, ජුරයිරා ෆරඩස් 14, සෝභනා මොස්ටරී 34, ෆාටිමා ඛටුන් 14, චමුදි ප්‍ර බෝධා 21/3, සුගන්ධිකා කුමාරි 22/2, චමරි අතපත්තු 20/1, කවීෂා දිල්හාරි 17/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar