slc
logo
Home   |    News
ජූලි 18, 2019
මිශාරගේ සුපිරි ඉනිමෙන් කොළඹට පිට පිටම දෙවැනි ජයත්

Sri Lanka Cricket

කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අන්තර් පළාත් වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු ශතක ලාභියා බවට පත් වෙමින් කමිල් මිශාර ක්‍රීඩා කරන ලද ලකුණු 152 ක සුපිරි ඉනිම හේතුවෙන් මහනුවර පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 95 ක  ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම අද (18 දා) සමත්විය.

මෙම තරගාවලිය යටතේ කොළඹ කණ්ඩායම වාර්තා කරන ලද දෙවැනි ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු මෙම තරගයේදී ලකුණු 270 ක ඉලක්කයක් හඹා ගිය මහනුවර කණ්ඩායම පන්දුවාර 38.2 කදී ලකුණු 174 කට සීමා කිරීමට කොළඹ පන්දු යවන්නෝ සමත්වූහ. මහනුවර පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලද පිතිකරුවා බවට ගිහාන් රත්නායක (ලකුණු 49) පත්වද්දී අවිශ්ක තරිඳු (32) සහ දුනිත් ජයතුංග (30) ලකුණු 30 සීමාව ඉක්මවාලූ පිතිකරුවන් බවට පත්වූහ.

කොළඹ පිල වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කළ ආරම්භක පිතිකරු කමිල් මිශාර රැස් කරන ලද ලකුණු 152 සඳහා පන්දු 161 කට පමණක් මුහුණ දුන්නේය. කොළඹ කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කරන මිශාර සිය ඉනිම හයේ පහර 3 කින් සහ තවත් හතරේ පහර 15 කින් වර්ණවත් කර ගත්තේය. මුළුමනින්ම තමන්ගේ තරගයක් බවට පත් කර ගත් මිශාරගේ සුවිශේෂී ඉනිම හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන්ද හේ පිදුම් ලැබීය.

ආරම්භයේ සිටම එතරම් කලබලයක් නොදැක්වූ මිශාර අවස්ථා කීපයකදීම සාර්ථක කඩුලු සම්බන්ධතා පැවැත්වීමට දායකත්වය දැක්වූ අතර ඒ අතරින් අහන් වික්‍රමසිංහ සමග තෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ලකුණු 66 ක සහ චමිඳු විජේසිංහ සමඟ එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 99 ක සම්බන්ධතා කැපී පෙනුණි.

කොළඹ පිලේ පන්දුවට පහර දීමේ සමස්ථයක් ලෙස ගැනීමේදී මිශාරට අමතරව ලකුණු 20 සීමාව ඉක්මවාලීමට සමත් වූයේද අහන් සහ චමිඳු පමණකි. පන්දු 32 කට මුහුණ දුන් අහන් ලකුණු 30 ක්ද පන්දු 42 කට මුහුණ දුන් චමිඳු ලකුණු 29 ක්ද රැස් කළහ. තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ චමිඳු විජේසිංහ පන්දු යවමින් ලකුණු 11 කට කඩුලු 3 ක් දවා ගත්තේය.

මහනුවර කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ ප්‍රබලතම හිස රදය බවට පත් වුණු මිශාර කොළඹ ඉනිමේ 47 වැනි පන්දුවාරයේදී මහනුවර පිලේ වැඩිම කඩුලු ලාභියා වූ රොහාන් සංජයගේ ගොදුරක් ලෙසින් දැවී ගියේය. මිශාරගේ දැවී යෑ‍මෙන් පසු පිටියට පිවිසි වයි. ඒ. ඩී. සඳරුවන්ව ද දවා ගත් රොහාන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමේ අභිමුවට පැමිණියද එය කඩුලු ත්‍රිත්වයක් බවට පත් කර ගැනීමට ඔහු අපොහොසත් විය.

පන්දු යවන්නන්ට අභියෝගයක් වෙමින් පන්දු යැවූ රොහාන් සංජය නියමිත පන්දුවාර 10 අවසනදී ලකුණු 50 කට කඩුලු 4 ක් දවා ගත්තේය. ඔහුට අමතරව කවිඳු නදීෂාන් ලකුණු 46 කට කඩුලු 2 ක් බිඳ හෙළීය.

ලකුණු සාරාංශය

කොළඹ පන්දුවාර 50 කදී ලකුණු 269 යි – (කමිල්මිශාර 152, අහන් වික්‍රමසිංහ 30, චමිඳු විජේසිංහ 29, ඩිල්මින් රත්නායක 10, රොහාන් සංජය 50/2, කවිඳු නදීෂාන් 46/2)

මහනුවර පන්දුවාර 38.2 කදී ලකුණු 174 යි – (ගිහාන් රත්නායක 49, අවිශ්ක තරිඳු 32, දුනිත් ජයතුංග 30, රුවින් පීරිස් 14, චමිඳු විජේසිංහ 11/3, සොනාල් දිනූෂ 20/2)

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee