slc
Home   |    News
ජූලි 30, 2019
ගිලිහුණු ක්‍රිකට් අභිමානය යළි පිබිදෙයි

Sri Lanka Cricket

ලෝක  කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග තුනක් ජයගෙන හයවැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඒ උණුසුම මධ්‍යයේම ඊට සති දෙකකට පසු ප්‍රබල බංග්ලාදේශය එක්දින තරගාවලියේ පරාජය කරමින් ශ්‍රී ලංකාව අතීතයේ දිනා සිටි ගෞරවනීය නාමය කරා නැවත සීඝ්‍රයෙන් ළගා වෙන සුබ ලකුණු පහළ කර සිටිති.

ශ්‍රී ලංකාවේදි ටෙස්ට් එක්දින හා 20-20 තරගාවලියකට සහභාගිවීමට ලෝක ක්‍රිකට් අනු සූරයන් වූ නවසීලන්ත කණ්ඩායම ලබන මස (අගෝස්තු 03) වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ලංකා කණ්ඩායමට ඔවුන් සමගද දක්ෂතා දැක්වීමට අවස්ථාව උදාකර ගතහොත් අතීත අභිමානය නැවත උදාවනු නිසැකය.

පසුගිය දිනවල කණ්ඩායමේ ක්‍රීඩකයන් තුළින් දක්ෂතා ලැබුණු විශේෂත්වයක් වූයේ එකමුතුකම සහ සටන්කාමී ක්‍රීඩා විලාශයයි. වසර කිහිපයක්ම එම අංශයන්හි දුර්වලතා දක්නට ලැබුණු අතර නායකත්වයක්ද වරින් වර වෙනස් විණි. ලෝක කුසලානයේ සිට දිමුත් කරුණාරත්නගේ නායකත්වය කණ්ඩායමේ සාර්ථකත්වයට බොහෝ සේ බලපෑ අතර ඒ පිළිබදව දිමුත් ප්‍රකාශ කළේ කළින් ආරවුල්  තිබූ බවට කට කතා පැතිර තිබුණත් දැන් සියයට සියයක්ම හැමගේ සහය තමාට ලැබෙන බවය.

ශ්‍රී ලංකා කණ්ඩායමට මාස 44කට පසුව මව්බිමේදී එක්දින තරගාවලියක් ජය ගැනීමට ඉරිදා (28) අවස්ථාව උදාවූයේ දෙවැනි එක්දින තරගයද ජයගෙන තරග 2-0 කින් බංග්ලාදේශය පරාජය කිරීමෙනි. ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය පැවැත්වූවානම් බංග්ලාදේශය ජය ගැනීමට ඉඩ තිබු බවට ඇතැමුන් කළ ප්‍රකාශයන්ට කදිම පිළිතුරක් වන්නේ ඉන්පසුව පැවැති තරග දෙකෙන්ම ශ්‍රී ලංකාව ලකුණු 91කින් හා කඩුලු හතකින් පහසුවෙන් ජයගැනීම මතය. මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශය වරක් ලකුණු 50කට කඩුලු 4ක්ද තවත් වරක් ලකුණු 117කට කඩුලු හයක්ද දැවී අඩුම සංඛ්‍යාවකට දැවීයන ලකුණු පහළ කළත් හිටපු නායක මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 98ක් ලැබීමෙන් ඔවුනට කඩුලු 8කට ලකුණු 238කට යාමට අවස්ථාව උදාවිණි. රහීම්ට වාසනාවන්ත ක්‍රීඩාංගණයක් වන ප්‍රේමදාස පිටියේදී ඔහු අවසන් වරට නිදහස් කුසලාන තරගාවලියේ දීද ශ්‍රී ලංකාව සමග නොදැවී ශතකයක් ලැබීය. නිතර කතාබහට ළක්වු ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරණය ද දැන් සකස්ව ඇති අතර දෙවන තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 52ක් ද (පන්දු 57 හයේ 2යි හතරේ 7යි) කුසල් මෙන්ඩිස් නොදැවී 41ක් ද ලබා දස්කම් දැක්වූයේ සිව්වන කඩුල්ල නොදැවී ලකුණු 96ක සබදතාවයක් තබාගනිමිනි. ලකුණු 82ක් (පන්දු 75යි හයේ 2යි හතරේ නවයයි) ලබා තර/යේ වීරයා වූ අංක තුන පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු කඩුලු 3කට ලකුණු 242ක් ලබා ගත් ලංකා කණ්ඩායමට වැඩිම දායකත්වය ලබාදුනි.

ෂෙහාන් ජයසූරිය, ඕෂද ප්‍රනාන්දු, දසුන් ශානක, වනිදු හසරංග, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට ඇතුලුවීමට බලාසිටින තවත් ප්‍රබලයෝය. අතීතයේ දී ශ්‍රී ලංකාව ලොවට කීර්තිධර ක්‍රිකට් ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් බිහිකර ඇත. අනාගතයේද වත්මන් කණ්ඩායමෙන් එවැන්නවුන් බිහිවීමට තරම් වත්මන් ක්‍රීඩකයන් ද දක්ෂයන් වනු නිසැකය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest