slc
logo
Home   |    News
ඔක්තෝබර් 6, 2026
අවසන් පන්දුවේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජය වාර්තා කරති

sinhala editor

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කරමින් පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ සිය ජයග්‍රාහී ගමන ආරම්භ කළේය.

ෆයිසලාබාද්හිදී අද (ඔක්තෝබර් 5) පැවැති තරගයේදී පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 119ක් රැස් කළ අතර, එම ඉලක්කය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී පසුකර යාමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ශ්‍රී ලංකා ඉනිමේ බලාපොරොත්තුව බවට පත්වූ සංජනා කාවින්දි පන්දු 46කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 48ක් රැස් කළාය. ඇයගේ ඉනිම ශ්‍රී ලංකා ජයග්‍රහණයට ශක්තිමත් පදනමක් සැකසූ අතර, ඒ වෙනුවෙන් සංජනා තරගයේ දක්ෂතම ක්‍රීඩිකා සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.

විමෝක්ෂා බාලසූරිය ලකුණු 21ක් රැස් කළ අතර, මනුදි නානායක්කාර ලකුණු 11ක්ද, දනෝද්‍යා සෙව්මිණි නොදැවී ලකුණු 10ක්ද රැස් කළහ.

අවසන් පන්දුවේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 2ක් අවශ්‍ය වූ අවස්ථාවේදී ලිමන්සා තිලකරත්න අවසන් පන්දුවට ලකුණු 2ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට තරගයේ ජය තහවුරු කර දීම විශේෂත්වයක් විය.

බංග්ලාදේශ ඉනිමේදී නායිකා සාදියා ඉස්ලාම් පන්දු 22කදී ලකුණු 39ක් ලබා ගත් අතර, සාදියා අක්තර් ලකුණු 18ක් රැස් කළාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අසේනි තලගුණේ ලකුණු 12කට කඩුලු 2ක් දවාගනිමින් පන්දුවෙන් කැපී පෙනුණු අතර, චමෝදි හේරත්ද ලකුණු 20කට කඩුලු 2ක් දවා ගත්තාය.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම තුන්කොන් තරගාවලියේ ඉදිරි තරග සඳහාද සාර්ථක ආරම්භයක් ලබා ගත්තේය.

ලකුණු සාරාංශය

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – 119/7 (පන්දුවාර 20)
සාදියා ඉස්ලාම් 39, නිෂිතා අක්තර් නිෂි 26, සාදියා අක්තර් 18, ඔචෙනා ජන්නත් 16, චමෝදි හේරත් 20/2, අසේනි තලගුණේ 12/2, දනෝද්‍යා සෙව්මිණි 28/1, ප්‍රමුදි මෙත්සරා 26/1

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – 120/6 (පන්දුවාර 20)
සංජනා කාවින්දි 48, විමෝක්ෂා බාලසූරිය 21, මනුදි නානායක්කාර 11, දනෝද්‍යා සෙව්මිණි 10*, නිෂිතා අක්තර් නිෂි 26/2, ෆර්ජානා එස්මින් 22/1, අෆ්රින් මිම් 19/1

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee