slc
logo
Home   |    News
අගෝස්තු 27, 2019
ආසියානු කිරුළ දිනා දීමට නිපුන් ධනංජය සමත් වෙයිද…?

Sri Lanka Cricket

සැප්තැම්බර් මස 05 වැනිදා සිට 14 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකත්වය නිපුන් ධනංජයට ලබා දීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ පාසලක් වන වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල නියෝජනය කරනු ලබන නිපුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉකුත්දා පවත්වන ලද වයස අවුරුදු 19 න් පහළ සුපිරි පළාත් තරගාවලියේදී දඹුල්ල පිල මෙහෙයවමින් අනුශූරතාවය දක්වා සිය කණ්ඩායම රැගෙන යෑමට සමත්වූවේය.

වයස අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩයට දක්ෂ ක්‍රීඩකයින් සොයා ගැනිම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද සුපිරි පළාත් තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන ලද කමිල් මිශාර, නිපුන් ධනංජයගේ සහායකයා ලෙසින් නම් කර තිබේ. තරගාවලියේ වීරයා සම්මානයට අමතරව දක්ෂතම පිතිකරු ලෙසින්ද සම්මාන ලද මිශාර කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසින්ද කටයුතු කරන්නේය.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත නම් කරන ලද කණ්ඩායමට බහුතරයක් අත්දැකීම් සහිත ක්‍රීඩකයින් ඇතුළත්ව සිටියදී අහන් වික්‍රමසිංහ, යසිරු රුද්‍රගෝ සහ අම්ෂිද සිල්වා පමණක් වයස අවුරුදු 19 න් පහළ ජාතික කරණ්ඩායමේ පළමුවෙන්ම  එක්ව සිටින ක්‍රීඩකයෝ බවට පත්ව සිටිති. ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න සහ කලමනාකරු ලෙස ෆ්ර්වේස් මහරූෆ් කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් අසියානු ක්‍රිකට් සම්මේලනය විසින් 8 වැනි වරටත් පවත්වනු ලබන මෙවර තරගාවලියට රටවල් 8 ක් සහභාගිවෙති. ඒ අතර ඉකුත් වසරේ ශූරතාව දිනූ ඉන්දියාව සහ 2017 වසරේ ශූරතාව දිනූ ඇෆ්ගනිස්තාන කණ්ඩායම්ද වේ.

අවසන් වතාවේ අනුශූරයින් වූ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම බී කාණ්ඩය යටතේ තරග වදින අතර බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් සහ නේපාලය පළමු වටයේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටියි. ප්‍රබල ඉන්දීය කණ්ඩායම, ඇෆ්ගනිස්තානය,පාකිස්තානය සහ කුවේටය ඒ කාණ්ඩයෙන් තරග වදිනු ඇත.

අවසන් මහ තරගයද ඇතුළුව සමස්ථ තරගාවලියේ තරග 15 ක් ක්‍රියාත්මක මෙම තරගාවලියේ මූලික වටයේ තරග රවුන්ඩ් රොබින් ක්‍රමයට පැවැත්වෙනු ඇත. සී. සී. සී., පී. සරා, කටුනායක මේරියන්ස්, මොරටුව සහ කොළඹ ආර්. ප්‍රේමදාස එම ක්‍රීඩාංගණ වේ. තරගාවලියේ දෙවැනි වටය හෙවත් අවසන් පූර්ව තරග සැප්තැම්බර් 12 වැනිදා කොළඹ පී. සරා සහ මොරටුව ක්‍රීඩාංගණයේදීද අවසන් මහ තරගය ලබන 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීධ පැවැත්වෙනු ඇත.

ඉන්දියාව සහ කුවේට්ත්, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර තරගවලින් මෙවර ආසියානු කුසලාන යොවුන් තරගාවලිය ආරම්භ වන අතර සත්කාරක ශ්‍රී ලංකාව 06 වැනිදා නේපාලය සමඟ පළමු තරගයට ක්‍රීඩා කරනු ඇත.

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන තරග ඉතිහාසයේ මෙතෙක් පවත්වා ඇති තරගාවලි 7 න් එකම වතාවක හෝ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී සිටින අතර ලබා ඇති ඉහළම ජයග්‍රහණය වන්නේ අවස්ථා 4 කදී අනුශූරතාවයට පත්වීමය. ඒ අනුව මෙවර තරගාවලියේදී ප්‍රථම වතාවට ශූරතා කුසලාන ශ්‍රී ලංකාවට දිනා දීමේ හොඳම අවස්ථාවක් නිපුන් ධනංජයට උදාවී තිබේ.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම – නිපුන් ධනංජය (නායක), කමිල් මිශාර (උප නායක සහ කඩුලු රකින්නා), නවෝද් පරණවිතාන, අහන් වික්‍රමසිංහ, අවිශ්ක තරිඳු, රශාන්ත ද සිල්වා, අභිෂේක් කහදූවආරච්චි, රොහාන් සංජය, අශේන් ඩැනියෙල්, සඳුන් මෙන්ඩිස්, කවිඳු නදීශාන්, යසිරු රුද්‍රගු, ඩිල්ෂාන් මධුශංක, චමිඳු විජේසිංහ, අම්ෂී ද සිල්වා.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee